අපට කිසිම අදහසක් නොමැති සීනිවල භයානක ගුණාංග 4 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සීනි අපේ දත්වලට විතරක් නෙවෙයි ඇඟටත් ගොඩක් අහිතකර කෑමක්. තවමත් මේක ගොඩක් අය දන්නෙ නෑ. ඒ වගේම සීනි මගින් ශරීරයට තවත් ගොඩක් අහිතකර බලපෑම් ඇති කරනවා.

ඔන්න අද අපි ඔයාට කියලා දෙන්නෙ ඔයා මෙතෙක් කාලයක් දැනගෙන හිටියෙ නැති, සීනි නිසා ඇතිවෙන භයානක ප්‍රතිඵල හතරක් ගැනයි.

01. සම වයසට යාම වේගවත් කරනවා.

සීනි රුධිරයට ඇතුල් වෙලා සමේ තරුණ බව ඇති කරන කොලජන් හා ඉලාස්ටින් වගේ ප්‍රෝටීන් එක්ක රසායනිකව සම්බන්ධ වෙනවා.

ඊට පස්සෙ මේ ප්‍රෝටීන විනාශ වෙනවා. කොලජන් හා ඉලාස්ටින් විනාශ වීම නිසා සම වියළිලා රැළි වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම සමට හානිකර ද්‍රව්‍ය නිපදවනවා. ඒවා මගින් සම වයසට ‍යාම වේගවත් කරනවා.

02. ඇඟේ දැවිල්ල වැඩි කරනවා.

සීනි මගින් ඔයාගෙ සමේ දැවිල්ල වැඩි කරන නිසා සම මත කුරුලෑ සහ රැළි ඇතිවීම වැඩි වෙනවා. එමගින් ආතරයිටිස් වගේ රෝග හැදෙන්න තියන ඉඩ වැඩි කරනවා.

හෙම්බිරිස්සාවට බෙහෙතක් විදිහට අපි පැණිරස තේ පානය කරනවා. ඒත් සීනි මගින් උගුරේ දැවිල්ල ඇති කරන බැක්ටීරියා වර්ධනය කරනවා. ඒ නිසා මේ සාම්ප්‍රදායික ක්‍රම වලින් හොඳක් වෙන්නෙ නෑ. ඒවා ඇඟට හානිකරයි.

03. හෘද වාහිනී රෝග ඇති කරනවා.

විසිවන සියවස පුරාම වෛද්‍යවරු හිතුවෙ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන මේද පරිභෝජනය අඩු කිරීමෙන් හෘද වාහිනී රෝග ඇතිවෙන එක වළක්වගන්න පුලුවන් කියලයි. සත්ව මේදවලට තරම් සීනි භයානක නෑ කියලයි මිනිසුන් හිතුවෙ. ඒ නිසා එයාලා මේදය තියන ආහාර ගන්න එක අඩු කලාට රසකැවිලි කන එක නම් අඩු කලේ නෑ.

ඒත් 21 වන සියවස වෙනකොට මේ කතාව වෙනස් වුණා. ලඟදි කරපු අධ්‍යයනවලින් හෙළි වුණේ සීනි මගින් කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු ලෙස වැඩි කරන බවයි.

04. ඔයාව පිස්සු වට්ටනවා.

සීනි මානසික අවපීඩනයට හේතු වෙන්න පුලුවන් බවත් අධ්‍යයනවලින් ඔප්පු වෙලා තියනවා. සීනි මගින් ශරීරයේ බී.ඩී.එන්.එෆ් හෝමෝන මට්ටම අඩු කරනවා. බී.ඩී.එන්.එෆ් කියන්නෙ මානසික අවපීඩනය ඇතිවීම වළක්වන හෝමෝනයක්. සීනි නිසා මීයන් වඩාත් මෝඩ ලෙස වැඩුණු බවත් පරීක්ෂණවලින් පෙන්නුම් කලා. ඒ වගේම ඉගෙනීම හා මතකයට උදව් වෙන මොළයේ සෛලවලට සීනි මගින් හානි සිදුවෙනවා.

 

උපුටා ගැනීම: adobe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!