එන්නත විදගත්තොත් නොමිලේ ගංජා ජොයින්ට් එකක් (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබාගන්නා අය වෙනුවෙන් ගංජා සුරුට්ටුවක් නොමිලයේ ලබාදීමට එම ප්‍රන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

ජුලි 12 දා තෙක් කොවිඩ් 19 මර්දන එන්නතේ පළමු හෝ දෙවැනි මාත්‍රාව ලබාගන්නා අය වෙනුවෙන් මෙසේ ගංජා සුරුට්ටුවක් නොමිලයේ ලබාගැනීමට අවස්ථාව ඇති බවයි වොෂින්ටන් ප්‍රාන්තයේ මධ්‍යසාර හා කංසා මණ්ඩලය පැවැසුවේ.

‘එන්නතකට ජොයින්ට් එකක්’ යනුවෙන් ඔවුන් මෙය හඳුන්වා දී තිබෙනවා.

එන්නත ලබාගන්නා අවුරුදු 21 හෝ ඊට වැඩි අය වෙනුවෙන් මෙම ගංජා සුරුට්ටුව ලබා දෙන අතර එන්නත ලබා ගැනීමට පැමිණෙන විට අවසර ලත් ගංජා අලෙවිසලකින් එය නොමිලයේ ලබාගත හැකියි.

එන්නත ලබා ගන්නා පුද්ගලයින් හට බියර්, වයින් හෝ කොක්ටේල් ලබා දීමට ද මීට පෙර ක්‍රියා කර තිබුණා.

එන්නත ලබගැනීම සඳහා ජනතාව උනන්දු කරවීම වෙනුවෙන් මේ ආකාරයේ වැඩසටහන් සංවිධානය කර ඇති අතර තවත් ප්‍රාන්ත කිහිපයකම මෙවැනි දෑ සිදුකරනු නිරීක්ෂණය වනවා

උපුටා ගැනීම: Gossip Lanka News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!