මට අවුරුදු 14 දී විතර දවසක් නිදාගෙන ඉන්නකොට පාන්දර 3ට විතර මට ඇහැරුනා ඒ වෙලාවේ මගේ බඩ හොඳටම රිදෙනවා පස්සේ මගේ ළඟ නිදාගෙන හිටපු මගේ අක්කට මම කතා කරලා කිව්වා මගේ බඩ හොඳටම රිදෙනවා කියලා අක්කා අම්මට කිව්වා අම්මා සාදික්කා ගෙඩියක් දෙහි සඉස්ම දාලා නෑඹිලියේ ගාලා දිය කරල දුන්නා හරි ගියේ නෑ. අඩුවෙන්නෙ නැති පාර වේදනා නාශක පෙති දෙකක් දුන්නා ඒත් අඩු නෑ
ඉතින් උදේ වෙනකන් ඉඳලා අපි ළඟම තිබුණ රෝහලට ගියා O. P. D එකේ වෛද්‍යවරයෙක් ළඟට ගියා එතුමා විස්තර අහලා ඇඳට යන්න කියලා උදරය පරීක්ෂා කරා. කරලා O. P. D එකේ හිටපු අනිත් වෛද්‍යවරුන්ටත් පෙන්නුවා එයාලා සාකච්ඡා කරලා මට කිව්වා මේ ළමයට ඇපේන්ඩිසයිට්ස් තියෙන්නෙ මේ රෝහලේ ශල්‍ය කර්ම පහසුකම් නෑ. ළඟම තියෙන මූලික මහ රෝහලට යන්න කියලා ලියුමක් දුන්නා පුළුවන් තරම් ඉක්මනට උපරේෂන් එක කරන්න ඕන උන්ඩුකපුච්චිය පුපුරන අවස්ථාවට ඉතා ලඟයි කියල කිව්වා
ඒ සැරේ අපි ඒ රෝහලට ගියාම රෝහලේන් අදාල වාට්ටුවට යොමු කරාම ඉතා ඉක්මනින් ඒම වාට්ටුව බාර වෛද්‍යතුමා ශල්‍යකර්මයට මාව යොමු කළා. ඉතිං මේ දේ නම් විශේෂයෙන් ම කියන්න ඕනා ළමයි කොහොමත් හරි බයයි නේ ඉන්ජක්ෂන් කටු වලට මම ඉතින් වැඩියෙනුත් එක්ක බයයි තියටර් එකට අරගෙන ඇදට දැම්මා මම දැන් හෝ ගාලා අඬනවා එයාලා ඉතින් එක එක ප්‍රශ්න අහනවා ඉගෙන ගන්න පන්තිය ඇහුවා මතකයි ඒ අතරේ අතට කැනියුලා ගැහුවා මං ආයෙ අඬනවා ඒ පාර ඇහුවා පවුලේ සහෝදර සහෝදරියෝ ඔය අතරේ අර ලොකු ලයිට් එක මූණට ඇල්ලුවා මට මතක එච්චරයි.
ආයෙ වාට්ටුවට ගේන කොට මට යන්තම් වගේ සිහිය ආවා ඒ එක්කම බඩ පැත්තකින් අධික වේදනාවක් ආවා ඉතින් ආයෙ මට සිහිය එනකොට අම්මයි අක්කයි වාට්ටුවේ. අක්ක කිවුව රෑට මගේ ලඟ එයා ඉන්නවා කියලා අනේ මම ඉන්නවා කියලා. අනේ මම ඉන්නවා. මට දැන් හරි කැක්කුමයි තුවාලෙ මම අඬනවා අක්කා මගේ බඩට අත තියාගෙන යාඥා කරනවා ටිකකින් නුර්ස් කෙනෙක් ආවා මට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න එයා එනකොටම මම අඬන්න ගත්තා. අනේ මාව තව රිද්දන්න එපා කියලා. එයා කිව්වා නෑ ඔයාට රිදෙන්න මේ ඉන්ජක්ෂන් එකට ඔයාට හොඳට නින්ද යයි කියලා මොන……….. නින්දට වඩා කටුවට තියෙන බය ලොකුයිනේ. මම එපාම කියලා හිටියා අනේ නර්සුත් බැරිම තැන ගියා මගේ හා පැත්තෙ හිටපු ගෑනු ළමයි දෙන්නා ගාවට ඒ දෙන්නත් මගේ ඔපරේෂන් එකමයි රෑට ලඟ කවුරුත් හිටියෙත් නෑ. ඒ දෙන්නටම දුන්නා ඉන්ජෙක්ෂන් දැන් රෑ වෙන්න වෙන්න මට වේදනාව මං කෙඳිරි ගගා අඬනවා සැරින් සැරේ වතුර ඉල්ලනවා අක්කා ඉතින් පුලුන් කෑල්ලකින් තොල් දෙක තෙමනවා උදේට සේලයින් ගලවන කොට වතුර වත් දෙන්න එපා කිව්වනේ.
අනේ ඉතිං ගොඩක් අමාරුවෙන් පාන්දර 3 ත් වුණා. මට දැන් තදින්ම මුත්‍රා බරක් කියනවා. අක්කට කිව්වම එයා බෙඩ් පෑන් ඒක තිබ්බා ඒත් මට ඒකෙ ඒ අවශ්‍යතාවය සපුරා ගන්න බෑ. මං කිව්වා මට මෙහෙම බෑ ටොයිලට් එකටම යන්න ඕන කියලා. අක්කත් හං කියලා දැන් මට හිමින් හිමින් ඇඳෙන් නැගිටින්න උදවු කළා. අම්මෝ ටිකක් කෙලින් වෙනකොටම තුවාලයි රිදෙනවා මං අනේ මට බෑ කියලා ආයෙ ඇඳට වැටුන.මං හිතුවා දැන් මේ රිදෙන තරමට මාව සුමානයක් විතර ඇගේම තියලා හොඳ උනාම වෙන්න ඇති ඇඳෙන් බස්සන්නේ මම ඔහොමම ඉන්නවා කියලා ආයෙ බෙඩ් පෑන් එක ට්‍රයි කරා ඒත් බෑ. අක්කා කිව්වා බබා අපි කොහොමහරි නැගිටිමු කියලා මාව ආයෙ එයා ටිකක් කෙලින් කළා ඒ සැරේ නං ටිකක් වැඩිපුර මාව නැගිටුනා මට වේදනාවට ටිකක් හයියෙන් කෑ ගැහුනා. මම හිටියේ ඒ වාට්ටුවේ කෙළවරේම අවසාන ඇඳේ නර්ස්ලා ගේ රෙස්ට් රූම් එක එතැනමයි. මගේ කෑගැහිල්ලට නර්ස් කෙනෙක් දුවගෙන ආවා ඇයි කියලා අක්කගෙන් ඇහුවම එයා කිව්වම විස්තරේ අනේ ඒ කරුණාවන්ත නර්ස් ඇන්ටි ආයෙත් උත්සාහ කරා මට උදව් කරන්න බැරි තැන එයා කිව්වා දරුවො ඔයා දැන් ඇඳෙන් බැහැලා යමු බයවෙන්න එපා මම ඔයාට නැගිටින්න උදව් කරන්නම් කොහොමත් හෙට උදේට ඩොක්ටර් උන්ට ආවම ඔයාලව ඇඳෙන් බස්සලා ඇවිද්දවනවා කියලා. මට තරු පෙනුනා අම්මෝ කොහොම ඇවිදින්ද මෙච්චර රිදෙනකොට කියලා එහෙම කියලා එයා අක්කට කිව්වා ඔයත් මෙයාව එක පැත්තකින් අල්ලන්න කියලා එයා අනිත් පැත්තෙන් පිටට යටින් අත දාලා මාව කෙලින් කරේ නැද්ද අනේ අම්මෝ…………. ඒක නම් මේ මල පාන්දර මම නිකං රීරි යකා කෑගහගෙන නැගිට්ටා වගේ යට ගිරියෙන් වාට්ටුවේ උළු උඩ යන්න කෑගහගෙන නැගිට්ටා එවෙලෙ වාට්ටුවේ සේරමලා නිදි ලයිටුත් නිවලා එහෙම නැගිටපු මාව අර නර්ස් ඇන්ටි අක්කගෙ අතර සේලයින් එකක් දීලා කිව්වා දැන් ගිහින් එන්න කියලා.
ඉතින් ඔය ජරමර ඉවර කරලා මාව ඇඳෙන් දාලා අක්කත් උදේ 6ට විතර මූණ හෝදන්න ගිහින් වාට්ටුවට ඉවර කරලා මාව ඇඳෙන් දාලා අක්කත් උදේ 6 ට විතර මූණ හෝදන්න ගිහින් වාට්ටුවට ඇතුල් වෙනකොට වාට්ටුවේ මුල හරියේ හිටපු ඇන්ටි කෙනෙක් අක්කා ව නවත්තන්න ඇහුවලු අනේ දු වාර වාට්ටුවේ කෙලවරේම ඇඳේ හිටපු ලෙඩක් අද පාන්දර මැරුණද කොහෙද නේද පව් කියලා අක්කා ඇහුවලු ඇයි එහෙම කියන්නේ කියලා එතකොට කිව්වලු නෑ ඒ ලෙඩ ලග හිටපු කෙනා ද කොහෙද පාන්දර කෑ ගහලා ඇඬුවා කිව්වා අක්කට ඉතින් දෙන්න උත්තර නැතුව ආවලු එතකොටම අම්මත් ආවා අක්කා අම්මටත් කිව්වා මට දැන් හොඳටම හිනා හිනා වෙන්නත් බැහැ තුවාලෙ රිදෙනවා කොහොම හරි දවස් තුනෙන් ඉස්පිරිතාලෙන් ටිකට් කපලා ගෙදර ආවා
මැහුම් කපන්න ගියා ප්රිවට් ඩොක්ටෙර් කෙනෙක් ලඟට උණ්ඩුකපුච්චිය ඉදිමිලා තිබිලා හැර වත් ගොඩක් පිරිලා තිබිලා නිසා ටිකක් දිග කැපුමක් තිබුණා මැහුම එක පැත්තකින් ගැටේ කපල අනිත් පැත්ත ගැටෙන් අල්ලලා නූල ඇදලා කැපුවේ මම ඉතින් අපරාදේ කියන්න බෑ නූල අදින කම්ම ලෝබ නැතුව හයියෙන් කට ඇරලා වොය්ස් ට්‍රේන් කළා මැහුම කපල ඩොක්ටර් අම්මා දිහා බලලා කියනවා බෙහෙත් ගන්න ආපු ලෙඩ්ඩු සේරම මේ කෑගැහිල්ලට බයවෙලා දුවන්න ඇති කියලා. මං ඉතින් මම නෙවෙයි කෑ ගැහුවේ වගේ හිනා වෙලා ගෙදර ආවා ඉතින් මට රිදුනා නේ හිතලා කෑගහනවා නෙවෙයි කෑ ගැහෙනවා නේ අය්යෝ
උපුටා ගැනීම: Leesa Nilanth