මම ඉතාමත් ආසා කරන සිංහල සින්දු වක් අල්ලපු ගෙදර දෙසින් ඇසේ .අල්ලපු ගෙදර අක්කා , අයියා කල වරද කට ඔහු ටත් ඔහු ගෙ කිරි කෑ මුත්තා දක්වා හත්මුතු පරම්පරාවට බැන වදින නිසා මට එය හොඳින් අසා ගැනීමට නොහැකි විය.
අල්ල්පු ගෙදර අයියා මම වගේ නොව
ඌ ගැනිට බයය. ඒ බව බොහෝ දෙනා දන්නා අතර සමාජ මෙහෙවරක් ලෙස මාගේ බිරිඳ නොදන්නා අයට එය හොඳින් පහදා දිම කරන්නෙ නිර්ලෝභී වය.
මා සමග ගොස් මදුවිත බිදක් තොල ගා ඒමට අල්ල්පු ගමේ ලැන්ටියාගේ ස්පොට් එකට යමුද දැයි මා ඊයේ විමසා සිටි අවස්ථාවේ (හොරෙන් ) ඔහු පවසා සිටියේ නොනා ගෙන් අසා කියන්ම් කියලා ය.
අනේ බොගේ අම්මා………
.
ට……………….උදයේ හවස මල් තියලා වැදපන් යැයි පවසන මා නිවස බලා එන්නේ මයිත්රි පෙර දැරි සිතිනි .
බොහෝ කල කට පසු සංචාරන සීමා ඉවත් කලේ ඊයේ යි .අපරාදෙ ලැන්ටියාගේ ස්පොට් එකට ගියා නම් සිත් සේ ඉතා ප්රනීත පලතුරු දමා සාදන ලද මදුවිත පානය කර අප කැමති ම ප්රභේදයකින් කොරොනා වයිරසය ද ගෙන ගෙදර එමට තිබූ අවස්ථාව මග හැරිනි.(කිසුදු වගාවක් නොකර න ඌ යූරියා පොහොර මිල දැමිම සම්බන්ධයෙන් බැනවදින්නේ ඇයි ද කියා මා දන්නේ නැත .)
අල්ලපු ගෙදර උගේ නොනා ට කියනවා ට වඩා මගෙ නෝනා ට කියනවා හොඳ ය.
මොකද මගෙ නොනා පලා ශුද්ධ කරන්නේ ත් පොල් ගාන්නෙත්, අල්ලපු ගෙදර අක්කා වලං හෝදන්නෙත් , ලූනු කපන්නෙත් වැට මායිමේ සිටය.
නිවස් දෙකේම ඒ සදහා පහසුකම් ඇතත් ඔවුන් දෙදෙනාට දෙදෙනා නොදැක බැරිය.
පහල වෙල ලග එලවලු කඩේ සීටින් අය්යාත් ටවුමේ රෙදි පිලි කඩයක වැඩ ට යන මාලාගෙ කෙල්ල නිරංජලා අතර ඇති ලූනු සම්බන්යෙ( අනියන්) සිට දකුනු සයිබිරියාවේ ගොවිපලක අයිතිකරුගේ බිරිඳ ලමයි ගෙන යාමට පාසලට අදින වයසට නොගැලපෙන ඇදුම් මොස්තරය දක්වා විවේචනයට බදුන් කරන්නේ
මෙතැන් සිටයි .
රේඩියෝ වේ හඩ නැවතුනි.අනේ මටත් රෙඩියොවක් තිබූනා නම් …..(පුලුවන් කෙනෙකු මට එකක් අරන් දෙන්න .) නිදහසේ සිංදුවක් අසා නොනා ගෙ කන් කරච්චලයෙන් බෙරී සිටිමට හැකිවන .එහෙත් අසන්නන්ගෙ ඉල්ලිම් වැඩ සටහනකට දුරකථන ඇමතුමක් දි සිටින අවස්ථාවේ “කෞද ඔය ගෑනි කෝ මටත් දෙනවා ඔකිට දෙකක් කතා කරන්න” යැයි පවසා ඊශ්රායලය පලස්තීනුවන් ට එල්ල කරන අකාරයට මගෙ බිරිඳ යම්කිසි තැනකට පහරක් එල්ල කලාය . (මැරුවත් තැන නොකියම් ) මගෙ මිනිහත් එක්ක මොකද කිචි බිචි ගගා කතා කරන්නේ….ආදි ලෙස නිවේදිකාවට දරුනු වාග් ප්රහාරයක් එල්ල කල ඇය
එතැනින් නොනැවතී රේඩියෝ වද පොලවටම සමතලා කර අසල තිබූ වංගෙඩියටද පා පහරක් එල්ල කර සතුටු සිතින් පිට ව ගියා ය.
තවත් සින්දු වක් උඩහ ගෙදර උක්කුං අයියා ගේ ගෙදර දෙසින් ඇසේ .මම එදෙස ට මගෙ ඇන්ටනාව යොමු කලෙමි.
නොබලන් කුමරිය අබලන් මා දෙස වපර ඔබේ ..දෙනෙතින් ….. .මීට මාස කිපයකට පෙර බිරිඳ විසින් එල්ල කල මෝල්ගස් පහර ලබා අත් වාරුවකින් එහාට මෙහාට යන උක්කුං අයියා ගේ හඩ යි ඒ.
ඔහුට එසේ පහර දුන්නෙ ඇයි දැයි මා විසින් අසන විට ඇය විසින් පවසා සිටියේ එවේලේ ඇය වංගෙඩිය ඉස්සීමට උත්සාහයක් ගත්බවත් එය බර නිසා එහෙම නොකල බවත් ය.
මොනවා කලත් ඈ මට ආදරය කලේය .
ඇගේ හැටි එහෙම ය. මගේ නම සැමී කේශර (කොහොමද ගැම්ම) වන අතර ඉතාමත් අහින්සක මා හට ගමේ කවුරුත් පවසන්නේ සැමියා කියලා ය.
දිනක් ගමේ ප්රජා ශාලාවේ පැවති පවුල් සැලසුම් වැඩ සටහනකදි කොලබින් පැමිණ සිටි උපදෙශිකාව පවසා ඇත්තේ පවුල් සැලසුම් ක්රමය ට කැමති කාන්තා වන් අත උස්සා තමන්ගේ කැමැත්ත පවසා සිටින ලෙසයි .එහි දි සියලු දෙනා ම පාහේ අත උස්සා කැමැත්ත ප්රකාශ කර ඇත.
තව දුරටත් කතා කර ඇය මෙය තනි කැමැත්ත මත කල නොහැකි නිසා අද රාත්රි කාලයේදී සැමියා සමග කතා කර ඔහුගේ කැමැත්ත ද ගන්නා ලෙස ප්රකාශ කර ඇත .
හැපින්නක ලෙස කිපුනු මගෙ බිරිඳ වහාම නැගි සිට “ඇයි නොනේ මගෙ මිනිහාටම කියන්නේ අනිත් වුන්ට උන්ගේ මිනිස්සු නැත්දයි ” .ඔනෑ එපා ඔක්කොම එයා ටම කියන්නේ ” කියා කෝපයෙන් පවසා ඇත.
ඇත්තටම මම අද ආවේ ගුනේරිස් මාමාගේ කතා කිහිපයක් ඔබ හමුවේ කොටා දැමීමට වුවත් ඊට පෙර කතාව දික්ගැස්සිනි.අනික පෙරේදා රාත්රි කාලයේ දි මගෙ සුරතල් දුව(සෙනුදි ) අතින් මාගේ ජංගම යා බිමට වැටි ජංගම යේ ඩිස්ප්ලේ රාජයා බිදිනි. (සැබැවින්ම වූ සිදුවීමකි .) එය හොඳින් නොපෙනෙන නිසා අකුරු කොටන්නනේ අමාරුවෙන් ය.
නමුත් ඔබට වු පොරොන්දුව ඉස්ටකරන්නම් .මම කාගේත් සිත් නොරිදවන අයෙක්මි.
මා පෙම් කරනා කාලයේ පෙම්වතිය ගේ ගෙදර ට ගිය දිනයක දාරානිපාත වැස්සක් ඇද හැලුනි …මේ අවස්ථාවේ මට කතා කල ඇයගේ මව පවසා සිටියේ “අපෙ ගෙදර ඉතින් පිරිමි කෙනෙක් නැති නිසා පුතා ට අදින්න දෙන්න සරමක් වත් නැහැ නේ නැත්නම් ඉතින් අද රෑට මෙහේ ඉදලා 
(ඉස්සරහ කාමරයේ ) වැස්ස පායපු පසු යන්න පුලුවන් කියාය .මට ඇය ගැන දුක සිතිනි .මහ අනෝරා වැස්සේම කිලෝමීටර් 3 දුරින් පිහිටි මගේ නිවසට පුස් බයිසිකලය පෑගු මම සරමක් ගෙන නැවත එහි නවාතැන් ගැනීමට පැමිනි යේ පෙම්වතිය ගේ මවගේ සිත පාරන්නට බැරි නිසා මිස වෙන මොකවත් නිසා නොවේ.


ඇයගේ මල් මල් චීත්තයේ ඇති තුත්තිරි ගලවා දෙන ලෙස (මේ ගෑනි කොහෙ ගිහින්ද දන්නේ නැහැ ) බිරිඳ මගෙන් ඉල්ලා අද ට දවස් දෙකකි.එය අද නොකර සිටියහොත් හෙට කතා ලියනවා බොරු ය.
සමාව භාජනය කට දමා දැනට මෙය කියවන්න.ඉඩක් ලද විගස අද හෝ හෙට ගුනේරිස් මාමාගේ හෝ මගේ කතාවකි න් එන්නම් .මගෙ කතා වලට කැමති නම් ඔබගේ වටිනා චන්දය කොමෙන්ටු වක් ලෙස දමන්න .( අන්න අන්න දැක්කද ……කියවලා සද්ද නැතිව යනවා. ඔව් ඔව් ඔයා ට තමා කිව්වේ.) ජයවේවා .
උපුටා ගැනීම: Sudath Jayantha