බත් වලද (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“පුතේ මම තව ටිකකින් එනවා, පුළුවන් නං හාල් ටිකක් ලිපේ තියන්න” මෙසේ දුරකතනයට ඇමතූ මාමා කිවේ අක්කාටය.
කෙටි කාලයක් අප නිවසේ තාවකාලිකව නැවතී සිටි මාමා කොහේදෝ ගොස් නැවත එද්දී, එදින අම්මා ගෙදර නොසිටි බැවින් , ඉක්මනට කෑමේ අවශ්යතාවය දැනුනු නිසා අපට කිවේ බත උයා තබන ලෙසයි. ඉවීමට වෙනත් එළවලු නොමැති නිසා මාම ඒවා රැගෙන පැමිණ උයනු ඇත. දිගු කලක් තනියෙන් ජීවත් වූ මාමාට ඉවීම යනු මහ දෙයක් නොවේ.
මෙය ඇසු පහළොස් වියේ පසුවූ අක්කා බිරාන්ත වුයේ බත් ගිලීමට මිස ඉවීමට නොදන්නා නිසාය. මාගේ තත්වයද එසේම විය. වෙනසකට වුයේ අක්කාට වඩා වැඩියෙන් බත් ගිලීමට මට තිබු හැකියාවයි. මාමාගේ ඉල්ලීමට අක්කා “හා” කිවේ කට කියවන්නෙකු වූ මාමා පිරිසක් ඉදිරියේ අක්කා තවම බතක්වත් ඉවීමට නොදන්නා කෙනෙකු කිවහොත් ඇතිවන ලැජ්ජාවෙන් ගලවිමටයි. මම කොච්චර බෑ කීවද, මට සිදු වුයේ ළිප ගිණි අවිලිමටයි. පත්තුවක් සැදීමට මාන බලන වේද රාළ කෙනෙකු මෙන් අක්කා වැඩේට බැස්සාය. දැන් මෙන් නොව මුලුන්ම ඇත්තේ හාල් ගැරිමයි. අක්කාට හාල් ගරා පුරුද්දක් නැති මුත් අම්මා හාල් ගරනවා දැක ඒ අයුරින් නැබිලියක් ගෙන හාල් ගැරිය. අක්කගේ වාසනාවට අවසානයේ නෑබිලියේ ඉතුරු වූ එකදු ගලක්වත් නැත. කොහේ හෝ හාල් ගැරිල්ල වැරදුණා යයි සිතු අක්කා මට හාල් ගැරීමට අණ කළාය. කවදත් අක්කාට බය වූ මම, මේ වදෙන් බේරෙන්නට හාල් ගරාගන ගරාගෙන ගියෙමි. මගේ තත්වය වෙනසක් නොවිය. අපගේ හාල් ගැරීමේ දක්ෂතාවයට නැබිලියේ ගල් වැලි ඉතුරු වී නැත. එහෙත් ගරා අවසන් කල හාල් වල නං කුඩා ගල් කැට දැකිය හැකි විය.
හාල් ගැරීම (අ)සාර්ථකව අවසන් කල අප, දෙවනුව කලේ වතුර දමා හාල් ලිපේ තැබීමයි. අක්කා පණ්ඩිත සුපවෙදියෙකු ගේ මුහුණක් මවාගෙන බත් වලද ලිප තැබිය. වළදේ ප්රමාණයට වඩා හාල් දමා වැඩි බැවින්, මද වෙලාවකින් වලදම පිරි ඉතිරි ගිය අතර, පියනද ඔසවාගෙන බත් ඉතිරෙන්නට විය, හැදී මිට දමා කරකවද්දී බත් ලිපට හැලිනි. ටිකකින් කර ගද එද්දී අපේ මංගල බත ඉදෙන්නටද පෙර අත හැර දැමීමට සිදු විය. ලිපට පිබ හොදටම හති වැටී සිටි මට වැඩේ අත් ඇරීමට උවමනා උවද අක්කාගෙන් ගැලවීමක් නැත. අක්කා හාල් මල්ලට අත දමා නැවතත් පෙර අත්දැකීමෙන් උගත් දෑ සිහි කොට පෙර මෙන් නොව, වඩා අඩු ප්රමාණයක් හාල් ගත් අක්කා නැවතත් ලිප තැබිය. භුමිතෙල්ද අවසන්වී සිටි නිසා මම මකරෙකු මෙන් දිගටම ලිපට ගිනි පිඹීමේ නිරත වී සිටියෙමි. මෙවර අනෙකකි, වතුර මදිවි බත පිච්චේන්නට විය. අක්කා වතුර ඉවර වෙන විට නැවත නැවතත් කෝප්පයක් ගෙන බතට වතුර වක්කරයි. අවසානයේ ඉතුරු වුයේ පිච්චි ගිය බේරී වූ බතකි. එයත් කෑමට නොහැකි බැවින් ඉවත් කිරීමට විය. මම වලන් දෙකේම බත් ගෙන කුණු දමන බාජනයට දමනු දුටු අක්කා මා වැළකිය.
“එපා එපා මාම දකී, ලැජ්ජාවේ පන යයි “
එවිට මම
“එහෙනං කුණු ගොඩටම ගිහින් දාන්නද ?”
අක්කා එයටද එකග නැත.
“එපා ලගින් යද්දී වැරදිලාවත් දැක්කොත් ? මගේ පටි රෝල් “
වැඩේ එපාවූ මම “එහෙනං මොකද කරන්නේ ?”
මෙවිට අක්කා
“කාමරෙන් උදැල්ල අරං ගිහින් වත්ත පහල වලක් කපලා වල දාන්න”
අක්කාට ඇති මොලය මට නැත. ගෑනුන්ට කොහොමත් වැරදි වසාගැනීමට උපතින්ම මොළයේ කපටි තැනක් පිහිටා ඇත. මෙය එයට අපූරුම නිදසුනකි.
උදැල්ල ගෙන මිණී දෙකක් වලලාන්නක් මෙන් ගැඹුරුවලවල් දෙකක් කැපූ මම, බත් දමා වලවල් වසා දැමුයෙමි. මේ අතර අක්කා තුන් වෙනි බත් වලදද ලිප තබා ඇති බව පැවසු හෙයින්, එම බතේද ඉරණම අනුමාණ කල මම, එයටත් තවත් වළක් කපා සුදානම් කර ගෙට ගියෙමි. මද වෙලාවකින් මාම ගොඩ වැදුනේ එම බතද වලපල්ලට යාමට ඔන්න මෙන්න කියා තිබියදීය. උප්පරවැට්ටි යෙදු මාමාට එම බත යථා තත්වයට ගැනීමට හැකි විය. කෙසේ වුවද එම බතේ ලොකු වැරදීමක් සිදුවී නොතිබුණි. මාමා බයේ දැගලුවේ කර ගද දැනී බත පිච්චෙනවා යයි අනුමාන කල නිසාය. ඇත්ත නම් ඒ කර ගද මේ බතෙන් ආවක් නොව පෙර වැරදුනු බත් වල ඉතුරු වූ කර ගදයි.
අක්කා කෙසේ හෝ ජාමේ බේරාගැනීමට සමත් විය
පසුව අම්මා කී පරිදි, සාර්ථක බතක් ඉවීමට මග නම් නම් , හාල් උසට වළදේ වතුර තැබීමේ න්යායයි.
උපුටා ගැනීම: Sajith Karunaratne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!