කොන්ගොවේ වනසතුන්ගේ පිංතාලය – කාන්තාරයේ වනසතුන්ගේ පිපාසය සිඳින මිනිසා (චරිත)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කාන්තාරවල ජීවත්වන සතුන් බොහොමයක් ජල හිඟ තාවයෙන් පීඩා විඳිනවා.මිනිසා වුවත් සත්ත්වයෙකු වුවත් ආහාර නොමැතිව සිටියත් ජලය නැතිව සිටිය නොහැක.ජල පිපාසය මිනිසුන්ට වගේම සත්තුන්ටත් එකවගේ දැනෙනවා. එසේ සත්තුන්ගේ ජල පිපාසය තේරුම් ගත් කාරුණික මිනිසෙක් කෙන්යාවේ ඉන්නවා.

පැට්‍රික් ම්ලුවාය

ඔහු නමින් පැට්‍රික් ම්ලුවාය. කෙන්යාවේ ජල රජු නමින් ඔහුව හඳුවන්නේ ඔහුගේ මේ සත් ක්‍රියාව නිසවෙනි. මොහු උපත ලබන්නේ ටයිටා ප්‍රාන්තයේ ගම්මනයකයි. එම ගම්මානය වනජීවී උද්‍යාන, අභයභූමි, ගොවිපළවල් ඇති ප්‍රදේශයකි. කුඩා කාලයේ සිටම පාසල් යන විට පවා මොහුට ඔහුගේ පියාගේ ගවයන් රැක බලා ගැනීමේ දී අලි ඇතුන්, සිංහයන්, මී හරකුන් වන සතුන් සමග සමීප වීමට අවස්ථාව ලැබිණි. සිය උසස් අධ්‍යාපනයෙන් අනතුරුව පැට්‍රික් සත්ත්ව සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ පුහුණුවක් සම්පුර්ණ කරා. පසුව ප්‍රජා නිළධාරියෙකු ලෙස සංරක්ෂණ අංවිධානය වැඩ කටයුතු සිදු කරනු ලැබුවා.

OLYMPUS DIGITAL CAMERA

පැට්‍රික් යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටින්නෙක් නොවේ. ඔහු ඇවිදින්නේ මදක් කොර ගසමිනි. අට අවුරුද්දක් තිස්සේ ඔහු වකුගඩු රෝගයකින් පීඩා විඳිනවා.කෙසේ වෙතත් ඔහු මෙම උතුම් ගුණ යහපත් ක්‍රියාව සිදු කරන්නේ ඔහුගේම මුදල් වලිනි. පුරා වසර 5 ක් ඔහු දැන් මේ සත් කාර්යයයේ නියැළෙනවා. කාන්තාරයේ වෙසෙන සතුන් වැසි නැති සමයේදී පිපාසාව නිවාගන්නේ, ජලාශයකට පිරෙන ඔහුගේ ජල බවුසරයෙනි. පැට්‍රික් මෙසේ ජලය සැපයීම සිදු කරන්නට මුල් වූ ආරම්භය සිදුවූයේ මෙසේයි.

කතාව ඇරඹෙන්නේ නම් මෙයට වසර 5 කට පෙරයි. පැට්‍රික් දිනපතා වැඩට යන්නේ කාන්තාරබද පෙදෙසක් හරහයි. දිනක් එසේ වැඩට යමින් සිටින අතර ඔහු දුටුවේ පිපාසාව නිසා බිම ඇද වැටී මිය යන්නට ආසන්නව සිටි කුළු මීමෙකි. හිරු රැසින් පිච්චෙන කාන්තාරය මැද සතා අසරණව වැටී සිට තිබෙනවා. ඒ කාන්තාරබද පාර ඔස්සේ දිනපතා යන්නේ පැට්‍රික් පමණක් නොවේ. එනමුදු අනික් මිනිසුන්ට වඩා කාරුණික හදවතක් ඇති මොහු වෙනස් මගක් ගනු ලැබීය. ඔහු එතැන නතර වී සතාට පිපාසයට ජලය දී, එතෙකින් නොනැවතී තවත් මෙවැනි සතුන් කාන්තාරය තුළ කොතරම් නම් සිටිනවා විය යුතුදැයි සොයා බලනු ලැබීය.

කෙන්යාව අද වන විට දේශගුණික වෙනස්කම්වල අයහපත් ප්‍රතිඵල බුක්ති විඳිමින් සිටියි. කෙන්යාවේ සුරැකී තිබූ ජල උල්පත් වේගයෙන් සිඳී ගොස් ඇත. ගංගා ද අතුරුදන් වෙමින් ඇත.

පැට්‍රික් කියන විදිහට ඔහු කුඩා කාලයේ නිතරම වැසි ඇති වුවත් දැන්නම් බොහෝ දුරට වැස්ස හිඟ බවයි. එහෙත් වැස්ස නැතිකමෙන් සතුන් මැරෙන්න කිසිවිටකත් ඉඩ නොදෙන බවත් ඔහු තරයේම පවසනවා. සත්තුන්ටත් ජීවත් වීමේ අයිතිය ඇති බව ඔහු තව දුරටත් පවසනවා. කාලගුණික රටාවන් පෙර අනාවැකි කිව නොහැකි ලෙසට වේගයෙන් වෙනස් වි ඇත. වතුර ලීටර දස දහසක් සමග කිලෝමීටර සියයක් ගමන් ඇරඹන්නට ඔහු පටන් ගත්තේ සත්ත්වයින් වෙනුවෙන්මයි.

කැලයේ සතුන් වෙනුවෙන් ජලය ලබා දීම

ඔහු ළඟ ඉතිරිකරගත් මුදලක් විය. ඔහු බවුසරයක් කුලියට ගෙන එහි මිරිදිය ජලය පුරවාගෙන ඉන්පසු එය කාන්තාරය මැදට ගෙන ගොස් වියැලී ගිය ජලාශයකට එහි වූ ජල කඳ හැලනු ලැබීය. ඉඩෝර කාලයට එක දිනක්වත් නෑර ඔහු මෙය සිදු කරන්නට කටයුතු කලා. ඔහු වතුර ලීටර දස දහසක් ගෙන නිවසේ සිට කිලෝමීටර 100 ක් දුරට රිය පදවාගෙන යයි. ඉන්පසු තනිවම, සද්දන්ත හෝස් බටවලින් ඔහු ජලාශය පුරවයි. එක ගමනකට ඔහුට ඩොලර් 100 ක් වැයවෙනවා. නමුත් ඔහු මුදල් ගැන සිතන්නේ නැත. ඔහු සිතන්නේ වැයවන මුදලට වඩා පිපාසය සංසිඳවා ගන්නා සතුන් ගැනයි. ඔහු එයින් ලබන්නේ නිහඬ සතුටකි. සැනසීමකි.

මුලින් වන සතුන් ඔහු දෙස බැලුවේ සැක මුසුව ය. මනුසතා විශ්වාස කළ නොහැකි නිසාවෙනි.

ඔබට සතුන් වෙනුවෙන් මොළය හෝ යමක් මොනයම් හෝ යමක් කළ හැකියි. නැතිනම් එතනින් අහක බලා ගෙන යා හැකියි. ඔබට කළ හැක්කේ් මේ දෙයාකාරයෙන් එකක් බව පැට්‍රික් පවසනවා.

දිනපතා මෙසේ කරන විට සත්තු ඔහු ගැන විශ්වාසය තබන්නට පටන් අරන් තිබෙනවා. අප්‍රිකානු අලි, කුළුමීමන්, චීටාවන්, අනතුරුදායක හිපෝ පමණක් නොව හයිනාවෝ ද පැට්‍රික්ගෙන් වතුර බොන්නට ආවා. වන සතුන්ට මැදි ව සිටියදී පැට්‍රික්ට මුලින් බය සිතුනත්,  නමුත් කාලයත් සමග සතුන් පැට්‍රික් ව තේරුම්ගෙන ඇත. ඉඩෝර සමයේදී සිය සියලු ඉතුරු මුදල්  වියදම් කරගනිමින් මොහු මේ කරන්නේ මහඟු සත් ක්‍රියාවකි. අවුරුදු පහක් යනු සුළුපටු කාලයක් නොවේ. නමුත් මේ වසරේදී ද කෙන්යාවේ ඉඩෝර සමය තුල පැට්‍රික් එදා මෙන්ම අදත් වන සතුන්ගේ පිපාසය නිවමින් සිටියි.

කෙතරම් රෝගී තත්වයකින් පෙලුනත් ඔහුට කිසි පීඩාවක් ගෙන නොදෙන්නේ ස්වාභාව ධර්මය පවා ඔහුව ආශිර්වාද කරන නිසාවෙනි. ඔහුව සුරකින නිසාවනි. සතුන්ගෙන් වුවත් ඔහුට අනතුරක් සිදු නොවූයේ ඔහුගේ සිතුවිල්ල යහපත් නිසාවෙනි. යහපත් සිතුවිල්ලෙන් කරන යහපත් ක්‍රියාවන්හි ප්‍රතිඵල යළි ඔබ වෙතටම ළගා වේ.

සතුන් වෙනුවෙන් අනුකම්පා කරන මිනිසුන් හරිම අඩුයි. එවැනි මිනිසුන් අතර පැට්‍රික් ශ්‍රේෂ්ට පුද්ගලයෙක් යැයි කියන්න පුලුවන්.

ගුණ නොවැයෙන නමුත් සැබෑ විරුවන් වන්නේ මෙවැනි කාරුණික මිනිසුන්මයි.

 උපුටා ගැනීම:   De Mel
Candidate Student of Diploma in Mass Communication
University of Kelaniya

          The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!