වැරදි රෝග විනිශ්චය, බරපතල තුවාල හෝ මරණයට පවා හේතු වෙන බව අධ්‍යයනවලින් හොයාගෙන තියනවා. මේවායින් සමහර තත්වවලට හේතු වෙන්නෙ රෝගීන්ගේ වැරදි. ඒ නිසා වෛද්‍යවරයා වෙත යනකොට, නොකළ යුතු දේවල් ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.
රෝග විනිශ්චය කිරීමේ වැරැදි වළක්වා ගැනීමට හා නිරෝගීව සිටීමට ඔයාට උදව් වෙන ගොඩක් වටින තොරතුරු කිහිපයක් ගැන ඔයාව දැනුවත් කරන්න අපි හිතුවෙ ඒ නිසයි.
01. චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට කලින් නියපොතුවල කියුටෙක්ස් ඉවත් කරන්න.
චර්ම රෝග විශේෂඥයන් රෝග 3,000 කට වැඩි ගණනකට ප්‍රතිකාර කරනවා. සම්පූර්ණ පරීක්ෂණයකදී වෛද්‍යවරයා ඔයාගෙ සම වගේම නියපොතුත් පරීක්ෂා කරනවා. සාමාන්‍යයෙන් ගොඩක් දිලීර ආසාදන නියපොතුවල ඇතිවෙනවා. ඒ නිසා ඔයාගෙ නියපොතු වල ස්වාභාවික තත්වය වෛද්‍යවරයා දකින එක ගොඩක් වැදගත්.
ඒ විතරක් නෙවෙයි, නියපොතු වල සිදුවෙන ඕනම වෙනස්කමකින් ශරීරයේ තියන වෙනත් අවයවවල රෝග පෙන්නුම් කරනවා. ඒ නිසා නියපොතුවල පැහැදිලි වෙනසක් දකින්න ලැබෙනවද කියලත් නිතරම අවධානයෙන් ඉන්න.
02. කොලෙස්ටරෝල් පරීක්ෂණයකට පෙර මත්පැන් පානය කරන්න එපා.
බියර් සහ ස්පීතුවල කොලෙස්ටරෝල් නැති වුණත්, ඒවායේ සීනි විශාල ප්‍රමාණයක් වගේම කාබෝහයිඩ්රේට් වැඩි ප්‍රමාණයකුත් අඩංගු වෙනවා. එමඟින් ශරීරයේ කොලෙස්ටරෝල් ගොඩාක් වැඩි කරන්න පුලුවන්. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් කොලෙස්ටරෝල් මට්ටම යථා තත්ත්වයට වෙනවා. හැබැයි වෛද්‍ය පරීක්ෂණවලින් වැරදි ප්‍රතිඵල ලබාදෙන්න මේක හේතු වෙනවා.
03. මුත්‍රා පරීක්ෂණයකට පෙර අධික පිපාසයකින් ඉන්න එපා.
මිනිස් මුත්රාවල 99% ක්ම තියෙන්නෙ ජලය. ඉතිරි 1% සමන්විත වෙන්නෙ පර්යේෂණ සඳහා භාවිතා කරන අම්ලය, ඇමෝනියා, හෝමෝන, මැරුණු රුධිර සෛල, ප්‍රෝටීන් සහ වෙනත් ද්‍රව්‍ය වලින්. ඉතින් මුත්රාවල වතුර හැර අනිත් ද්‍රව්‍ය තියෙන්නෙ හරින පොඩි ප්‍රමාණයක්. ඒ නිසා ඔයා මුත්‍රා මිලි ලීටර් 100 ක් දුන්නත්, දළ වශයෙන් එයින් මිලි ලීටර් 1 ක් තමයි විශ්ලේෂණය සඳහා සුදුසු වෙන්නෙ. ඒ නිසා පරීක්ෂණයට පැය කිහිපයකට කලින් වැඩිපුර ජලය පානය කරන්න අමතක කරන්න එපා.
04. පියයුරු පිළිකා පරීක්ෂාවකට කලින් ඩියෝඩ්‍රන්ට් භාවිතා කරන්න එපා.
මැමෝග්රෑම් එකක් කියන්නෙ පියයුරු පිළිකා පරීක්ෂාවකට. ඉතින් මේ පරීක්ෂාවට කලින් ඩියෝඩ්‍රන්ට් භාවිතය තහනම් කරලා තියනවා. ඒකට හේතුව තමයි ඩියෝඩ්‍රන්ට් වල තියන කුඩා ලෝහමය ද්‍රව්‍ය නිසා පරීක්ෂණයේදී පිළිකා වර්ධනය වීමේ තොරතුරු හොයාගන්න අමාරු වෙනවා. එතකොට පියයුරු පිළිකා පරීක්ෂණයේ ප්‍රතිඵල වරදිනවා.
05. කොලොනොස්කොපි පරීක්ෂණයක් කිරීමට පෙර රතු පාට ආහාර අනුභව කරන්න එපා.
බඩවැල් පරීක්ෂාවකට තමයි කොලොනොස්කොපි පරීක්ෂාවක් කියන්නෙ. ස්වාභාවිකවල රතු පාට ආහාර මගින් ඔයාගෙ බඩවැල්වල වර්ණය වෙනස් වෙනවා. එමගින් අධ්‍යයනයේ ප්‍රතිඵල වෙනස් වෙන්න ඉඩ තියනවා. ඒ නිසා ඔයාගෙ කොලොනොස්කොපි පරීක්ෂාවට අඩුම තරමේ සතියකට කලින් බීට්, ක්රැන්බෙරි, රතු කැන්ඩි, රතු ලයිකෝරයිස්, තක්කාලි හා තක්කාලි සෝස් ආහාරයට ගැනීම නවත්තන්න.
වෛද්‍යවරයා වෙත යන්න කලින් වෙනත් වර්ණ තියන නිෂ්පාදන පරිභෝජනය කරන්නත් එපා. වෛද්‍ය පරීක්ෂාවට දවස් කිහිපයකට කලින් ඉඳන්, පැහැදිලි, දියර ආහාර විතරක් ආහාරයට ගන්න.
06. රුධිර පීඩන පරීක්ෂණයකට පෙර ලුණු සහිත ආහාර අනුභව කරන්න එපා.
ඇමරිකානු හෘද සංගමය කියන්නෙ දවසකට ලුණු මිලිග්‍රෑම් 2,300 කට වඩා පරිභෝජනය කරන්න එපා කියලයි. වැඩිපුර ලුණු ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය ඉහළ යන්න ඉඩ තියනවා.
ඒ නිසා, පරීක්ෂණයට පෙර, ක්ෂණික ආහාර, නට්ස් වර්ග, බෝංචි හෝ ලුණු විශාල ප්‍රමාණයක් අඩංගු වෙනත් ආහාර ගැනීමෙන් වළකින්න.
07. රුධිර පරීක්ෂාවකට පෙර බෙහෙත් බොන්න එපා.
වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් ලබාගන්න නම්, පරීක්ෂණයට දවස් කිහිපයකට කලින් ඔයා බෙහෙත් බොන එක නතර කරන්න ඕන. එතකොට ඔයාගෙ රුධිරය පිරිසිදු වෙලා තියන නිසා පරීක්ෂණයේ ප්‍රතිඵලය වෙනස් වෙන්නෙ නෑ.
ඒත් ඔයාට අනිවාරෙන්ම දවස ගානෙ බොන්න බෙහෙත් තියනවා නම් වෛද්‍යවරු කියන්නෙ රුධිර පරීක්ෂාව කරන දවසේ උදේ බෙහෙත් වේල බොන්න එපා කියලයි. පරීක්ෂණය ඉවර වුණාට පස්සෙ ඒ බෙහෙත් බොන්න. මේ ගැන වෛද්‍යවරයාගෙන් උපදෙස් අරගන්න එක තමයි වඩාත්ම හොඳ.
08. ඔයාගෙ එදිනෙදා කාලසටහන වෙනස් කරන්න එපා.
අපේ ශරීරයට අලුත් දේවල්වලට හුරුවෙන්න ටික කාලයක් ගත වෙනවා. ඔයා වෙනදාට වඩා පැයක් පහුවෙලා නිදාගන්න යනවා නම්, එමගින් ඔයාගෙ ශරීරයට ආතතියක් ඇතිවෙනවා.
පෝෂණය, ජල පරිභෝජනය හා ආතති මට්ටම් වගේ වෙනත් ස්වාභාවික ක්‍රියාවලීන් සඳහාත් මේක අදාල වෙනවා. ඒ නිසා ඔයා පුරුදු වෙලා ඉන්න දවසේ කාලසටහන වෙනස් කරන්න එපා.
09. පැප් ස්මියරයකට පෙර ක්‍රීම්, ලිහිසි තෙල් හෝ ටැම්පොන් භාවිතා කරන්න එපා.
පැප් ස්මියරයක් කියන්නෙ කාන්තා අවයවවල සෞඛ්‍යය තීරණය කිරීම සඳහා ගොඩක් වැදගත් වෙන පරීක්ෂණයක්. වෛද්‍යවරු කියන්නෙ වසර තුනකට වටක්වත් මේ පරීක්ෂණය කරගන්න කියලයි. මේ පරීක්ෂණයට ලක්වෙන ප්‍රදේශය ගොඩක් සංවේදී හා බාහිර දේවල්වලින් ඉක්මනින් ආසාදන ඇති වෙන්න පුලුවන් නිසා ඔයා මේ දේවල් අනිවාරෙන්ම මතක තියාගෙන ඉන්න ඕන.
- පරීක්ෂාවට පැය 48 කට පෙර සිටම ටැම්පොන් ඇතුල් කිරීමෙන් වළකින්න.
- පරීක්ෂණයට පැය 48 කට පෙර සිටම ලිංගික අවයවවලට ක්‍රීම් හා ලිහිසි තෙල් යෙදීමෙන් වළකින්න.
- පරීක්ෂණයට පැය 48 කට පෙර සිටම ශුක්‍රාණු නාශක භාවිතා කිරීම නවත්වන්න.
- පරීක්ෂණයට පැය 72 කට පෙර සිටම යෝනි මාර්ගය සුවඳවත් කරන නිෂ්පාදන ආලේප කිරීමෙන් වළකින්න.
10. අක්ෂි වෛද්‍යවරයකු හමුවීමට පෙර අන්තර්ජාලයේ සැරිසරන්න එපා.
නිතරම ඇස් වෙහෙසීම නිසා බරපතල ගැටළු ඇතිවෙන්න පුලුවන්. දුරකතනය, පරිගණකය, රූපවාහිනිය වගේ ඉලෙක්ට්‍රොනික උපාංග මගින් අපේ ඇස් වෙහෙස කරන බව ඔයා හොඳින්ම දන්නවා.
ඔයා රැකියාවට හෝ රිය පැදවීමේ පාසල සඳහා වෛද්‍ය සහතිකයක් ලබා ගන්න අක්ෂි වෛද්‍යවරයා හමුවෙන්න යනවා නම් එතනදි ඔයාගෙ ඇස්වල පෙනීමේ ප්‍රතිඵලය ගොඩාක් හොඳ වෙන්න ඕන. ඒ කියන්නෙ ඔයාගෙ ඇස්වලට පේන උපරිම මට්ටම ඒ පරීක්ෂණයෙන් පෙන්නුම් කරන්න ඕන. ඒ නිසා පරීක්ෂණයට යන්න කලින් දුරකතනයේ වැඩි වෙලාවක් ඉන්න එපා. එතකොට ඔයාගෙ ඇස්වලට ඒක බලපානවා. එමගින් පරීක්ෂණයේ ප්‍රතිඵලය ටිකක් අඩු වෙන්න පුලුවන්. ඇස් වෙහෙසට පත්වෙලා කියලා දැනගන්න පුලුවන් රෝග ලක්ෂණ කිහිපයක් මෙන්න.
- ඇස්දෙක ඇරගෙන ඉන්න අමාරු වීම.
- ඇස්වල දැවිල්ල හෝ කැසීම
- පෙනීම අපැහැදිලි වීම හෝ දෙගුණ වී පෙනීම
- ආලෝකයට සංවේදීතාවය වැඩි වීම
- හිසරදය
උපුටා ගැනීම: Adobae