පසුතැවෙමි මා – කෙටි කතාව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ටීචින් කියන්නේ කොච්චර හොඳ රස්සාවක්ද.කොච්චර නිදහස්ද.ඇයි උබට බැරි ඕකට යන්න.කොච්චර නිවාඩු තියෙනවද ටීච කෙනෙක්ට පැය 6යි මහන්සි වෙන්න ඕනි දවසටම.ටීචර් කෙනෙක් කියන්නේ හොඳ රස්සාවක්”
“කොච්චර හොඳ වුනත් මට ටීචර් කෙනෙක් වෙන්න ඕනි නෑ අම්මේ.මට පොඩි උන් පේන්න බෑ.මට ඕකුන් එක්ක පුදුම කේන්තියක් තියෙන්නේ”
ගෙදර අයගේ බල කිරීමටම ටීච කෙනෙක් වෙන්න ඉගෙන ගත්ත මගේ ගුරු ජීවිතේ මුලින්ම ඉස්කෝලෙක උගන්වන්න යන්නේ හෙට.මට ඒ කාලේ ඉඳලා ඕනි වුනේ සල්ලි ගොඩක් හම්බවෙන AC room එකක ඉඳලා වැඩ කරන්න පුලුවන් ජොබ් එකක්.ඒත් ගෙදර අයගේ සතුට වෙනුවෙන් ගත්ත තීරණේ අමාරුම දවස හෙට.උදේ ඉදලා ගෙදර අය එක්ක රණ්ඩු උනත් කිසිම විදිහකින් මගේ ආසාව ඉශ්ඨ කරගන්න බැරි වුනා.
ඉස්කෝලෙට ගිය මුල්ම දවසේ යනකොටම දැක්කේ පොඩි උන් සෙල්ලම් කර කර ඉන්නවා.එපා වෙනවා මට මුන්ව දැක්කම.ඒ මදිවට ඒක ප්රාථමික එකක්.ලොකු උන්ට උගන්වන්න තිබ්බනම් ඒකත් හොඳයි.මම මාත් එක්කම පොඩි උන්ට බැන බැන මුලින්ම මට ලැබුනු පන්තියට ගියා.යනකොටම මම හිතගත්තේ ඕනිවට වඩා එල්ලෙන්න ආවොත් නම් ගහනවා කියලා.
හිතුවා වගේම මුල් දවස් කීපය යනකොට ළමයි මගේ වටේ එල්ලෙන්න ගත්තා.
“ටීච ලස්සනයි ටීච”
“ටීච සුදු වෙන්න මොනා හරි ගානවද”
“ටීචගේ සාරිය ලස්සනයි”
ඔය වගේ දේවල් නිතරම කියවගෙන එනවා.ඒ වගේම
“ටීච මෙයා මට ගැහුවා”
“ටීච මගේ මකනේ නැති වෙලා”
අනේ ඇත්තමයි මට එන කේන්තියක්.මුන් නම් ළමයි නෙවෙයි.
“කටවල් වහගෙන ඉන්නවලා ඔක්කොමලා.නැත්තං දෙනවා දැන් මම ඔක්කොටම”
එහෙම කිව්වම උන් ටික බය වුනා.
“මේක මාර කරුමයක්”
මට හිතුනේ එහෙම…
නිතරම සැර කරන නිසා ළමයි මගෙන් ඈත් වුනා.එයාලගේ ලස්සන ටීච වුන මම අන්තිමට සැර ටීච වුනා.ඒත් මගේ හිතට දැනුනේ පුදුම සහනයක්.
“අම්මෝ ඇති යන්තං.මගේ වැඩේ කරලා පාඩුවේ ඉන්න තියෙන්නේ.මුන් ළඟටවත් එන්නේ නෑනේ දැන්”
මම හිටියේ ගොඩක් සතුටින්..
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
“මූණේ අතත් ගහන් වගේ වගක් නැතුව ඔහොම ඉන්නකොට ගෙදරකටවත් හරි යයිද.අම්මපා අපිනම් ඒ කාලේ ඔහොම හිටියේ නෑ.මොකක් හරි වැඩක් හොයලා කරනවා.තාම දරුවෙක් හදාගන්නත් බැරි වුනා.අනේ දෙයියනේ මගේ කොල්ලත් එල්ලගත්තනේ මෙහෙම ගෑණියෙක්”
ඔව් ඔව්..ඒ මගේ නැන්දම්මා.සිදත්ව මම බැඳලා මේ ගෙදරට ආවේ අවුරුදු තුනකට කලින්.ආපු මුල් කාලේ සිදත්ගේ අම්මා මට හරිම ආදරෙන් සැළකුවා.අවුරුදු දෙකක් විතර අපි ගොඩක් සතුටින් ජීවත් වුනා.
අවුරුද්දක විතර ඉඳලා අපි දරුවෙක් ගැන හීන දැක්කට ඒක හීනයක්ම විතරක් වුනා.දරුවෙක් නැති නිසා සිදත්ගේ අම්මා වගේම සිදත් වුනත් හිත හොඳින් නෙවෙයි කියලා මට තේරුනා.
කසාදෙන් පස්සේ රස්සාවට යනවට සිදත් අකැමති වුන නිසා මම ගෙදර නැවතුනේ සිදත්ගේ පඩිය අපිට හොඳටම ප්රමාණවත් වුන නිසා.හැමදේටම සිදත් මට සල්ලි දුන්නා.මට තිබුනේ ගෙදරට වෙලා අම්මට උදව් කරගෙන ඉන්න.ඒ දවස් වල අම්මා හැමදේම කලා.ඒත් දැන්… හැමදේම මට කරන්න සිද්ධ වෙලා.
ඒ දවස් වල දරුවෝ පේන්න බැරි මට දැන් දරුවෙක් නැති පාඩුව හොඳට දැනෙනවා.මං මගේ ඉස්කෝලේ දරුවන්ට සළකපු විදිහ මතක් වෙනකොට මගේ හිතට දැනෙන්නේ පුදුම වේදනාවක්.නිතරම ඒ කාලේ මතක් වෙනවා.ඒ කරපු දේවල් මට පල දෙනවාදෝ කියලා මට හිතෙන වාර අනන්තයි.
_________________________________________
“සිතාරි..ලෑස්ති වෙන්න ගමනක් යන්න”
සිදත් එක පාරම උදේක එහෙම කිව්වම මම පුදුමෙන් වගේ බැලුවා.මතක ඇති කාලෙක සිදත් මගෙත් එක්ක කොහේවත් ගිහින් නෑ.මමත් මොකුත් අහන්නේ නැතුව ලෑස්ති වෙලා ඇවිත් කාර් එකට නැග්ගා.
සිදත් ගිහින් කාර් එක නැවැත්තුවේ ළමා නිවාසයක් ලඟ.
“මෙහේ ගොඩාක් පොඩි ළමයි ඉන්නවලු අම්මලා දාලා ගිය.අපිට පුලුවන් බබෙක් අරන් හදාගන්න නීත්යානුකූලව.ඒක තමයි අපිට දැන් කරන්න තියෙන්නේ.ඔයා අකැමති නම් කියන්න”
මගේ ඇස් වල කඳුලු පිරුනේ නොදැනුවත්වම. ඒ අදහසේ මගේ හිතේ තිබුනත් සිදත් වගේම එයාගේ අම්මා වුනත් අකැමති වෙයි කියලා මම නොකියා හිටියේ.ඒත් දැන් සිදත්ම මාව එක්කරගෙන ඇවිත්.
“ඒත් සිදත් අම්මා…..”
“ඔයා කලබල වෙන්න එපා.ටික කාලයක් ගිහින් අම්මා තේරුම් ගනියි”
මම ගොඩක් වෙලා අඬලා හිත හදාගෙන සිදත් එක්ක ළමා නිවාසේ ඇතුලට ගියා.
____________________________________________
අපේ දෝණිව ළමා නිවාසෙන් අරන් ඇවිත් අවුරුදු දෙකක් වෙනවා.දෝණි ආපු දවසේ ඉඳලා තමයි මට තේරුම් ගියේ දරුවෙක් කියන්නේ කොච්චර වටිනා සම්පතක්ද කියලා. එදා එයාවත් අරන් ගෙදර ආපු දවසේ සිදත්ගේ අම්මා අපේ ගෙදරින් ගියේ සිදත්ගේ අක්කලාගේ ගෙදර නවතින්න.එදා ඉදලා අම්මා සිදත් එක්කවත් වචනයක් කතා කලේ නෑ.සිදත් කිව්වේ අම්මා දවසක තේරුම් ගනියි අපි විඳපු වේදනාව කියලා.
අවුරුදු දෙකකට පස්සේ අපි අද ලෑස්ති වෙන්නේ සිදත්ලගේ අම්මා බලන්න යන්න.මගේ කුසට අපේ පුතු ඇවිත් මාස 5ක් වෙනවා.දැන් තමයි අම්මා එක්ක කතා කරන්න හොඳම වෙලාව කියලා අපි දෙන්නටම තේරුනා.අම්මව ආයේ ගෙදර එක්කරගෙන එමු කියලා සිදත්ට කිව්වෙත් මමමයි.
අපේ පවුල දැන් සම්පූර්ණයි.ළමයින්ව පේන්න බැරුව හිටිය මට දෙවියෝ දුන්න දඩුවම් කාලේ ඉවරයි.දෝණි නිසයි මේ හැම සතුටක්ම ලැබුනේ.එයාට අපි දුන්නු ආදරේ නිසයි මට අද මගේ කුසෙන්ම දරුවෙක් වදන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබුනේ.
ජීවිතේ හැම ප්රශ්නයක්ම විසඳුනා වගේ දැනෙනවා මට.අද ඉඳලා අම්මත් ආවාම අපිට ගොඩක් සතුටින් ඉන්න පුලුවන්.
ඒත් මගේ ඉස්කෝලේ දරුවන්ට සලකපු විදිහ ගැන අදටත් මගේ හිතේ තියෙන්නේ ලොකු පසුතැවීමක්.
(ෆේස් බුකියේ දරුවන්ට අකැමති යැයි තිබූ පෝස්ටුවක් ඇසුරින් කළ නිර්මාණයකි.
සියලු නම් මනඃකල්පිතය.)
උපුටා ගැනීම: Rashmi Nimesha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!