අපි ඉස්කලෙ යන කාලෙ, අපේ බාලිකාවෙ හොස්ටල් ලමයි නිකන්ම දඟල දඟල ඉදලා කාලෙ කන එක නතර කරන්න කියල මැඩම් වූෂු සර් කෙනෙක් ගෙන්නල පන්ති කෙරෙව්වා. කරාටෙ ජූඩෝ වගේ ඒවටත් ගුරුවරු හිටියත් අලුතෙන්ම පටන්ගත්ත නිසා අපිත් ගියේ වූෂු පන්තියට.
අපිත් ඉතිං හෙයි ඇයි හැයි හයි බුහුවා බොහුවා… කිය කිය ප්රැක්ටිස් කරා. සර් කොච්චර අවවාද දුන්නත් ඉතිං අපි කම්මැලි කමට බාගෙට වෝම් අප් කරල ට්රේනිං පටන්ගත්තම හවසට සෑහෙන අමාරුයි. ඊට පස්සෙ ප්රැක්ටිස් ඉවර වෙලත් බාගෙට වෝම් ඩවුන් කරල හොස්ටල් එකට දුවනව. ඉතිං ටික වෙලාවක් යද්දි අත් වල කකුල් වල පේශි එහෙම ඇදිල නිසා මාර අමාරුයි ඉඳගත්තොත් හිටගන්න බෑ හිටගත්තොත් ඉඳගන්න බෑ පහුවෙනිදට ඇඳෙන් බැහැගන්න බෑ අත් කකුල් රිදෙනවා.
ඉතිං කාලයක් ඔහොම පිට්ටනියෙ, හැයි.. හොයි…කිය කිය ඉදලා වූශු වල ග්රේඩ් එකක් පාස් කරගත්තා . ඉතිං ඒකෙ සර්ටිෆිකේට් දෙන්න ඉස්කෝල කීපෙකම ලමයි එකතු කරල වූශු කෑම්ප් එකක් තිබුණා බණ්ඩාරවෙල මිශ්ර පාසලක. ඉතිං අපිත් ඕකට ගිහින් වැඩ පෙන්නන්න දවස් ගානක් ප්රැක්ටිස් කරලා ලස්සන group choreography එකක් හදාගත්තා. රැයක් දවාලක් නැතුව ඒක ප්රැක්ටිස් කරල අපිත් ඉතිං කඩු පොලු අරගෙන, අලුතෙන්ම ඉස්කෝලෙ නම එහෙම ගහපු ටී ශර්ට් එහෙමත් ඩිසයින්කරවගෙන, ගියා වූෂු කෑම්ප් එකට.
මෙන්න බොලේ එතනට ගියාම ඉස්කෝල ගොඩක ලමයි බර ගානක් ඉන්නව. අලුත් තැනක් නිසා ඒ හිටිය හැමෝටම තමන් ප්රැක්ටිස් වෙච්ච එක ඉදිරිපත් කරන්න කලින් ඒ හෝල් එකේ රිහර්සල් එකක් කරල බලන්න චාන්ස් එකක් දුන්නා. ඔන්න ඉතිං එක එක අය පිලිවෙලට ප්රැක්ටිස් වෙනවා.
උඩ පනිනව, කැරකෙනවා, හැයි හොයි කියනව, කකුලට ගහනව, පොලවට ගහනව මාර ලස්සනයි. ඕක බලං හිටිය අපේ සර්ට අපි ප්රැක්ටිස් වෙච්ච එකේ වැඩ කෑලි මදි අපිත් කරටි හැලෙන්න වැඩේ දෙන්න ඕනි කියල හිතිලා ඒ වෙලාවෙම අපිව පැත්තකට අරගෙන වෙනම ස්ටෙප්ස් එහෙම දාලා අලුත්ම එකක් හැදුවා ඒ වෙලාවෙම. ඔය අලුතෙන් හදපු එකෙත් අපිට ඔය ස්ටෙප්ස් එහෙම පුරුදුයි කලින් කරල තියෙන නිසා… ඉතිං කරන පිලිවෙල විතරයි මතක තියාගන්න තිබ්බෙ.
ඒත් ඉතිං කෑම්ප් එක පටන්ගන්න විනාඩි පහලොවක් විතර තියෙද්දිනෙ අපේ එක වෙනස් කරේ. ඉතිං එකපාරයිද කොහෙද කරල බලන්න පුලුවන් උනේ.උදේ කාපු එක දවල්ට අමතක වෙන අපිට එකපාරක් කරල ඕක මතක තියාගන්න පුලුවන් වෙයි කියල හිතන්න පුලුවන්ද අප්පේ, බෑනෙ ඉතිං.
ඔන්න ඉතිං කොහොම හරි ටික වෙලාවකින් අපිට ආරාධනාව ලැබුනම අපිත් ගැම්මට ඉස්සරහට ගිහින් වැඩේ පටන්ගත්තා අහෝ ඛේදයකි! එක්කෙනෙක් උඩ පනිද්දි එකෙක් නැවෙනවා, එකෙක් කැරකෙද්දි අනිත් එකා හිටගෙන ඉන්නවා, එකෙක් වමට හැරෙද්දි අනිත් එකා දකුනට හැරෙනවා,තව එකෙක් ඉස්සරහට යද්දි, එකෙක් ආපස්සට යනවා, එකෙක් kick කරද්දි අනිකා punch කරනවා.
එක්කෙනෙක් කරන දිහා බලං අනිත් අයට කරන්නත් බෑ ඉතිං මොකද කාටවත් අගක් මුලක් වත් මතක නෑනෙ. හරියට මොන්ටිසා්රිය නැටුමක් වගේ… අම්මේ ඉතිං බලන් ඉන්න අයටත් පුදුමාකාර විනෝදයක් තිබ්බෙ. ස්ටේජ් එකේ හටිය කෝච් ලත්.. අඩෝ වයි බං? කියල අහන්න වගේ බලං හිටියා ඉතිං.
කටවල් ඇරගෙන වටේට ඉඳගෙන ඉන්න සෙනඟ සේනාව දැක්කම තවත් සතුටුයි. කොහොමහරි මඩේ ඇවිදින කොරවක්කො වගේ දඟලලා ඉවර වෙලා බලං හිටිය ජනතාවට ආචාර කරල සර් දිහා බැලුවම සර්… මුන්ව මං දන්නෑ මගෙත් එක්ක නම් නෙවෙයි ආවෙ වගේ වෙන පැත්තක් බලාගෙන ඉන්නවා ලැජ්ජාව ඉවසගන්න බැරුව.
සර්ගෙ සළුපට අහසට යැව්වා තමයි ඉතිං එහෙමයි කියල අපි සැලුනෙ නෑ මිත්රවරුනි, අපි එදා දවසේ ඉතිරි ටික ඵලදායීව ගත කරලා ඒ සහතිකේ අරගත්තා.හැබැයි ඉතිං එදා එතන හිටිය අය කොච්චර වැඩ්ඩෝ උනත් අපිට හිනා උනේ නෑ. බොහොම ඉවසීමෙන් බලන් හිටියා. හැබැයි එතනදි දත කාගෙන ඉදලා ආයෙ හොස්ටල් එකට ආපු ගමන් අපි නම් කරේ පෙරලි පෙරලි හිනාවෙන එක. ඊට පස්සෙත් අපි කාලයක් වූෂු ඉගෙනගත්තා.
ඊට පස්සෙත් මම නම් A/L පන්ති යන එක පැත්තක තියල අලුත් ක්ලාස් එකකුත් හොයාගෙන, මම ඒ දවස්වල ඉගෙනගත්ත style එකට ඕනිවෙන ජාතියෙන් මගෙ උස ගානට හරියන පොල්ලකුත් කරේ එල්ලගෙන වූෂු පන්ති ගියා.
අම්මා මට විභාගෙ හරි වූෂු හරි දෙකෙන් එකක් තෝරගන්න කියල නිතරම කිව්වත් අදහස වෙනස් කරපු නැති මම, දවසක් ගමේ බස් එකේදි ඇන්ටි කෙනෙක් කතා කරල කොස්සෙ මිට විතරක් ගෙනියන්නෙ ඇයි දුව?? කියල අහපු දවසෙ ඉදන් වූෂු අතෑරලා විභාගෙ ගැන හිත යොමු කරා.
(අමතර දැනුමට:- වූෂු කියන්නෙ හෙට අනිද්දට අපේ රට බාරගන්න ඉන්න චීන ජාතිකයන්ගෙන් පැවත එන අාත්මාරක්ෂක සටන් කලාවක්. ඒකෙ වර්ග දෙකක් තියෙනවා taolu සහ sanda කියල. Sanda කියන්නෙ boxing වගේම දෙන්නෙක් සටන් කරල දිනන ක්රමය.අපි ඉගෙන ගත්තෙ taolu. ඒකෙ තියෙන්නෙ රිද්මයට කරල පෙන්නනව විතරයි ගහගන්නෙ නෑ, හරියට Aerobics වගේ.
මේ සටන් ක්රම සුලඟේ රිද්මය , ජලය ගලා යන රිද්මය, ගිනි සිලුවක චලනය, පසේ තද ගතිය හා මෘදු බව, සතුන්ගෙ හැසිරීම් රටාම වගේ දේවල් මූලික කරගෙන තමයි හදල තියෙන්නෙ. වැඩියෙන්ම තියෙන්නෙ performance art එකක්. හරියට නැටම් නටල පෙන්නනව වගේ කරල පෙන්නන්න තමයි තියෙන්නෙ.
Taolu ක්රම හරිම ලස්සනයි නැටුමක් වගේම තමයි පේන්නේ. සටන් පියවර කියල හිතන්නවත් බෑ… ඔය ෆොටෝස් වල තියෙන්නෙ taolu වල එක එක styles. මේවා ආයුධ එක්ක වගේම ආයුධ නැතුවත් කරන්න පුලුවන්.)
උපුටා ගැනීම: Dilki Jayasekara