” ආදරේ කරපං සුදු අදින මිනිහෙක්ට ඒක පට්ට” (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” ආදරේ කරපං සුදු අදින මිනිහෙක්ට ඒක පට්ට”
අද පෝය දවසෙ උදේ පාන්දර අපේ එක්කෙනා කලු ටී ශර්ට් එකක් ඇදන් ඉන්නව දැක්කම මට කවුදෝ කොහේදිද ලියල තිබ්බ එකක් මතක් උනා.
අම්මපා මට බැරි උනානෙ සුදුම විතරක් අදින මනුස්සයෙක්ව අල්ල ගන්න. ලස්සනට බඩ පොඩ්ඩක් තියෙන. ටිකක් වයස උනත් කමක් නෑ. හැමදාම සුදු අදින මිනිහෙක්ව හොයා ගත්තානම් මට නැති උනත් සනුහරේවත් නිවන් දක්කන්න පුලුවන් වෙනවනෙ. ගැම්මට ගිහින් වාහනෙන් බහින්න තිබ්බා අත වනාගෙන.
මටත් උපාධියක් නැති උනත් ඕන තරම් සුදුසුකම් තියෙනවා. කොහොම හරි ඊලග මට්ටමට ගෙදර එක්කෙනා ගියාම මට හිස් වෙච්ච තරග කරන්න බැරියෑ. අනෙක තරගයක් කොහෙද මහත්තයා උඩ පඩියෙ ඉදන් අත දීගෙන ඉන්නකොට. නිතරගයෙන්ම යන්න තිබ්බා.
හන්දියෙ ඉන්න මල්ලිලා සෙට් එක අල්ලගන්න ඕන ඉස්සල්ලම. ගමේ මිනිස්සු නැතුව ඕවා කරන්න බෑ. පොඩි ප්රශ්නෙකට තියෙන්නෙ මට ඔය කොහෙවත් නැති උන් අක්ක, නංගි ,නැන්දා කියනකොට අල්ලන්නෙ නැති එක. අනෙක දාඩිය ගද. ඒකට නම් කරකැවිල්ල වගේ එනවා ඉස්සර ඉදන්ම. පොඩ්ඩ වෙලාවක් නම් අල්ලන් ඉතෑකි.
කාලෙක ඉදන්ම හීනයක් තිබ්බා ලොකු අම්මලගෙ අක්කගෙ වගේ ලොකු හංස පූට්ටු කැටයම තියෙන තැල්ලක් දාන්න. ගාන ඇහුවම කිව්වෙත් කට උල් කරල මේක ලොකු ගානක් කියලනෙ. තැල්ලට මුතු අමුනලම හදා ගන්නවා, පේන්නම. එක අතකට ඕව මොනවද දියමන්ති ආභරණ පලදින්න බැරියෑ.
පොඩි උන් දෙන්නවත් යවනව යූ කේ. ඔස්ට්රේලියාවේ උනත් කමක් නෑ. ඇමරිකාවෙ කොහොමද දන්නෙ නෑ ඉගැන්වීම්. හොයල බලන්න ඕන. කොලුව ටිකක් ලොකු උනාම ආයි ලංකාවට ගෙන්න ගන්න ඕන. පරම්පරාව ගෙනියන්න කෙනෙක් ඉන්නත් එපැයි. කෙල්ලට නම් හොද පවුලකින් කසාදයක් බන්දල දෙනවා හොද පරම්පරාවක ඉදිරි ගමනක් තියෙන මිනිහෙක්ව හොයල.
බාර් පර්මිට් දෙක තුනකුත් ඉල්ලගන්න බැරියෑ. කිට්ටුව ශෙඩ් එකකුත් නෑ. ශෙඩ් එකකට පර්මිට් එකක් ගත්තොත් මල්ලිට දෙනවා. ඔය කර කර ඉන්න ඒවා අතෑරල ඒක හරියට කර ගනින් කියලා. මගෙ උන්ට කරන්නෙ නැතුව කාට කරන්නද. නංගිනම් අමුතු නිසා දේසපාලනේ උදව් ගන්න එකක් නෑ. මස්සිනාටවත් උසස්වීමක් අරන් දෙනවා. පුංචි අම්මලගෙ කොල්ලන්ටත් කොන්තරත් දෙක තුනක්වත් අරන් දෙන්න බැරියෑ. කොහොම උනත් පුංචි කාලෙ ඉදන් එකටනෙ හිටියෙ.
ආයි කෝල් එකක් ආවම හිතපු එකත් වෙනස් උනා.
” මොකෝ කට් කරේ, සිග්නල් නැද්ද? “
” ඔයාටත් නරකයි චන්දෙ ඉල්ලුව නම් ඒ කාලෙ. දැන් මේ දුක් විදිනවා තැන් දෙකකට වෙලා. යසට යනවනෙ සැප වාහනේ නැගල අපි” මම නෝක්කාඩුවක් කිව්වා.
” ඔයා එහෙනම් දේසපාලනේට වෛර කරනවා කියල ඔය බුකියෙ පෝස්ට් දාන්නෙ”
” ඒ මගෙ එලියට පේනන තියෙන මූනනෙ, මගෙ ඇතුලෙ මූනෙ එහෙම එකක් නෑ අනේ.”
( සිතුවිල්ලක් පමණයි.
පින්තූරය අන්තර්ජාලයෙන් – මුල් හිමිකරුට ස්තූතියි )
උපුටා ගැනීම: Buddhika Abeysundara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!