සිරුරේ තිබිය යුතු කොලෙස්ටරෝල් ප‍්‍රමාණය.. (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අප බොහෝ දෙනාගේ සිතේ බියක් ඇතිකරන ආහාර සංඝටකයක් ලෙස කොලෙස්ටරෝල් හැඳින්වූවාට වරදක් නැත. සිරුරේ රුධිර පීඩනය වැඩි කරන හෘදයාබාධ ඇති කරන ආහාර සංඝටකයක් ලෙස කොලෙස්ටරෝල් ගැන අපි සිතා සිටින්නෙමු.
😲නමුත් කොලෙස්ටරෝල් යනු අපගේ ශරිරයට අත්යවශ්ය ආහාර සංඝටකයකි. ශරිරයේ ඇති ආහාර සංඝටකවලින් බහුලව ඇති සංඝටකයක් වන කොලෙස්ටරෝල් සිරුරේ ස්නායු කරියාකාරිත්වයට, සෛල පටල සකස් කිරිමට මේදය සකස් කිරිමට උපකාරි වන හෝමෝන විටමින් ඞී සහ පිත්ත අම්ලය නිපදවීමට අවශ්යයි.
මේදය වැනි ද්රව්යයක් වන කොලෙස්ටරෝල් ශරිරයට හිතකර මෙන්ම අහිතකර අවස්ථාද ඇත. එය රදා පවතින්නේ ශරිරයේ රදා පවතින කොලෙස්ටරෝල් වර්ගය අනුවයි.
😲කොලෙස්ටරෝල් නිපදවීම
අක්මාව මගින් කොලෙස්ටරෝල් නිපදවන අතර මස්, කුකුළු මස්, බිත්තර, මාළු හා කිරි වැනි ආහාර මගින්ද කොලෙස්ටරෝල් ශරිරයට ලැබේ.
😲කොලෙස්ටරෝල් වර්ග
ලිපෝප්රෝටීන සහ ටරයිග්ලිසරයිඩ ලෙසින් කොලෙස්ටරෝල් වර්ග දෙකක් ඇත. LDL හෝ අඩු ඝණත්වය ඇති ලිපෝප්රෝටීන සහ HDL හෝ වැඩි ඝනත්වය ඇති ලිපෝප්රෝටීන ලෙස ලිපෝප්රෝටීන වර්ග දෙකක් තිබේ. මේ අතුරින් LDL හෙවත් අහිත කර කොලෙස්ටරෝල් අධි – කොලෙස්ටරෝල් පරශ්නවලට හේතු වේ. ඒවා රුධිර නාළයන් මත ධමනිවල බිත්ති මත තැන්පත්වීමේ නැඹුරුවක් ඇත. HDL හෙවත් හොඳ කොලෙස්ටරෝල් ධමනිවල තැන්පත්වන කොලෙස්ටරෝල් ඉවත් කිරිමට උපකාරි වේ. ඒ අනුව LDL කොලෙස්ටරෝල් ශරිරයට හානි කිරිමට උත්සාහ කරන අතර HDL කොලෙස්ටරෝල් LDL මට්ටම අඩු කරමින් ශරිරයේ මේදය මට්ටම නියමිත පරමාණයක රඳවා ගැනීමට උත්සාහ කරයි.
😲රයිග්ලිසරයිඞ් අප ගනු ලබන ආහාරවල සෘජු පරතිඵලයකි. එය අඩුකර ගැනීමට නම් මේදය අඩු ආහාර සහ තන්තු බහුල ආහාර වැඩිපුර ආහාරයට ගත යුතුය. ටරයිග්ලිසරයිඩ මට්ටම ඉහළ යෑම මගින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමට බලපායි.
😲නමුත් LDL කොලෙස්ටරෝල් සඳහා ආහාර පමණක් හේතු නොවේ. ඒ සඳහා ජානමය කරුණු ද බලපායි. එබැවින් ඇතැම් පුද්ගලයන්ට LDL අඩුකර ගැනීම සඳහා ඖෂධ ගැනීමට ද සිදුවේ.
😲කෙඳි සහිත ආහාර වර්ග වැඩිපුර ගැනීම සහ ව්යායාම කිරිම මගින් LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගත හැකිය.
😲අහිතකර කොලෙස්ටරෝල් බහුල ආහාර
සංතෘප්ත මේදය සහිත ආහාරවල අහිතකර කොලෙස්ටරෝල් බහුලය එනම් හරක් මස්, ඌරු මස්, හම සහිත කුකුළු මස්, බටර්, චීස්, කිරි නිෂ්පාදන, පොල්, පොල්තෙල්, පාම් තෙල්, කොකෝ බටර් වැනි ආහාරය.
😲හිතකර කොලෙස්ටරෝල් බහුල ආහාර
අසංතෘප්ත මේදය සහිත ආහාරවල හිතකර, කොලෙස්ටරෝල් බහුලය. එනම් සැමන්, හුරුල්ලන්, අලිගැටපේර, ඔලිව්, වොල්නට්, සෝයා ඇට, බඩ ඉරිගු, කැනෝලා, ඔලිව් හා සූරියකාන්ත තෙල් වැනි ආහාරය.
😲රාන්ස් මේදය
රාන්ස් මේදය යනු ස්වාභාවික පරිසරයක් දුර්ලභ කර්මාන්ත කරියාවලියකින් නිපදවන ආහාරවල බහුලව අඩංගුවන ද්රව්යයකි. එනම් බැදපු ආහාරවල, පේස්ටිර, පීසා, විස්කෝතු වැනි පුළුස්සන ලද ආහාර වර්ගය.
😲නිරෝගී පුද්ගලයකුගේ ශරිරයේ තිබිය යුතු කොලෙස්ටරෝල් පරමාණය
LDL 100 mg /dl නොවැඩි විය යුතුයි. :60-70 mg /dl)
HDL 60 mg /dl නොඅඩු විය යුතුය.
රයිග්ලිසරයිඩ 150 mg /dl නොවැඩි විය යුතුය.
මේ අනුව මුළු කෙලෙස්ටරෝල් පරමාණය 200 mg /dl නොවැඩි විය යුතුය.
✔️✔️මේ ලිපිය ඔබට වැදගත් වූනානම් අනිත් අයටත් බලන්න share කරන්න අමතක කරන්න එපා🤗🤗🤗
උපුටා ගැනීම: Suwa arana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!