ලෝකෙ දැක්ක පිරිසිදුම ටොයිලට් සහ බාතෲම් තියෙන්නෙ කොහෙද කියල මට තෝරන්න උනොත් ඒකට කියන්න වෙන්නෙ ජපානෙ කියල.
නරීටා එයාපෝට් එකේ වැසිකිළිය දැකල මං භ්රාන්ත වෙච්ච තරම කියනව නං ඒකෙ ටැප් එකක්වත් ඇරල ඒ ලස්සන සිංක් කැත කරන්නවත් හිතුනෙ නෑ.
ඒ වගේම තමයි ලෝකෙ තියෙන අප්රසන්නම කැසිකිළි තියෙන්නෙ අපේ අල්ලපු රටේ.
ඒ කිව්වෙ අමෙරිකාවෙ නෙමෙයි.
මව් රටට අල්ලපු රටේ.
ඒගොල්ලො නං වැඩි හරියක් බාතෲම් වෙනුවට සොබා දම් අසිරිය විඳින්න තියෙන ආසාවටද කොහෙදෝ… එළිමහනෙම ඉන්නව මං දැකල තියෙනව.
ජපානෙ මිනිස්සු වගේ තම රට ගැන ආදරෙන් වැඩ කරණ ජනතාවක් වෙන රටක ඉන්නවද මං නං දන්නෙ නෑ.
කොහොම උනත් මේ කථාව නං නරීටා එයාපෝට් එකේදි දැකපු දෙයක්
ගැන… හොංකොං බලා යන ගුවන් යානය එනතුරු නරීටාහි රැඳිල ඉද්දි අල්ලපු රටේ කියල හිතන්න පුලුවන් ජෝඩුවක් පේන මානෙම වාඩිවෙලා හිටිය. බොන්න වතුර තැං තැං වල තිබ්බ වගේම අවශ්ය නං බෝතල් වතුර ගන්න කඩත් ඕනෙ තරං තිබුණ එහි.
කොහොමිං හරි අර කිව්ව ජෝඩුව පොඩි බෝතලේකුත් අතට අරං බොන්න වතුර ටිකක් ගන්න කියල , කලිං විස්තර කරපු හෝටල් කාමරේකටත් වැඩිය ලස්සන බාතෲම් එක පැත්තට ගියා.
මාත් සද්ද නොකර හිටියට ඔය ෆිල්ම් කාරිය බලලම භාෂාව එහෙං මෙහෙං තේරෙණ නිසා ඒගොල්ලො කිව්ව දේ වැටහුණා ඉතිං.
ඒගොල්ලො යනවත් එක්කම වගේ ඒ පැත්තට ගිය බොහොම තරුණ ජපන් කොල්ලො දෙන්නෙක් පොඩි වෙලාවකට පස්සෙ අර අල්ලපු රටේ දෙන්නගෙ පලු අරින්න ගත්ත ඉංගිරිසියෙං.
බැණ බැණ පස්සෙංම ආව නිසා කිව්ව දේවල් අපිටත් ඇහුන.
එහා රටේ මනුස්සය වොෂ් බේසිං එකට කකුල් දෙකත් දාල හෝදල. ගෑණු පරානෙ කෙල ගහල මුලු පළාතම වනසමින් මුහුණ හෝදල.
රටවල් දෙකක වෙනස නේ…??
අපේ රටේ නං එහෙම නෑ මාහිතේ…!!!!
උපුටා ගැනීම: -ලසන්ති කොඩිකාර-