අසනීපය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒ දවස්වල පේරාදෙණියේ ඉන්ජිනියරිං දෙවැනි වසර කියන්නේ සෑහෙන්න බර අවුරුද්දක්. පාඨමාලාවට අයිති කෝර්ස් වර්ක්ස් (ලැබ් හා ක්ෂෙත්ර පරීක්ෂණ) පනහකට වඩා තිබුනා.
අපේ අවුරුද්දේ මේ ආතතිය ඩබල් වුනේ එක ලැබ් එකක මහාචාර්යවරයා කිසිම පරීක්ෂණයක් සඳහා තුන් වැනි ෂෙඩියුල් කිරීමක් නොකරන බවට නිවේදනය කිරීම සමගයි.
ඒ සමග ම අදාල නීතියේ උපරිම ආශ්වාදය ලබා දීමට සක්රීයව දායක වූ එතුමා ලැබ් එක පුරා ඇවිදිමින් විවිධ දෝෂ පෙන්වා ගෲප් පිටින් පන්නා දැමීමට ද කටයුතු කළා.
මා සිටි ගෲප් එකත් එක ප්රැක්ටිකල් එකකින් පන්නා දැමුනා. ඊළඟට ලබාදුන් දිනය යෙදී තිබුණේ සඳුදාවකට.
පේරාදෙණියේ දී මට නිතර නිතරම ශ්වසන ආබාධ වැළඳී යුනිවර්සිටි හෙල්ත් සෙන්ටර එකෙන් ප්රතිකාර ගන්නට සිදු වුනා. ඉහත ප්රැක්ටිකල් එකට නියමිත සඳුදාවට පෙර සති අන්තයේ ගෙදර ගිය මට ගෙදර දී මේ ආබාධය වැළඳුනා.
ඒ වනවිටත් මගේ අයියා වෛද්යවරයෙක් ලෙස කටයුතු කරමින් සිටි නිසා ඔහුගෙන් බෙහෙත් ගෙන ආවත් සඳුදා ආපසු යාමට හැකි තත්වයක් තිබුණේ නෑ. මම සොහොයුරාගෙන් ලබා ගත් වෛද්ය සහතිකයක් ද රැගෙන බදාදා පේරාදෙණියට ගියා.
තනිව හෝ ප්රැක්ටිකල් එක කිරීමට ගිය මම මහාචාර්යවරයා හමු වීමට නොගොස් සහකාර කථිකාචාර්යවරයකු හමු වී වැඩේ ගොඩ දා ගන්නට තැත් කළත්, ඔහු කීවේ මහාචාර්යවරයා හමු වීම අත්යවශ්ය බවයි. වෙනත් විකල්පයක් නොමැති තැන මා මහාචාර්යවරයා හමු වුනා.
ඔහුගේ ප්රථම ප්රතිචාරය ඉතාම නිෂේධාත්මක එකක්. ඒ අතරම ඔහු වෛද්ය සහතිකය පරීක්ෂාවෙන් බැලුවා.
එතැන පටන් ඉංග්රීසි භාෂාවෙන් ගිය සංවාදය මේ වගේ එකක්:
“ඔයාගේ නම ?”
“……………….”
“මේ මෙඩිකල් එක දුන්නු ඩොක්ටර් කුරුප්පු කවුද ?”
“සර්, ඒ මගේ අයියා!”
“පුහ්, තමුසේ තමුන්ගෙම අයියාගෙන් මෙඩිකල් එකක් ගෙනාවා !! මරු !!!
කාලා වරෙංකෝ!
“සර්, මම අසනීප වුනේ සති අන්තයේ ගෙදර ගියාම. ගෙදර දී අසනීප වුනාම අපි බෙහෙත් ගන්නේ එයාගෙන්.”
ඔහු ටිකක් කල්පනා කළා.
“මේ අසනීපය පේරාදෙණියේ දී හැදිලා හෙල්ත් සෙන්ටර් එකෙන් ප්රතිකාර අරන් තියෙනවාද ?”
“ඔව්.”
“එහෙනම් ඒ ගොල්ලෝ දන්නවා නේ ඔයාට මේ ප්රශ්නය තියෙනවා කියලා. එතනින් මේ මෙඩිකල් එකේ ඒ බව කියලා නෝට් එකක් දා ගන්න පුළුවන් ද?”
“පුළුවනි”
“හරි, එහෙම කරලා ගේන්න”
ඉතාමත්ම දැඩි අයෙකු ලෙස සැලකුනු මේ මහාචාර්යවරයාගෙන් එවැනි සහනයක් ලැබීම ගැන පුදුම වෙමින්ම මම,
“තෑන්ක් යූ සර්” කියමින් යන්න හැරුණා.
“පොඩ්ඩක් ඉන්න”
“ප්රැක්ටිකල් එක එන සතියේ කරන්න. දැන් ඇසිස්ටන්ට් ලෙක්චරර් මුණ ගැහිලා දිනයක් දාගන්න. මෙඩිකල් එක විභාගයෙන් පස්සේ හෙමිහිට ගෙනැත් දෙන්න”
පුදුමයෙන් පුදුමයට පත් වුනු මම ඔහුට මුව නොසෑහෙන සේ ස්තුති කරලා නැවතත් යන්න හැරුනා. ඔහු නැවතත් මට කතා කළා.
“තමුන් දන්නවද? මේ වගේ අවස්ථාවක් මම කිසිම ශිෂ්යයෙකුට දීලා නෑ. ඒ වුනාට. .. අයිසේ ඔය අමාරුව මටත් තියෙනවා !!!”
අන්න ලොජික් !!!!!!
උපුටා ගැනීම: Parakrama Kuruppu

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!