අපිට නිතර අත්විඳින්න සිදුනොවෙන ස්වභාවික ව්‍යසනයන් කීපයක් (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලංකාව කියන්නේ සකල සිරින් පිරි, සමශීතෝෂ්ණ දේශගුණයෙන් යුක්ත, ස්වභාවික ආපදාවන්ගෙන් තොර රටක් කියලා තමයි අපි පුංචි කාලේ ඉගෙන ගත්තේ. හැබැයි දැන් වෙනකොට අපිට ඒ කරුණු කාරණා දිහා ආයෙමත් බලන්න වෙලා තියෙනවා. ඒකට එක කාරණාවක් තමයි, ඉස්සරම තිබුණු සමශීතෝෂ්ණ දේශගුණය දැන් වෙනකොට වෙනස් වෙලා තිබීම. ඒ වගේම ස්වභාවික ආපදාවන්ගෙන් සම්පූර්ණයෙන්ම තොර රටක් කියලා හඳුන්වන්න බැරි විදියට අපි ස්වභාවික ආපදාවන්ටත් මුහුණ දීම. උදාහරණ විදියට කියනවා නම්, මේ වෙනකොට අපිට අවුරුද්දේ එක කාලෙකට නියඟයත්, අවුරුද්දේ අනික් කාලෙට ගොඩක් වෙලාවට ගංවතුරත් අපේක්ෂා කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට නායයෑම් එහෙමත් සිද්ධ වෙනවා. හැබැයි මේවා ලෝකේ සමහර වෙනත් රටවල් මුහුණ දෙන තරමටම දරුණු නොවෙන්න පුළුවන්. ඒ ඇරෙන්න ඔය සුළිසුළං තත්ත්ව වගේ එව්වත් අතිශයින්ම කලාතුරකින් අහන්න ලැබෙනවා. සුනාමියත් එක පාරක් ආවා. හැබැයි ඔය මොන දේ තිබුණත්, ඇත්තටම ලෝකේ යම් යම් වෙනත් රටවල දකින්න ලැබෙන, අපිට එහෙම ලේසියෙන් දකින්න නොලැබෙන ස්වභාවික ව්යසන තියෙනවා. ආන්න ඒවා මොනවද කියලා තමයි මේ කියන්න යන්නේ.
1. ටෝර්නේඩෝ…
Tornadoes: Spinning Thunderstorms | AMNH
ටොර්නේඩෝ කියන්නේත් බොහොම ආපදාකාරී කාලගුණික ක්රියාකාරීත්වයක්. විශේෂයෙන්ම ඔය ෆිල්ම් වල එහෙම අපි දැකලා තියෙන විදියට දැවැන්ත වාසුළි කඳන් වළාකුළු වල ඉඳන් පොළව දක්වා සම්බන්ධ වෙලා, කැරකෙමින් ගමන් කරමින්, තමන්ගේ මාර්ගයේ තියෙන හැමදෙයක්ම සුණුවිසුණු කරන දර්ශන ඇත්තටම බොරු නෙවෙයි. ටොර්නේඩෝ වලට ලොකු ආයුකාලයක් නැති වුනාට, පැයට කිලෝමීටර් 300-400 ත් අතර වගේ ප්රබලත්වයක් තියෙන ප්රබල සුළං ධාරා තමයි සුළියක් විදියට කරකැවෙන්නේ. ඒ වගේ වායු සුළියකට කරන්න පුළුවන් විනාශයත් අතිමහත්. උදාහරණයක් විදියට කිවුවොත්, බංග්ලාදේශයේ 1989 දී සිද්ධ වුණු ටොර්නේඩෝවකින් මිනිසුන් 1300 ක් විතර මිය ගියා. තනි ටොර්නේඩෝ විතරක් නැතුව ටොර්නේඩෝ ගණනාවක් ඇතිවෙන්නත් පුළුවන් සමහර අවස්ථාවලදී.
2. භූමි කම්පා….
Download California's New Earthquake Early Warning App | KQED
භූමිකම්පා කියන්නේ අතිදැවැන්ත ප්රමාණයෙන් ජීවිත හානි සහ දේපළ හානි සිද්ධ කරන ස්වභාවික සංසිද්ධියක්. ලංකාවේ අපිට භූමිකම්පා ආගන්තුක වුනත්, ලංකාවේ අපිට මෙතෙක් භූමිකම්පාවක් නිසා හානි පැමිණිලා නැතත්, අපිට භූ චලන සුළු වශයෙන් හරි දැනිලා තියෙනවා කියන එක බොරුවක් නෙවෙයි. ඇත්තටම 2004 සුනාමියට හේතුවත් භූචලනයක් තමයි. භූමිකම්පා සිද්ධ වෙන්නේ පෘථිවි අභ්යන්තරයේ සිද්ධවෙන වෙනස්කම් එක්ක භූ තැටි නැතිනම් ටෙක්ටොනික් ප්ලේට්ස් චලනය වීම, ගැටීම හෝ එකක් මත එකක් ලිස්සා යාම නිසා. මේකෙන් පෘථිවි කබොල සෙලවීම නිසා තමයි භූ චලනයක් ඇතිවෙන්නේ. ලංකාවේ භූ චලනයන් සම්බන්ධයෙන් අඩුවෙන්ම අහන්න ලැබුණත්, දැන් දැන් ලංකාවටත් භූ කම්පන අවදානම වැඩියෙන් තියෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ.
3. ගිණිකඳු විදාරණයන්…
Drone Flies Dangerously Close To Erupting Volcano, Captures Stunning Footage
ගිණිකන්දක් කියන්නේ කොයි වගේ දැවැන්ත විනාශයක් කරන්න පුළුවන් සංසිද්ධියක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පෘථිවි අභ්යන්තරයේ තියෙන ලාවා භූ පැළුම් ඔස්සේ උඩට ඇවිත් දැවැන්ත විදාරණයක් විදියට පුපුරා යන එකෙන් වගේම, පිටතට ගලාගෙන යන ලෝදිය වලිනුත් ලොකු විනාශයක් සිද්ධ කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම එක එක වර්ගයේ ගිණිකඳු විදාරණයන් තියෙනවා. ජීවිත සහ දේපළ වලට හානිකර නොවෙන යමහල් විදාරණයන් වගේම, ජීවිත සහ දේපළ බිලිගන්න යමහල් විදාරණයන් ගැනත් අපිට ඉතිහාසය පුරාම අහන්න ලැබෙනවා. ඓතිහාසික පොම්පේයි යමහල් විදාරණය එයින් එකක්. එතකොට 1815 දී ඉන්දුනීසියාවේදී සිද්ධ වුනා කියලා සැලකෙන ටම්බෝරා ගිණිකඳු පිපිරීමෙන් මරණ 71,000 කට වැඩි ප්රමාණයක් සිද්ධ වුනා කියලා කියවෙනවා.
4. සුළි කුණාටු….
Cyclone | meteorology | Britannica
සුළි කුණාටුවක් නැතිනම් සයික්ලෝනයක් කියලා කියන්නේ අඩු පීඩන මධ්යයක් තියෙන, දැඩි ගිගිරුම්, දැඩි සුළං සහ දැඩි වර්ෂාවක් තියෙන කුණාටු පද්ධතියක් කියලා තමයි හඳුන්වන්නේ. මේ සුළි කුණාටු ඇත්තටම බැලුවහම පේන්නෙත් අති දැවැන්ත සුළියක් වගේ නිසා සහ භ්රමණාකාරව සිද්ධ වෙන නිසා මේ නම වැටිලා තියෙන්නේ. මේවා පෘථිවියේ නිවර්තන ප්රදේශයේ හටගන්න නිසා ඇත්තටම “නිවර්තන සුළි කුණාටු” කියලා තමයි මේවා හඳුන්වන්නේ. මේවා කොයි තරම් භයානකද කියන එක ගැන අදහසක් ගන්න නම්, 1970 දී හටගත්තු භෝලා සයික්ලෝන් එක දිහා බලන්න ඕන. දැන් බංග්ලාදේශය තියෙන භූමිභාගයන් සලිත කරපු මේ සුළි කුණාටුවෙන් බිලිගත්තු ජීවිත ප්රමාණය ලක්ෂ පහකටත් වැඩියි කියලයි කියන්නේ. එතකොට 2008 දී මියන්මාරයේ ඇතිවුණු “නාර්ගීස්” සුළි කුණාටුවෙනුත් මිනිස් ජීවිත එක්ලක්ෂ තිස්දහසකටත් වැඩි ප්රමාණයක් විනාශ වුනා.
5. තාප තරංග….
An October Heat Wave Bakes the Southeast and Mid-Atlantic. Is This Our  Future? - Union of Concerned Scientists
තාප තරංග නැතිනම් හීට්වේව් කියලා කියන්නේ දැඩි උෂ්ණත්වයක් තියෙන කාලගුණයක් හේතුවෙන් ඇතිවෙන තත්ත්වයකට. හැබැයි මේ හීට්වේව් කියලා කියන්නේ අපි ලංකාවේ පසුගිය දවස් වල අත්දැකපු විදියේ උෂ්ණත්වයකට නෙවෙයි. ඊට එහා ගියපු බොහොම දරුණු උෂ්ණත්වයකට. මේ විදියේ හීට්වේව් වලින් හයිපොතර්මියා ඇතිවෙලා මිනිස්සු මැරෙන්න සහ රෝගාතුර වෙන්න විතරක් නෙවෙයි, භව බෝග විනාශ වෙන්නත් පුළුවන්. 2003 වසරේදී යුරෝපය හරහා ඇතිවුණු යුරෝපීය තාප තරංග නිසා මිනිස්සු 70,000 ක් විතර මරණයට පත් වුනා. එතකොට 2015 දී ඇතිවුණු හීට් වේව් එක නිසා ඉන්දියාවේත් පකිස්ථානයේත් මිනිස්සු 2500 බැගින් වගේ මිය ගිහින් තියෙනවා එක එක රටක.
6. ලැව් ගිණි….
wildfire | Definition & Facts | Britannica
ලැව් ගින්නක් කියලා කියන්නේ කැලෑ බිමක නැතිනම් ගස් කොළං බහුල ග්රාමීය ප්රදේශයක ඇතිවෙන ගිනිගැනීමක්. හැබැයි මේ ලැව් ගින්නක් කියන්නේ පාලනය කරගන්න බැරි වේගෙකින් ඇවිලීගෙන යන ගින්නක්. මේ ලැව්ගිනි වලත් විවිධ ප්රභේද තියෙනවා. ලංකාවේත් අපිට ලැව්ගිනි සම්බන්ධයෙන් වාර්තා වෙලා තියෙනවා. හැබැයි අපි ලැව්ගිනි අපේ ලැයිස්තුවට ඇතුළත් කරන්න හේතුවක් තියෙනවා. සාමාන්යයෙන් ලෝකේ වෙනත් රටවල, විශේෂයෙන් ඔස්ට්රේලියාවේ වගේ ඇතිවෙන ලැව් ගිනි සහ ලංකාවේ වනාන්තර වල ඇතිවෙලා තියෙන ලැව්ගිනි සසඳන්න බැහැ. වෙනත් රටවල ඇතිවෙලා තියෙන ලැව්ගිනි සහ ඒවායින් වෙන හානිය ඉතාම විශාලයි. හැබැයි ලැව්ගිනි ඇතිවෙන්නේ ස්වභාවිකව විතරක් නෙවෙයි. මිනිස් ක්රියාකාරකම් නිසාත් ලැව්ගිනි ඇතිවෙනවා. මේවායින් ඇත්තටම විශාලතම විනාශයක් වෙන්නේ වනගහණයට සහ සත්ව සංහතියට තමයි. මේවායින් සිද්ධ වෙන මිනිස් ජීවිත හානි සාපේක්ෂව අඩුයි කියන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, 2019 අප්රේල් මාසේදී දකුණු කොරියාවේ ඇතිවුණු ලැව්ගින්නකින් අක්කර 1300කට වැඩි ප්රමාණයක් විනාශ වුනා වගේම ගොඩනැගිලිත් 2000 ක් විතර විනාශ වුනා කියලා කියවෙනවා. මිනිස්සු 30 ක් විතර අනතුරට ලක්වුණත්, මරණ වාර්තා වුණේ දෙකයි.
7. හිම කුණාටු…..
What More than 2 Feet of Snow Looks Like - Videos from The Weather Channel  | weather.com
සිසිර කුණාටු නැතිනම් හිම කුණාටු කියන්නේ බොහොම පහළ උෂ්ණත්ව වලදී ඇතිවෙන කුණාටු වලට. මේ විදියේ කුණාටුවකදී හිම, අයිස් නිර්මාණය වෙනවා විතරක් නෙවෙයි, දැඩි සුළං පහරින් කුණාටුවක් විදියට මේ හිම සහ අයිස් ගසාගෙන යන එකත් සිද්ධ වෙනවා. මේ හිම කුණාටු නැතිනම් අයිස් කුණාටු වල දරුණුම තත්වයකට තමයි blizzard කියලා කියන්නේ. අපි කතා කරන්නෙත් අන්න එව්වා ගැන. සාමාන්යයෙන් කිලෝමීටර් සිය ගාණක් වුනත්, සමහර වෙලාවට කිලෝමීටර් දහස් ගාණක් වුනත් ඈතට හමාගෙන යන්න පුළුවන් මේ දරුණු හිම කුණාටු වලට මිනිස්සුන්ට වගේම දේපල වලටත් තදබල හානි කරන්න පුළුවන් . නිකමට හිතන්නකෝ වේගවත් කුණාටු සුළඟකින් හිම කැට හරි අයිස්කැට හරි ගහගෙන ගිහිල්ලා කොහේ හරි වදිනකොට තියෙන ප්රබල බලපෑම ගැන. 1972 දී ඉරානයේ ඇතිවුණු දැඩි හිම කුණාටුවකින් 4000 ක් දෙනා මැරිලා තියෙනවා. එතකොට 1719 දී නෝර්වේ වල ඇතිවුණු හිම කුණාටුවකින් 3000 ක් දෙනා මැරිලා තියෙනවා.
8. සුනාමි….
Tsunami: Amazing Photoshopped Pictures of XXL Waves - YouTube
අපි මෙච්චර කාලෙකට සුනාමිය අත්දැකලා තියෙන්නේ එක පාරක් නිසා, අපි ඒකත් අපේ ලැයිස්තුවට දානවා. සුනාමියක් කියලා කියන්නේ සරලවම මුහුද ගොඩ ගැලීමක් කියලා තමයි අපි දැනගෙන හිටියේ. ඒ කියන්නේ අති දැවැන්ත ප්රමාණයේ ජල කඳන්, උදම් ජල තරංග නැතිනම් අතිදැවැන්ත රැළි විදියට ගොඩට ගලාගෙන ඒම. මේකට හේතු වෙන්න පුළුවන් සමුද්රයේ සිද්ධ වෙන භූමිකම්පා, ගිණිකඳු විදාරණයන් වගේම මිනිසා විසින් ඇති කරන විවිධ පිපිරුම් සහ තවත් ඒ වගේ සංසිද්ධි වුනත්. කොහොම හරි මේ විදියට නිර්මාණය වෙලා ගොඩබිමට කඩාවදින දැවැන්ත උදම් තරංග වලට කරන්න පුළුවන් ව්යසනය අතිවිශාලයි. ඒකට හොඳම උදාහරණය් තමයි 2004 වසරේ ශ්රී ලංකාවට කඩා වැදුණු දැවැන්ත සුනාමිය. ඒකෙන් ජීවිත 39000 කට ආසන්න ප්රමාණයක් බිලිගත්තා කියලා පුවත්පත් කියනවා…….
………අන්තර්ජාලයඇසුරෙනි…………

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!