කාර්යාලයේ වැඩ අවසන් වී ඔරලෝසුව දෙස බලන විට හවස 4 පසු වී විනාඩි 10ක් ද ඉක්ම ගොස් ය. අද දින සතියකට පසු මා නිවස බලා යා යුතු දිනයයි. පලාත් අතර සංචරන සීමා හේතුවෙන් අද දින කාර්යාල සේවයේ යා නොහැකි වුවහොත් මා හට තව දින දෙක තුනක් කොලඹ නැවතී සිටීමට සිදු වන නිසා ඉතා ඉක්මනින් මා කාර්යාලයෙන් පිට විය. සුපුරුදු කරුම කාලසටහන ක්රියාත්මක වී මහ ධාරානිපාත වර්ශාවක් ඇද හැලෙන්නට විය. කුමක් කරන්නද, සියල්ලටම පෙර සූදානමින් සිටින මා බෑගයේ ඇති කුඩය එලියට ගෙන වීරයෙකු මෙන් ඉදිරියට ඇදෙන්නට විය. එහෙත් එක්වරම ආ සුලගින් මාගේ කුඩය අටපට්ටම් වූ අයුරු දැනුදු සිහියට නැගෙන්නේ වීරයාට සිදු වූ අකරතැබ්බය හේතුවෙනි. සිදු වූ නෝන්ඩිය මග හරවා ගනිමින් පාරෙන් පැන බස් නැවතුමක් තුලට වී බසය එනතුරු බලා සිටියෙමි. විනාඩි 15 කට පමණ පසු බස් රථය පැමිනි නිසා මා එයට නැගගෙන පිටුපසම ආසනය වෙත ගොස් වාඩි විය. ජනේලය ලග අසුන වෙන අයෙකු විසින් අත්පත් කරගෙනය. මා ඔහු අසලින්ම ඉද ගතිමි. ටික වෙලාවකට පසු මා හට වැටහී ගියේ ඔහු මේ බසයේ අයිතිකරු විය යුතු බවයි, ඔහුගේ පාදය හා අත මාගේ ආසනය මත විය, බසයක් ගැනීමට තරම් වත්කමක් නොමැති මා සිදු වූ අසාදාරනය දරා ගනිමින් ගමනාන්තය දක්වා එතැන රැදී සිටීමට තීරණය කලේ වෙනත් අසුනක් නොමැති වූ නිසාවෙනි.
මද දුරක් පැමිනෙන විට වට්සැප් පණිවිඩයක් පැමිණි නිසා මම එය බැලීමි. “ලමයි ලොග් වෙන්න”. අද දින සවස 5ට මීඩියා පංතිය පැවැත්වෙන බව මා හට සිහි වූයේ එවිටයි. මා උසස් පෙල හදාරා බොහෝ කලක් ගත වූවත් නැවතත් උසස්පෙල කලා අංශයෙන් හැදෑරීමට මා සූදානමින් සිටී, එයට හේතු වන කාරනා රාශියක් තිබුනත් එය වෙනම ලිවිය යුතු කරුණක් සේ මට හැගේ. කෙසේ වෙතත් මේ පිලිබද මාගේ යෙහෙලිය දරන අදහස නම් “ඇති යන්තම් තොට දැන්වත් මොලේ පෑදුනා” යනුවෙනි.
හවස 5 වීමට තව මිනිත්තු කිහිපයක් ඇත. බසයේ සිදුවන අසාධාරනකම් කෙසේ වෙතත් මා විසින් දුරකතනය ඔස්සේ සූම් හරහා පංතිය හා සම්බන්ධ විය. පංතියට මෙතරම් බාධක හමුවේ උවද සම්බන්ධ වීමට හේතු කිහිපයක් ඇත. ඉන් ප්රධානම හේතුව වූයේ එදින සාකච්ඡා කරන ලද විශය කොටසයි. එනම් සිනමාව හා රූපවාහිනිය පිලිබඳවයි. සිනමාවේ ඉතිහාසය තුලින් ආරම්භ ඌ පාඩම ඉතා රසවත් බව කිව යුතුමය. කෙමෙන් කෙමෙන් අපගේ බස් රථයද දක්ශින අධිවේගය ඔස්සේ ඉදිරියට ඇදෙමින් තිබිණි. සිනමාව ගැන මූලික දැනුමක් සුළු වශයෙන් තිබූ මා හට එහිදී ඇසූ ප්රශ්න පිලිබඳ එතරම් ගැටළුවක් නොවීය. එහෙත් මද දුරක් යන විට සිග්නල් නම් මාරයා මාගෙ ඉගෙනීමේ ක්රියාවලියට බාදා පමුනුවන්නට විය. ගුරුතුමිය එක්වරක් ඇසූ ප්රශ්නයකට මා දුන් පිලිතුර ගුරුතුමියට සම්ප්රේෂණය වන විට ගුරුතුමිය ඊලග කොටසේද බාගයක් අවසන් කර තිබිනි. මේ ආකාරයට පාඩම හා සම්බන්ධව සිටින විට එක දිගට පැමිණි වට්සැප් පණිවුඩ කිහිපයක් නිසා මම ඒ කුමක්දැයි බැලීමි. සෑමදාම මෙන් මට අතපසු වීමක් සිදු වී ඇත. “පැටියො මම පංතියක ඉන්නෙ” යනුවෙන් පණිවුඩයක් සටහන් කල මා එසේ නොකලානම් ඊලගට පැමිනෙන්නේ දුරකතන ඇමතුමක් බව මා හොදින්ම දනී.
වැලිපැන්න අධිවේගී පිවිසුම පසු කරන විට මා හට බොහෝ කරුණු අතපසු වී ඇති බව පැහැදිලි විය. කෙමෙන් කෙමෙන් සියලු බාදක දරාගනිමින් බද්දේගමට ලගා වූ මා බසයෙන් බසින විට ලෙස්ටර් යුගයද අවසන් වීමට ආසන්නව තිබිනි. දුරකතනය සාක්කුවේ දමාගත් මා හෑන්ඩ් ෆ්රී එකකින් පාඩමට සවන් දෙන අතරතුර ATM යන්ත්රය වෙත පිය නැගුවෙමි. බහුතරයක් සේවකයන් සතුටින් සිටින එකම දිනය එය විය හැක. මාගේ සතුටද එදින දවල් දුරකතනයට ලැබුන කෙටි පණිවිඩය සමග ආරම්භ විය. කෙසේ වෙතත් බැංකුවට වැටුනු මුදලෙන් කොටසක් ATM යන්ත්රය හරහා ලබාගත් මා එතැනම තිබූ ත්රීරෝද රථයක නැගී නිවස වෙත ඒමට පිටත් විය, ඒ වන විට ලාංකීය සිනමාවෙ හොදම නිර්මාණ 10ද කියා අවසන් වෙමින් තිබිනි, මද දුරක් පැමිනෙන විට සම්පූර්ණයෙන්ම පාඩම සමග මගේ තිබුන සම්බන්ධතාවය ගිලිහුනි. ඉන්පසු 7.30 පමණ වන විට නිවසට පැමිණි මා හට නිවසේ තිබෙන පහසුකම් හේතුවෙන් නැවත පාඩම හා සම්බන්ධ විය හැකි යැයි සතුටක්ද හිත තුල තිබිනි. එම නිසාම ඇදුම් මාරු කිරීමටත් මත්තෙන් මම පාඩම හා ඉක්මනින් සම්බන්ධ විය.
” එහෙනම් සිනමාව ගැන කොටස ඔච්චරයි ලමයි. පාඩම එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තූතියි”
උපුටා ගැනීම: ප්රභාත් ගොඩකන්ද