අපේ කට විතරක් නෙවෙයි, ඇත්තටම අපේ ශරීරයත් කථා කරනවා. මොකද අපේ මනසේ තියන ගැටලු අපේ ශරීරයෙන් එළියට පෙන්නුම් කරනවා. අපිට අපේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණාම, එමගින් මානසික රෝග වගේම ශාරීරික රෝග ඇතිවෙන්නත් ඉඩ තියනවා කෙනෙක් තමන්ගෙ හැඟීම් ප්‍රකාශ නොකරන තරමට එයාව අසනීප වෙන්න තියන ඉඩ වැඩියි. අපි පොදු රෝග සඳහා මානසික හේතු කිහිපයක් පරීක්ෂා කර අනවශ්‍ය සෞඛ්‍ය ගැටලු වළක්වා ගැනීමට අපට උදව් කරමු.
අපි නිතරම ඔයාගෙ ශාරීරික හා මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙනවා. ඒ නිසා තමයි අද අපි හිතුවෙ පොදු රෝග කිහිපයකට හේතු වෙන මානසික තත්ව 6 ක් ගැන ඔයාට කියලා දෙන්න ඕන කියලා. රෝග වර්ධනය සඳහා බලපාන මනෝවිද්‍යාත්මක හේතු කිහිපයක් ගැන දැන් අපි කතා කරමු.
01. බිය නිසා අසාත්මිකතා හා සමේ රෝග ඇති වෙනවා.
සමහර පර්යේෂකයන් කියන්නෙ මානසික සෞඛ්‍යයයේ ප්‍රශ්න නිසා දද, අධික උණ සහ ඇදුම ඇති වෙන්න පුලුවන් බවයි. ඔයා අවුරුදු ගාණක් තිස්සේ අසාත්මිකතාවන්ට ගොදුරු වුණත් හරියටම ආසාත්මිකතාවය මොකක්ද කියලා හොයාගන්න බැරි වුණා නම්, ඇතුළතින්ම ඇති වෙන බය නිසා මෙහෙම වෙන්න ඉඩ තියනවා.
02. සිරුරේ බර ගැන උමතුවෙන් සිතීමෙන් සෞඛ්‍ය ගැටළු ඇති වෙනවා.
ඇඟේ බර ගැන ඕනෑවට වඩා හිතීමෙන් සහ වද වීමෙන්, මතකය සම්බන්ධ ගැටලු වගේම අවධානය යොමු කිරීමේ ගැටළු ඇති වෙනවා. සමේ රැළි, කුඩා පියයුරු හෝ වෙනත් ශරීර කොටස් ගැන ඔයා ඕනෑවට වඩා කනස්සල්ලට පත් වීමෙනුත් මේ විදිහට මොළයට බලපෑම් ඇති වෙන්න පුලුවන්.
ඔයාගෙ ශරීරය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. අපි ශරීරය රැකබලාගන්න ඕන තමයි, ඒත් පිස්සුවෙන් වගේ අනවශ්‍ය විදිහට ශරීරය ගැන වද වීමෙන් භයානක තත්වවලට මුහුණ දෙන්න සිදුවෙනවා.
03. බිය සහ ඇබ්බැහි වීම එකවර විවිධ රෝග වල රෝග ලක්ෂණ ඇති කරනවා.
බරපතල රෝගාබාධයක් ඇතිවීමට හේතුවක් නැති වුණත්, පොඩි රෝග ලක්ෂණයකින් පවා ඔයා ඕනෑවට වඩා බය වෙන්න පුලුවන්. ඒ ගැන හිතන ප්‍රමාණය වැඩි වෙන තරමට ඔයාගේ ශරීරයේ රෝග ලක්ෂණ දැනෙන්න පටන් ගන්නවා.
සමහර විට අපි ගැටළු අධිතක්සේරු කරනවා. ඕනෑවට වඩා බය වීමෙනුත් රෝග ලක්ෂණ වැඩි වෙනවා.
04. චිත්තවේගීය ගැටුම් හා ආතතිය නිසා ආහාර ජීර්ණ ආබාධ ඇතිවෙනවා.
අපේ ආමාශය පාලනය වන්නේ සංකීර්ණ පද්ධතියකින්. ජීවිතයේදී ගොඩක් වෙලාවට ආතතිය මගින් ආවේගයන් පාලනය කරන්න පුලුවන් වුණත් එමගින් අනවශ්‍ය ප්‍රතික්‍රියා ඇතිකරන්න ඉඩ තියනවා.
ආමාශයේ දැවිල්ල හා ගැස්ට්‍රයිටිස් ඇතිවීමට ඔයාගෙ හැඟීම්වල තියන ගැටුම් හේතු වෙන්න ඉඩ තියනවා. වගකීම භාර ගැනීමට හා දුෂ්කර ගැටුම් වලින් මිදීමට මාර්ගයක් සොයා ගැනීමට ඇති නොහැකියාව නිසා මේ රෝග ඇති වෙන්න පුලුවන්.
05. ස්වයං විවේචනය හා බිය නිසා හිසරදය සහ ඉරුවාරදය ඇතිවෙනවා.
ස්වයං විවේචනය, ආත්ම අභිමානය අඩුකම සහ ඇතුළතින්ම බය වීම වගේ කරුණු නිසා ඔයාව නිතරම කනස්සල්ලට හා ආතතියට පත් වෙනවා.
ඔයාට අවමානයක් හෝ අවතක්සේරු කිරීමක් දැනෙන අවස්ථාවලදි ඔයාටම සමාව දීගන්නවාට වඩා ඒ තත්ව වලින් මිදෙන්න මහන්සි වෙලා වැඩ කරන එක තමයි හොඳ.
06. මානසික අවපීඩනය හා කාංසාව නිසා හෘද රෝග ඇති වෙන්න ඉඩ තියනවා.
දිගු කාලයක් තිස්සේ ඇතිවන මානසික අවපීඩනය හා කාංසාව නිසා කිරීටක හෘද රෝග සැලකිය යුතු ලෙස වැඩි වීමේ අවදානමක් තියනවා. ඒ විතරක් නෙවෙයි, මානසික අවපීඩනය මගින් හෘදයාබාධ ඇතිවෙන්නත් පුලුවන්.
ඔයාට දවසින් දවස වැඩිවෙන කනස්සල්ලට හේතු එන කාරණයක් තියනවා නම් ඔයාගෙ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගන්නවා. මෙමගින් හෘදයාබාධ ඇතිවෙන්න ඉඩ තියනවා.
වළක්වා ගන්නේ කොහොමද?
1. ශාරීරික රෝග ලක්ෂණ සඳහා අප වෛද්‍යවරුන් හමුවෙනවා. ඒ අතරම මනෝ විද්‍යාඥයකු හමුවීම මගින් ගැටලුවේ මූලික හේතුව හොයාගෙන නිසි ප්‍රතිකාර ලබාගන්න පුලුවන්.
2. මානසික ආතතිය අඩු කිරීම සඳහා භාවනා සහ සිහිය පුහුණු කිරීම හොඳ විසඳුමක්. ප්‍රවීණයන් කියන්නෙ සිහිකල්පනාවෙන් ඉන්නකොට අපේ අවධානය වෙන පැත්තකට යොමුවෙන්න තියන ඉඩකඩ අඩු බවයි. අනිත් අයව විනිශ්චය නොකිරීමෙන් ඔයාගෙ මනස සන්සුන්ව තියාගන්න පුලුවන්.
උපුටා ගැනීම: adobae