එක මෝඩ මිනිහෙක් හරි ගෑණියෙක් හරි නිසා සමහර විට කෙනෙක් මුලු ජීවිත කාලය පුරාම මැවුව හීනයක් විනාශ වෙලා යන්න පුලුවන්.
ඊයේ ප්‍රංශ පාපැදි සවාරියෙදිත් ඒ වගේ දෙයක් වුණා.
සිද්ධිය මේකයි,
108 වැනි ප්‍රංශ පාපැදි සවාරිය බලන්න ඇවිත් හිටපු ගෑණියෙක් ජර්මන්-ප්‍රංශ භාෂා කළවම් කරලා ලියපු බෝඩ් එකක් උස්සගෙන් ටී.වී. කැමරාවක් දිහාවට හිනා වෙන්න ගියා. ඒකේ ලියලා තිබ්බේ එයාගෙ ආච්චිටයි සීයටයි මොකක්ද මන්දා පණිවුඩයක්ලු. මේ ගෑණි කොච්චර මෝඩද කියනවා නම් බෝඩ් එකත් උස්සගෙන ටී.වී. කැමරාවට මුහුණ දෙන්න පාරට පැන්නා. ඒ වෙද්දිත් පිම්මේ ආපු සයිකල්කරුවෙක් මේ ගෑණිව ඇඟෙ හැපිලා බිම වැටෙනවා.
පාපැදි කරුවෝ රොත්තක් වේගයෙන් එනකොට, ඉස්සරහින්ම යන කෙනාව වැටුණොත් වෙන දේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. පාපැදිකරුවෝ හැමෝම එක රොත්තට බිම ඇදගෙන වැටුණේ ප්‍රංශ සවාරි ඉතිහාසයේ ලොකුම අනතුර වාර්තා පොතට එකතු කරමින්.
මේ අනතුරින් තරගකරුවෝ 21 ක් දෙනෙක් තුවාල වුණා. ඒ අය අතර මේ අවුරුද්දේ සවාරිය දිනයි කියලා ගොඩාක් දෙනෙක් හිතන ජර්මනියේ ටෝනි මාර්ටිනුත් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ජර්මනියේ පාපැදි කණ්ඩායමේ ජාශා ෂටර්ලින්ට තුවාල නිසා තරගයෙන් ඉවත් වෙන්නත් සිද්ධ වුණා.
කොහොම හරි දැන් මේ ගෑණි ආගිය අතක් නැහැ. නිල් ජීන්ස් එකක්, රතු සහ සුදු ඉරි වැටුණු ස්වේටර් එකක් සහ කහ පාට ජැකට් එකක් ඇඳලා අවු කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්න මේ ගෑණිව හොයාගන්න ප්‍රංශ පොලිසිය දැන් මහජන සහාය පතනවා.
කොහොම වුණත් මේ මෝඩ ගෑණිට මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. ජාත්‍යන්තර තරගයක ආරක්ෂක රෙකුලාසි උල්ලංඝනය වෙන විදිහට කටයුතු කරලා, තරගකරුවන්ට අනතුරු සිද්ධ කිරීමේ වරදට දඬුවමක් විදිහට වසරක සිරදඬුවමක් සහ පවුම් 13,000 ක (දළ වශයෙන්ද රැපියල් ලක්ෂ 36 ක්) දඩයක් නියම කරන්න පුලුවන්ලු. ඒ වගේම මාස 3 ක් යනකම් කිසිම තැනක රස්සාවක් කරන එක තහනම් කරන්නත් අධිකරණයට බලයක් තියෙනවලු..
දැන් අමාරුව සනීප ඇති…