පළතුරු ආහාරයට ගැනීම ශරීරයට ඉතාමත් ගුණදායකය.බාල මහළු අප කොයි කවුරුත් භේදයකින් තොරව පළතුරු ආහාරයට ගැනීමට වැඩි රුචිකත්වයක් දක්වයි.පලතුරු බොහෝ ලෙඩ රෝග සුව කිරීමට හේතුවේ. එමෙන්ම පළතුරුවල අඩංගු විටමින් වර්ග ශරීර වර්ධනයට සෞඛ්‍ය සම්පන්න දිවියකට බෙහෙවින්ම වැදගත්වේ.එහෙත් අද වෙළෙඳ පොළේ අලෙවිකරන පළතුරු ඉතා පරීක්ෂාකාරීව මිලදී ගත යුතුය.ඊට හේතුවනම් බොහොමයක් පළතුරු කාබයිට් නමැති රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් ඉදවීම සිදුකිරීමයි.
මෙම රසායනික ද්‍රව්‍ය යෙදූ විට නොපැසුණු අමු පළතුරු ද බැලූ බැල්මට පෙනෙන්නේ හොඳින් ඉදුණු පලතුරු ලෙසින්ය.මෙම කාබයිට් යෙදීම හරහා පලතුර තුළට එතනින් වායුව ඇතුල් වන අතර එමඟින් පලතුරු ඉදීම වේගවත් කෙරේ.එමෙන්ම පළතුරු ඉදීමේ වේගය වැඩි කිරීමට භාවිතා කරන කැල්සියම් කාබයිට් සංයෝගයට ජලය මිශ්‍ර කිරීමෙන් ඇසිටිලින් නැමති වායුව නිෂ්පාදනයවේ.මෙම ඇසිටලින් වායුවද ශරීරයට අහිතකරය.
එමෙන්ම කැල්සියම් කාබයිට්වල අඩංගු අපද්‍රව්‍ය වන ආසනික් හා පොස්පරස් ද ශරීරයට එතරම් හිතකර නොවේ.අදවනවිට බොහෝ වෙළෙන්දන් එතරම් සැලකිල්ලක් නොදක්වා කාබයිට් වලට ජලය මිශ්‍ර කර සකස් කර ගන්නා ලද ඇසිටලින් වායුව පළතුරු වලට ඉසීම මගින් පළතුරුවළට නොයෙක් බැක්ටීරියා අපද්‍රව්‍ය එකතුවේ.ඒ නිසාම ඔබ වෙළදපොලෙන් මිලදී ගන්නා පළතුරු ආහාරයට ගැනීමට පෙර මද උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කර ආහාරයට ගැනීමට අමතක නොකරන්න
කාබයිට් අඩංගු පළතුරු හදුනාගන්නේ කෙසේද?
- මතුපිට කහ පැහැති වී ඉදිමී තිබීම.හා ස්භාවික නැවුම් බවින් තොර වීම.
- රැළි නොගැසුනු දිලිසෙන පිට පොත්තක් තිබීම.
- පිට පොත්ත තද කහ පාටින් යුතු වුවද කපා බැලූ විට ඇතුළත අමු කොළ පාට පැහැයෙන් යුක්ත වීම.
- කහ පැහැති මතුපිට මත කොළ පුල්ලි තිබීම.
- පළතුරුවල අඩංගු ස්වභාවික රස වෙනුවට කෘතිම රසයක් හා සුවඳක් දැනීම.
- පලතුරු යුෂ අඩුවීම හා ස්වභාවික වර්ණය වෙනස් වී තිබීම.
- කාබයිට් අඩංගු පළතුරු ආහාරයට ගත් පසු උගුර ආශ්‍රිතව දැවිල්ලක් ඇතිවීම, වමනය, වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.එමෙන්ම මෙමගින් පසුකලෙක පිළිකා සහ වකුගඩුවැනි රෝගාබාධ ඇතිවිය හැකි බව අද වන විට වෛද්‍ය පරීක්ෂණ මගින් ද තහවුරු කරගෙන තිබේ.
- මීට අමතරව ඇපල් වල අභ්‍යන්තර ජලය පිටතට ඒම වැළැක්වීම සඳහා දිලීර නාශක හා වැක්ස් යෙදීමදසිදුකරයි.
මේ නිසාම බොහෝ පළතුරු ආහාරයට ගැනීමට පෙර හොදින් පරික්ෂා කර බැලිය යුතුය.එමෙන්ම කාබයිට් භාවිතා කළ නොහැකි පළතුරු වර්ග වන දොඩම්, දෙහි, වෙරළු, නාරං, ,මිදි, චෙරි,ලාවුළු, ස්ට්‍රෝබෙරි, මැංගුස්, අනෝදා,පේර, ආදී පළතුරු ආහාරයට ගැනීම වඩාත් වැදගත්වේ.එවැනි පළතුරුවල අඩංගු පෝෂක පදාර්ථ මෙතෙකැයි කියා විස්තර කළ නොහැකි තරම්ය.
කෙසේ නමුත් කාබයිට් භාවිතය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කළද වෙළෙන්දන් මෙම රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම තවමත් නතර කර නොමැත.තමාගේ ආරක්ෂාව තමා සතු හෙයින් සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමට නම් එදිනෙදා ආහාරයට ගැනීම සඳහා හැකි තරම් පළතුරු වර්ග තම ගෙවත්තේ ම වගා කර ගැනීම වඩාත් වැදගත් බව සිතට ගත යුතුය.
උපුටා ගැනීම: Hela Rahas