අපේ අම්මලාගෙ පලවෙනි teacher’s zoom meeting එක. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද නම් ඓතිහාසික දවසකි. ගුරුවරු ලොකු මැඩම් ඉස්සරහ ළමයින් වී ඇත. මා මෙන් මේ අරකතැබ්බයට මුහුන දුන් අම්මලා අප්පච්චිලා ගුරුවරු වන මාගෙ මිතුරු මිතුරියන් බොහෝමයක් අතින් මේ වැනිම කතා බොහෝමයක් දුටු බැවින් මේ මාගේ වරයයි. මෙහි ඉතාමත් රසබර කතා ස්වල්පයකට අවදානය යොමු කරමු. හුදෙක් විනෝදයට පමණක් බැවින් කරටගත් රෙදි අදාල ස්තාන වලම ස්තාපිත කොට කතාව අසනු මැනවි.
පලමු ජවනිකාව.
මීටිම 9ට වූවත් පළමු මීටිමට අපේ අම්මාගේ ලකලෑස්තිය පෙර දා රෑ 7.30 සිටය. ඒ වන විට නංගීට සහ මට පලමු භීශනාත්මක අවවාද ලැබුන මුල්ම අවස්තාවයි. ” හෙට උදේ මට කෑ ගහන්න තියාගන්න එපා. උදේම නැගිටලා මගේ වැඩේ කරල දෙන්න ඕන.” ඊට පසු සෑම විනාඩි 10කට වරක් බැගින් රාත්රී 11 වන තෙක් එම රෙකෝර්ඩ් එක එලාම් එකක් මෙන් නිවැරදි වේලාවටම ඇසුනි. නිදාගැනීමට පෙර විනාඩි 5 කට දෙවරක් එලාම් එක වැදීමෙන් පසු සැවොම සතුටින් නින්දට ගියෝය.
දෙවන ජවනිකාව.
වේලාව උදෑසන 7 පසු වී විනාඩි 30 කි. කුස්සිය දෙසින් කවදාවත් නෑසූ ගෝරනාඩුවක පළමු තත්පරයේ මාගේ සුනිල්වන් නුවන් යුග විවෘත විය. එදා මෙදා තුර කොරෝනා ඉතිහාසයේ නොවූ සිදුවීමක් බැවින් ඉතිහාසගත සිදුවීමකි. කෙසේ වෙතත් මීටිං ලෝකයේ රන් අකුරෙන් ලියවෙන මහා මීටිම අද දින පැවැත්වෙන බැවින් කොහොමත් අද ඓතිහාසික දිනයකි. ගෝරනාඩුව අහින්සක නංගී සහ මාව කීද්දීම සඳහා අප්පච්චීගෙ සහ අම්මාගේ බොරු උප්පරවැට්ටියක් බව මීටිම අවසානයේ අම්මාට සිදු වූ සුළු අත් වැරැද්දක් නිසා එලියට ආ බව කිව යුතුමය.
තෙවන ජවනිකාව.
වේලාව 8 පසු වී විනාඩි 30කි. අහෝ තව මිනිත්තු 30කින් ලෝකය කලම්බනා මහා මීටිම පැවැත්වීමට නියමිතය. මාගේ ලැප්ටොප් රාජයානන්ට දහ වැඳුම් වැඳ අපට උවමනා වේලාවට ඔන් කරගතිමු. මට කෝචොක් කිරීමට උපන් හපන් මාගේ ලැප්ටොප් රාජයානෝ අම්මගේ හැටි හොඳින් දන්නා නිසා තව දුරටත් ජීවත් වන අරමුන පෙරදැරි කරගෙන වෙලාවටම ඔන් උනි. නානා විද බහුරූ කෝලම් වලින් අනතුරුව zoom app එක සක්රීය විය. මීටිම 9ට බැවින් ඉතිං මේ ඉවසීමෙන් සිටිය යුතු කාලයයි. වේලාව කෙමෙන් කෙමෙන් ලං වේ.
දැන් වේලාව 8 පසු වී මිනිත්තු 55කි. තව දුරටත් හාවක් හූවක් නැත. අම්මා ඉහින් කනින් දාඩිය පෙරාගෙන ලැප්ටොප් රාජයානන් ඉදිරියේ වාඩි වී සිටී. මේ අල්ලපනල්ලෙ ,
ලොකු මැඩම්, හොඳයි. හැමෝටම සුබ උදෑසනක් කියා මීටිම ආරම්භ කරන ලදී. අරමුන පැහැදිලි කිරීමෙන් පසු zoom මීටිං වලට ළමයින්ගේ සහභාගිත්වය පැහැදිලි කරන අටියෙන් 6 A පන්ති භාර ගුරුභවතා අමතන ලදී. අහෝ පුදුමයකි. ඇය අතුරුදහන්. මට අපේ zoom මීටිං හදිසියේ මතක් විය ප්රශ්න හා පිළිතුරු වටයන් වලදී ලෙකා දස දහස් වතාවක් නම කතා කලද අදාල ඇත්තා zoom වාස භවනෙන් අන්තර්දාන වී ඇත. ඒ අයුරින්ම ගුරුතුමී නැත. මාගේ මුවින් සිනාවන් නැගීමට ප්රථම අම්මගෙව් උනුසුම් රැවීමක් ලැබුන හෙයින් වහා සිනහව අතුරුදහන් විය.
මේ අවස්තාව වන විට මීටිමේ උනුසුම් භාවය කොතෙක්ද කිවහොත් වත්තේ සිටි අප්පච්චීද ලැප්ටොප් රාජයානන් ඉදිරියේ ය. ගුරුතුමියන් ගුරුතුමන් ලොකු මැඩම්ගේ අනේකවිධ ගුරුහරුකම් මද්යයේ ඒ ඉල්ලීම් තාක්ශනය ඔස්සේ කෙසේ කරන්නේදැයි අහස පොලව ගැටලන්නාක් මෙන් කල්පනා කරනවා ඇති බව මට සිතේ. ඒ ඉල්ලීම් අප මහා ගෝඨාභය තුමානෝටද ඉටු නොකළ හැකි අන්දමේ ඉල්ලීම් ය. අම්මාගේ රතු කට්ට පැනීමට ඉතා ආසන්න බව දුටු මා ඈට අවශ්ය සියළු සකලමනා නිසි අයුරින් ලබා දීමට ලක ලෑස්ති පිට එකත්පස්ව සිටීමි.
අවසාන ජවනිකාව.
මෙසේ මීටිම ගලා යයි. තව මිනිත්තු දෙක තුනකින් අම්මා ජාතිය ඇමතීමය සූදානම්ව අවස්ථාව එනතෙන් බලා සිටී. අහෝ මාගේ මිතුරනි අභාග්යකි. මීටිමේ කාලය විනාඩි 45ක් වූ බැවින් ඒ වේලාව ලඟා වූ නිසා හිටි හැටියේ මීටිම විසන්ධි විය. බලාපොරොත්තු දස දහසක් පොදි බැඳගෙන මීටිමට පෙරදා සිට ලෑස්ති වූ අම්මට සහ මාගෙ හිතාදර දයාබර ආදරනීය විද්යාව භාර මැඩම්ට මීටිම මග හැරින. කෙසේ වෙතත් අවසානයේ ලොකු මැඩම් දුරකථනයේ ආනුභාවයෙන් අම්මාගේ විස්තර ලබාගත් බව බලාපොරොත්තු කඩවීමෙන් මා ප්රකාශ කරමි.
ප.ලි.
මාගේ ගිනුමේ වාසය කරන හුදෙක් ඇත්තන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අම්මා මුහුනු පොතේ වාසියෙක් නොවන බැවින් මෙම වාර්ථාව අම්මාගේ කනේ නොතබනා මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.
උපුටා ගැනීම: Chami Devindika

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!