අරිසාකා රයිෆලය දෙවනි ලෝක යුධසමයේ මැද භාගයේ ජපානය විසින් නිපදවන ලද ඉතාම උසස් තත්වයේ බෝල්ට් ඇක්ශන් රයිෆලයක් වේ. උප ස්වයංක්රීය ගිනිඅවි සහ ප්රහාරක ගිනිඅවි යුධ බිමට පැමීනීමට පලමුවෙන් යුධ බිමේ ඉතාම කාර්යක්ෂමව හැසිරවිය හැකි අවි අතලොස්සෙන් ඉදිරියෙන්ම සිටියේ අරිසාකා රයිෆලයයි. මේ අවියට කලින් ජපන් හමුදා භාවිතා කරන ලද්දේ type 38 රයිෆලය වුවත් එම අවියට භාවිතා කල 6.5x50mm කාටිරිජයට වඩා, type 92 බර ස්වයංක්රීය ගිනි අවියට භාවිතා කල 7.7mm කාටිරිජය විනාශකාරී බව අතින් හා කාර්යක්ෂමතාව අතින් ඉහල බව ජපාන ආයුධ විශේෂඥයින් සොයා ගැනීමෙන් පසු ඒ වන විට චීනය සමඟ යුද්ධයට පැටලී සිටි ජපන් හමුදාවේ නිල අවිය ලෙස 7.7mm කාටිරිජය යොදන type 99 අරිසාකා රයිෆලය යොදා ගැනීම සිදුවිය. ඒ අතරම 7.7mm කාටිරිජය නිල වශයෙන් ජපන් අධිරාජ්යය හමුදාවේ භාවිතයට නිකුත් කෙරුනා.
අරිසාකා රයිෆලය ප්රධාන මොඩල 4න් හඳුන්වා දෙනු ලැබුවා.
1. අරිසාකා කෙටි රයිෆලය – හුරුබුහුටි ඉතා ඉහල ක්රියාකාරීත්වයකින් හෙබි සාමාන්ය සොල්දාදුවන්ගේ පරිහරණයට නිකුත් කල රයිෆලය
2. අරිසාකා දිගු රයිෆලය – සීමිත ගණනක් පමනක් නිශ්පාදනය කල සමහර නිළධාරින්ගේ භාවිතා සඳහා යොදා ගන්නා ලද රයිෆලය
3. අරිසාකා ටේක් ඩවුන් (කොටස් වලට කැඩිය හැකි) රයිෆලය – පැරා ටෲපර්/ පැරශුට් භටයින්ගේ භාවිතයට විශේෂයෙන් නිශ්පාදනය කරන ලද කොටස් වලට වෙන් කර නැවත එකලස් කල හැකි රයිෆලය
4. අරිසාකා ස්නයිපර් රයිෆලය – දිගුදුර වෙඩික්කරුවන්ගේ භාවිතයට විශේෂයෙන් නිපදවූ රයිෆලය. Straight bolt සහ bent bolt ලෙස මෙහි උප මොඩල දෙකක් නිශ්පාදනය කරන ලදී. Straight bolt මොඩලයේ දුරේක්ශය වම් පසින් තුවක්කුවට සවි කල හැකි පරිදි සාදා තිබූ අතර පතුරම් ක්ලිපයක් එකවර ඇතුල් කල හැකි විය. Bent bolt මොඩලයේ දුරේක්ශය තුවක්කුවට ඉහලින් සවිකල හැකි ලෙස සාදා තිබූ අතර වරකට එක බැගින් පතුරම් ඇතුලු කල යුතු විය.
මුල් අවදියේ නිශ්පාදනය කරන ලද රයිෆල, ජපාන අවි කාර්මිකයන් ඉතාම දක්ශ අන්දමින් කල් පවතිනා ලෙස ඉහල නිරවද්යයතාවයකින් යුතු වන ලෙස නිර්මානය කලත් (පිරිසිඳු කිරීමේ පහසුව සඳහා බෝරය පවා ක්රෝමියම් ආලේපිතව නිශ්පාදනය කර තිබුනි) පසුව පැසිෆික් යුද්ධයට පැටලීම නිසා මූලද්රව්ය හිඟකම හා වේගයෙන් අවි නිශ්පාදනය කල යුතු වීම නිසා පසුකාලීන අරිසාකා රයිෆල් එතරම් ඉහල ගුනාත්මක තත්වයකින් නිශ්පාදනය කිරීමට ජපානයට නොහැකි විය. කෙසේ වෙතත් අද දින දක්වා නිශ්පාදනය කරන ලද බෝල්ට් ඇක්ශන් රයිෆල අතරින් දශක හතක් පැරණි අරිසාකා රයිෆලය තවමත් ඉතාම ඉහල කල්පැවත්මකින් හා ගුනාත්මක බවකින් යුතුව අවි එකතු කරන්නන්ගේ සිහින ලැයිස්තුවේ ඉහලින් වැජඹේ.





උපුටා ගැනීම: Supun Fernando
Ceylon shooters association