හොද මනසක් සහ නිරෝගී ශරීරයක් ලබා ගැනීම සදහා සමබර ආහාර වේළක් ගැනීම ඉතා වැදගත් වේ. තවද හොද මානසක් සහ නිරෝගි ශරීරයක් ලබා ගැනීම සදහා නිසි ක්‍රමවේධ යටතේ ශරීරය පිරිසිදු කර විශහරණය කිරීම අවශ්‍යෙන්ම කළ යුතු දෙයකි. මන්ද ඔබගේ කාර්යබහුල ජීවිතයත් සහ ඔබගේ ආහාර රටාවටත් සමග ඔබ නොසිතූ ලෙස ඔබගේ ශරීරයට විශ ඇතුළු වීමට පුලුවන. නිසි ආකාරයට මෙම විශ ඔබගේ ශරීරයෙන් බැහැර නොකළ හොත් ශරීරයේ විශ රැස්වී කාලයක් යාමේදී නොසිතූ ලෙස විවිධ රෝගාබාධ වලට ඔබ ලක්විය හැක.
වර්ථමානයේ ඇති කාර්යබහුල ජීවන රටාවත් සමග කිසිදු අයෙකුට ශරීරයට විශ ඇතුළු වීම පිළිබදව සහ ශරීරයෙන් විශ බැහැර කිරීම නැතිනම් විශහරණය පිළිබද කිසිදු අවධානයක් නොදක්වයි. නමුත් අද අප ඔබට පෙන්වා දෙන්නේ නිවසේදීම ශරීර අභ්‍යන්තරය පිරිසිදු කර ගත හැකි නැතිනම් ශරීරයෙන් විශ බැහැර කර විශහරණය සිදු කර ගත හැකි සරළ ක්‍රම 7ක් පිළිබදවය.
1. උණුසුම් ජලය සහ ලෙමන් යුශ පානය
උණුසුම් ජලය සමග ලෙමන් යුශ මිශ්‍ර කර පානය කිරීම මගින් ශරීරයේ ඇති විශ සැළකිය යුතු ප්‍රමාණයක් ශරීරයෙන් ඉවත් කර ගත හැකිය. ලෙමන් සහ උණුසුම් ජලය මගින් ආහාර ජීර්ණය වැඩි කරන අතර පරිවෘත්තීය ක්‍රියා වේගවත් කරයි. වෛද්‍යවරුන් පවසන ආකාරයට මෙය ශරීරයෙන් විශ ද්‍රව්‍ය ඉවත් කිරීමට ඇති ඵලදායීම ක්‍රමයක් වන අතර උදෑසන අවධි වූ පසු හිස් බඩ උණුසුම් ජලය සමග ලෙමන් යුශ මිශ්‍රකර බීම ඉතා යෝග්‍ය වේ.
2. ග්‍රීන් ටී පානය
ග්‍රීන් ටී වල ප්‍රති ඔක්සිකාරක රාශියක් අඩංගු වේ. මෙම ප්‍රති ඔක්සිකාරක සහ ග්‍රීන් ටී වල අඩංගු අනෙකුත් සංයෝග සහ සංඝඨක මගින් ශරීරයේ විශ ඉවත් කිරීම ඉතා පහසුවෙන් සිදු කරනු ලබයි. මෙමගින් ඔබේ ප්‍රතිශක්තීකරණය ඉහළ යන අතර ශරීරයේ ඇති විශ මගින් ඔබගේ අක්මාවට කරන හානියද අවම කරනු ලබයි. විශේෂයෙන්ම මත්පැන් වල ඇති විශ මගින් ඔබගේ අක්මාවට සිදු කරන හානිය ග්‍රීන් ටී පානය මගින් අවම කර ගත හැක.
3. ජලය පානය
ලෝකයේ ඇති පහසුම සහ මිල අඩුම විශහරණ ක්‍රමය ලෙස ජලය පානය කිරීම හැදින්විය හැකිය. ඔබ සෑම විටම අවශ්‍ය ලෙස ජලය පානය කිරීම ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම ඛේඨය නිෂ්පාධනය සදහා ජලය අවශ්‍ය වේ. අවශ්‍ය ලෙස ජලය ශරීරයේ පවතින විට හොදින් දහඩිය නිපධ වන අතර මෙම දහඩිය මගින් ශරීරයේ ඇති විශ ඉවත් වීම සිදු වේ. දිනකට ජලය වීදුරු 8ත් 10ත්(අවම ලීටර 2ක්) අතර ප්‍රමාණයක් පානය කිරීම අවශ්‍යෙන්ම කළ යුතු දෙයකි.
4. කුරුදු තේ පානය
කුරුදු තේ වල ඇති සුවිශේෂි සංඝඨක සහ සංයෝග මගින් ශරීරයේ ඇති විශ ඉවත් කරනු ලබයි. කුරුදු තේ නින්දට ප්‍රථම පානය කිරීම ඉතා වැදගත් වන අතර එමගින් සුව නින්දක් ලැබෙනවා සේම පරිවෘත්තීය ක්‍රියා වල වේගයද වැඩි කරයි. තවද ඔබගේ ආහාර මාර්ගය පිරිසිදු කිරීම කුරුදු තේ මගින් සිදු කරයි.
5. යෝගට් ආහාරයට ගැනීම
වෛද්‍යවරුන් යෝගට් සුපිරි ආහාරයක් ලෙස හදුන්වන අතර යෝගට් වල ඇති ප්‍රෝ බයෝටික් මගින් ආහාර ජීර්ණය පිළිබදව ඇති ගැටළු නිරාකරණය කරන අතර ඔබගේ ආහාර මාර්ගය පිරිසිදු කරනු ලබයි. ප්‍රෝබයෝටික් යනු ශරීරයට ඉතා හිතකර බැක්ටීරියාවක් වන අතර ආහාර මාර්ගය පිරිසිදු කිරීම මගින් ශරීරයේ ඇති විශ බැහැර වීමට උපකාරී වේ.
6. ප්‍රමාණවත් ලෙස නිදා ගැනීම
ශරීරයේ අභ්‍යන්තරයේ විශ ඉවත් කරනවා සේම මනසේ නැතිනම් මොළයේ ඇති විශ ඉවත් කිරීමද අවශයෙන්ම සිදු කළ යුතු දෙයකි. මොළයේ ඇති අහිතකර විශ ඉවත් කිරීම සදහා ප්‍රධානව සිදු කල යුත්තේ ප්‍රමාණවත් ලෙස නිදා ගැනීම පමණි. ඔබ නිසි නින්දක් ලබා ගැනීමේදී, සෙරිබ්‍රොස්පයිනල් තරල ගලා යන අතර එමගින් මොළයේ ඇති විශ ඉවත්වීම සිදු වේ. එම නිසා අවශ්‍ය ලෙස නිසි වේලාවක් නිදා ගැනීම ඉතා වැදගත් වේ.
7. විටමින් C අඩංගු ආහාර මගින්
විටමින් C වල ඇති ඇස්කොර්බික් අම්ලය මගින් ශරිරයේ විශ ඉවත් කිරීම සිදු කරයි. විශේෂයෙන්ම අක්මාවේ ඇති විශ හරණය නැතිනම් විශ ඉවත් කිරීම සදහා විටමින් C වැදගත් වේ. විටමින් C වැඩිපුර අඩංගු ආහාර වන්නේ ලෙමන්, දොඩම්, පේර, නිවිති, ගස්ලබු, ස්ට්‍රෝබෙරි.
උපුටා ගැනීම: BENIPOST