මරණය පමණක්ම හිමිවන, ගියොත් යලි ඒමට නොහැකි ලොව අති භයානක ස්ථාන 6ක්. (සංචාරක)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මරණය පවා අත්විය හැකි,ගියොත් යලි ඒමට නොහැකි ලොව අති භයානක ස්ථාන 6ක්.

ලෝ වටා සංචාරය කිරීමට බොහෝ දෙනෙක් කැමතියි.විශේෂයෙන්ම අරුම පුදුම ස්ථාන සොයා ඒ ත්‍රාසය අත්විඳීමට ගොඩක් දෙනෙක් ආසයි.ඉතින් සංචාරකයන් කියලා කියන්නෙත් ඒ අතරින් අරුම පුදුම ස්ථාන වලට කුතුහලයකින් යුක්තව තොරතුරු සොයා යන පිරිසක්.

ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ මරණ සහතිකය ලියලා තියලා සංචාරය කරන්න යන්න ඕනි ස්ථාන කීපයක් පිළිබඳව.ඉතින් මෙහෙම කිව්වහම  ගොඩක් දෙනෙක්ට හිතන කාරණාවක් තමයි මේ ස්ථාන ඒ තරම්ම භයානක ස්ථාන ද කියලා.ඒ වගේම ගොඩක් දෙනෙක් හිතනවා ඇති මේ වගේ ස්ථාන සංචාරය කරන්න සංචාරකයන්  යනවද කියලත්.මෙවැනි බිහිසුණු ස්ථානවලට ගමන් කිරීමට අපහසු වුනත් ගොඩක් දෙනෙක් ඒ පිළිබඳ තොරතුරු ගවේෂණය කර තියෙනවා .ඉතින් අද අපි ඔබට මේ ලිපියෙන් කියන්න යන්නේ එවැනි සංචාරකයන්ට පවා සංචාරය කිරීමට අපහසු  වුණු ලොව අති භයානක ස්ථාන කීපයක් ගැන.

මරණයේ සානුව  ( Death Valley)

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා තිබෙන මෙය මොහාවී කාන්තාරේ එක් කොටසක් වන අතර එය  Death Valley හෙවත් මරණයේ සානුව ලෙස හැඳින්වේ.

නම ඇසූ පමණින්ම බයවෙන මේ ප්‍රදේශය වසන්ත කාලයේ දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 56 ක මට්ටමක පවතිනවා.මේ ප්‍රදේශයට ගමන් කරන ඔබ සෑම පැයකට වරක් වතුර  ලීටරයක් වත් පානය නොකළොත් විජලනය වී මිය දීමට සිදුවෙනවා.

ඉතින් ඕනේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් වතුර ගොඩක් පානය කරලා මේ ස්ථානයේ සංචාරය කළොත් හරි නේ කියලා.නමුත් ඊටත් වඩා භයානක පැත්තකුත් මෙහි තියෙනවා කියලා බොහෝ දෙනෙක් පවසනවා.එයට හේතුව තමයි මේ ප්‍රදේශය අධික විෂ යෙන් යුත් සතුන් විශාල පිරිසක්ගේ නිජබිම වීමයි.ගල් යට ,පස්සට ජීවත්වන මේ අධික විෂෙන් යුතු ගෝනුසුන්,සර්පයින් සහ මකුළු වර්ග නිරන්තරයෙන් ම මෙහි පැමිණෙන සංචාරකයන් ගොදුරු බවට පත් කර ගන්නවා.කාලාන්තරයක් තිස්සේ අධික කුස ගින්නෙන් ඉන්න මේ සත්තු දකින දකින දේ ආහාරයට ගන්න නිසා මෙහි ගිය කෙනෙක්ට නම් බේරෙන්න ලේසි නැහැ.ඉතින් දැන් ඔබට තේරෙනවා නේද මේ ස්ථානයට මරණයේ සානුව කියන්නේ ඇයි කියලා.

වොශින්ටන් කන්ද ඇමරිකාව

වොශින්ටන්-කන්ද-ඇමරිකාව

ඉතින් ඔබට හිතෙන්න පුළුවන් කන්දක මොන භයානක කමක් ද කියලා.එහෙම කිව්වට මේ වොෂින්ටන්  කන්ද කියලා කියන්නේ  අඩි 6288උස ලොව මරණීය ම කඳු ගැටයක් ලෙස හඳුන්වන ස්ථානයක් .

ඊට හේතුව තමයි මේ වොෂින්ටන් කන්ද තරණය කරන පුද්ගලයන්ට කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයකට මුහුණ දීමට සිදු වන නිසා     එයට හේතුව තමයි වොෂින්ටන් කන්ද කියලා කියන්නේ ලොව අධික වේගයෙන් සුළං හමන ප්‍රදේශයක් .ඉතින් පැයකට කිලෝ මීටර් 200 ඉක්මවා යන තරම් වේගවත් සුළං ප්‍රවාහ මේ ප්‍රදේශය හරහා ගමන් කරන බව තමයි පවසන්නේ.1934 දී පැයට කිලෝ මීටර් 327 ක තරම් ප්‍රබල සුළං වේගයක් සටහන් වෙලා තියෙනවා . 

මේ කන්ද නගින්න උත්සාහ කරන බොහෝ පිරිසක් සුළඟට ගහගෙන ගොස් පහළට ඇද වැටෙන එකනම් නවත්තන්න බැහැ.එය එතරම් භයානක ගමනක් .1840 වර්ෂයේ සිට මේ දක්වා මේ වොෂින්ටන් කන්ද  බිලිගත් ජීවිත ගණන 137ක්.ඉතින් වේගවත් සුළඟින් ගසාගෙන එන අයිස් කැට ශරීරයේ වැදීම නිසා බොහෝ දෙනෙක් ආබාධිත තත්ත්වයන්ටත් පත් වෙලා තියෙනවා.

ඕස්ට්‍රේලියාවේ ෆේසර් දූපත

ඕස්ට්‍රේලියාවේ-ෆේසර්-දූපත

ඉතින් දූපතක් කිව්වම අපට මතක් වෙන්නේ සුන්දර ස්ථානයක්.ඉතින් මේ කියන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ පිහිටා තියෙන සුන්දර වුණත් අතිභයංකාර දූපතක් ගැන.

ඉතින් මේ දූපත ඒ අවට වෙරළාශ්‍රිතව සිටින ඉතා විසකුරු මකුළු  විශේෂයන්ගෙන් සහ  ” ඩින්ගෝ” නැමැති බයානක බල්ලන් ගෙන් පිරුණු තැනක් කිව්වොත් ඔබ විශ්වාස කරනවා ද?

ඉතින් මේ දූපත නිල්වන් පාටින් හැඩ වුණු මුහුදු සීමාවත් අති භයංකාර ස්ථානයක් විදිහට තමයි විදියට තමයි සලකන්නේ.එයට හේතුව තමයි මේ මුහුදු සීමාවේ ඉතා විසකුරු jellyfish නැමැති සතුන්ගෙන් ද මිනී මස් කන මෝරුන්ගෙන්  සමන්විත සුන්දර භයංකාර ස්ථානයක්.ඉතින් මේ ස්ථානයට ගමන් කරපු පුද්ගලයෙක් ආපසු එනවා කියන එක නම් කිසිසේත් විශ්වාස කිරීමට පුළුවන් දෙයක් නම් නෙමේ .

නිල් දිය ගුහාව ශ්‍රී ලංකාව 

නිල්-දිය-ගුහාව-ශ්‍රී-ලංකාව 

ඉතින්  මේ අරුම පුදුම භයානක  ස්ථාන අතර ශ්‍රී ලංකාවේ ස්ථානයකුත් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඉතින් නිල් දිය ගුහාව කියන්නෙත්  ඒ ආකාරයෙන් ප්‍රසිද්ධ වූ ස්ථානයක්.

ඉතින් රාවණා රජතුමාගේ බලකොටුවක් ලෙස සැලකෙන නිල් දිය ගුහාව ඇල්ල ප්‍රදේශයෙන් කිලෝමීටර් දෙකක් පමණ ඈතට වෙන්න පිහිටා තියෙන අද්භූත සිදුවීම් රාශියකින් යුත් ස්ථානයක් කිව්වොත් නිවැරදියි.

ඉතින් වර්තමානයේ  සංචාරකයන් ගොඩක් දෙනෙක් මේ නිල් දිය ගුහාවේ  ඇත්ත සොයා බලන්න උනන්දු වුණා.ඉතින් මේ නිල් දිය ගුහාව ඕනිම කෙනෙක්ට තරමක් ඇතුළට පිහිනලා යන්න පුළුවන්.නමුත් සැබෑම ලස්සන විද ගන්න නම් එහි අභ්‍යන්තරයටම ගමන් කරන්න ඕනේ.

ඉතින් මේ නිල් දිය ගුහාවේ පතුල සොයා යන ගමනේ දී හරියාකාරව නොදැන ගමන් කළ හොත් පතුලක් නොපෙනෙන  දඟර ගැසී තියන ගුහා වලට වැටෙන්න  පවා පුළුවන් .

මෙවැනි ස්ථානයකට වැටුනොත් මියයන පුද්ගලයාගේ සිරුර පවා හොයාගන්න බැරි වෙනවා. මෙන්න මේ නිසා නිල් දිය ගුහාවට යනවනම් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන පාර හරියට දන්න පුද්ගලයෙක් එක්ක යන්න ඕනේ.

බර්කිනා ෆේසෝ ( Burkino faso)

Burkino-faso

බටහිර අප්‍රිකාවේ  පිහිටා ඇති කුඩා රටක් ගැන තමයි මේ කියන්න යන්නේ.මේ ප්‍රදේශයේ ඇති දරුණු ත්‍රස්තවාදය හේතුවෙන් සිදු වන්නා වූ මිනීමැරුම් පහරදීම්, බෝම්බ පිපිරීම් ,පැහැර ගැනීම් ආදී භයානක සිදුවීම් සිදු වන නිසා  මේ ප්‍රදේශයට කිසිම මිනිසෙක් ඇතුල් වෙන්න හිතන්නෙවත් නැහැ.එයට හේතුව තමයි නිරන්තරයෙන්ම ජනයා එක් රැස්වන ස්ථාන බලා මේ ත්‍රස්ත ප්‍රහාර එල්ල වන නිසා.

ඉන්දියාවේ උතුරු සෙන්ටිනල් දූපත 

North-Sentinel-Island-in-India

ඉතින් මේ දූපත ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ස්ථානයක් වුණත් සංචාරය කිරීමට නුසුදුසු භයානක තැනක් කියලා තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ .එයට හේතුව තමයි මේ දූපතේ ඉන්න මිනිස්සු  එහෙමත් නැත්නම්  ගෝත්‍රිකයන්  පිටතින් ඇතුල්වන සියලුම මිනිසුන් මරලා හරි මේ දූපතට ඇතුල් වීමට නොදී පිටත්  කරන නිසා.එලෙස සිදු කරපු මිනීමැරුම් රාශියක් පිළිබඳව මේ ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියෙනවා කියලත් ආරංචියි.

උපුටා ගැනීම:  M.ශෂිකලා මධුෂානි
B.A in communication studies

The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!