කාන්තාවන්ට උපතින්ම ආවේණික වූ ජානමය ආබාධ 10 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපේ ජාන මගින් අපගේ පෙනුම හා පෞරුෂය විතරක් නෙවෙයි, අපේ ශරීරයේ තියන දුර්වලතාත් පෙන්නුම් කරනවා. උදාහරණයක් විදිහට, මානසික අවපීඩනය හා නින්ද නොයාම සිදුවිය හැක්කේ බරපතල ආතතියෙන් හෝ වෙහෙසකින් නොව ජානමය බලපෑමක් නිසායි. මේ ලිපියෙන් අපි කතා කරන්නේ දුවකට තමන්ගේ මවගෙන් උරුම විය හැකි ජානමය ආබාධ ගැනයි.

ජානමය බලපෑමක් නිසා ඔයාගෙ සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බව අපි ඔයාට අනතුරු අඟවන්න කැමතියි. හැබැයි ඒකෙන් කියන්නෙ ඔයා අනිවාරෙන්ම ලෙඩ වෙනවා කියලා නෙවෙයි. ජානවලින් ලෙඩ හැදෙන්න තියන හැකියාව වැඩියි කියලයි.

01. ඔස්ටියෝපොරෝසිස්

ඔස්ටියෝපොරෝසිස් කියන්නෙ අස්ථි දුර්වලතාවය වැඩිවීම නිසා අස්ථි බිඳීමේ අවදානම වැඩි කරන රෝගයක්. සාමාන්‍යයෙන් වැඩිපුරම මේ රෝගයෙන් පීඩා විඳින්නෙ කාන්තාවන්. එයාලටත් මේ රෝගී තත්වය ඇති වෙන්න වැඩි අවදානම තියෙන්නෙ ජාන මගින් කියලයි විද්‍යාඥයන් කියන්නෙ. ඔස්ටියෝපොරෝසිස් නිසා ඔසප්වීම නැවතීමෙන් පසුව, අස්ථිවල කැල්සියම් නැතිවෙලා අස්ථි බිඳෙන සුළු වෙනවා.

වැළැක්වීමේ පියවර:
  • කැල්සියම් බහුල ආහාර අනුභව කරන්න. කැල්සියම් ශරීරයට අවශෝෂණය වෙන්නෙ විටමින් ඩී සමඟ එකතු වුණොත් විතරයි. ඒ නිසා වෛද්‍යවරයා හමුවෙලා ඔයාට අවශ්‍ය විටමින් අතිරේක ලබාගන්න. ඒ වගේම නිතරම එළිමහනේ ඇවිදින්න යන්න එපා.
  • දුම් පානය නවතන්න. දුම්පානයෙන් ඔයාගෙ ශරීරයට කැල්සියම් අවශෝෂණය කර ගැනීමේ හැකියාව අඩු වෙනවා. එමගින් අස්ථිවල ඝනකම අඩු කරනවා.
  • සෝඩා පානය කරන්න එපා. නිතිපතා සෝඩා පරිභෝජනය නිසා උකුල් ඇටය බිඳීමේ අවදානම 14% කින් වැඩි වෙනවා.
  • බර අඩු කරගැනීමට ක්‍රීඩා කරන්න. වයස අවුරුදු 19 ත් 64 ත් අතර පුද්ගලයින් සතියකට මිනිත්තු 150 ක පාවෙන ක්‍රියාකාරකම් වගේම කකුල්, ඉණ, පිටුපස, පපුව, අත් සහ උරහිස් සඳහා සතියකට දෙවරක් මාංශ පේශි ගොඩනැගීමේ ව්‍යායාම කරනවා නම් ගිඩක් හොඳයි.
02. රූමැටොයිඩ් ආතරයිටිස්

රූමැටොයිඩ් ආතරයිටිස් ඇතිවීමට හරියටම හේතුවක් හොයාගෙන නෑ. ඒත් විද්‍යාඥයන් කියන්නෙ එය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන ජාන හා පාරිසරික සාධකවල එකතුවක් නිසා හටගන්නා තත්වයක් බවයි.

වැළැක්වීමේ පියවර:

  • දුම්පානය නතර කර කෝපි සහ රතු මස් පරිභෝජනය අඩු කරන්න.
  • ඔයාගෙ දත් සහ විදුරුමස් හොඳින් රැකබලා ගන්න. නිතිපතා දන්ත වෛද්‍යවරයකු හමුවන්න.
  • විටමින් සී බහුල ආහාර ඔයාගෙ ආහාර වේලට ඇතුළත් කරගන්න.
03. අකලට වයසට යාම

අපේ ශරීරය වයස්ගත වීමේ ක්‍රියාවලියටත් ජාන බලපානවා. මේ ජාන එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට මවගේ පැත්තෙන් සම්ප්‍රේෂණය වෙන බව විද්‍යාඥයන් හොයාගෙන තියනවා. ඔයාගෙ මවගේ හානියට පත් DNA ඔයාට ලැබුණොත්, ඔයාගෙ වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් වෙන්න ඉඩ තියනවා.

අවාසනාවකට වගේ, තාමත් මේ ක්‍රියාවලිය වළක්වගන විසඳුමක් හොයාගන්න විද්‍යාඥයන්ට බැරි වෙලා තියනවා. හැබැයි, SPF අගයක් තියන සන්ස්ක්‍රීන් එකක් නිතර භාවිතා කරන්න. මොකද හිරු එළියට සංවේදී වීමෙනුත් සමේ රැළි වැඩි වෙනවා.

04. මානසික අවපීඩනය

හැම අවුරුද්දකම මිලියන 300 ක ජනතාවක් මානසික අවපීඩනයෙන් පෙළෙනවා. මානසික අවපීඩනයට Slc6a15 කියන ජානය හේතු වන බව විද්‍යාඥයන් දැනටමත් හොයාගෙන තියනවා. පිරිමින්ට වඩා කාන්තාවන් මානසික අවපීඩනයට ගොදුරු වීමේ අවදානම දෙගුණයක් වැඩියි. කාලයක් තිස්සේ මානසික අවපීඩනයට ගොදුරු වීමෙන් එය නිදන්ගත රෝගයක් බවට පත්වෙන්නත් පුලුවන්. දරු ප්‍රසූතියෙන් පසු කාලයේදී පවා කාන්තාවන්ට මානසික අවපීඩනය ඇති වෙනවා.

වැළැක්වීමේ පියවර:

  • නිතරම ඔයාගෙ ශාරීරික තත්වය ගැන සැලකිලිමත් වෙන්න. හොඳින් නිදාගන්න. සමබර ආහාර වේලක් ගන්න. නිතිපතා ශාරීරික ව්‍යායාම කරන්න.
  • ඔයාගෙ ප්‍රශ්න හිතේ තියාගෙනම ඉන්න එපා. පවුලේ අය හෝ යාලුවන් එක්ක කතා කරලා උදව් ඉල්ලන්න.
  • ඔයාගෙ තත්වය තවත් නරක අතට හැරෙන්න කලින් මනෝචිකිත්සකවරයකු හමුවීමට ලැජ්ජා වෙන්න එපා.
05. ග්ලුකෝමා

ගොඩක් වෙලාවට පිරිමින්ට වඩා කාන්තාවන් තමයි ග්ලුකෝමා රෝගයට ගොදුරුවෙන්නෙ. මේ රෝගය ඇතිවෙන්නත් ජාන විකෘති වීම බලපානවා.

වැළැක්වීමේ පියවර:

  • වෛද්‍යවරයෙක් හමුවෙලා පරීක්ෂා කරගන්න. වයස අවුරුදු 40 ට පෙර සෑම අවුරුදු 2-4 දක්වා, වයස අවුරුදු 40-54 දක්වා සෑම අවුරුදු 1-3 දක්වා, වයස අවුරුදු 55-64 දක්වා සෑම අවුරුදු 1-2 දක්වා සහ වයස අවුරුදු 65 සිට සෑම මාස 6-12 දක්වා අක්ෂි වෛද්‍යවරයකු හමුවෙන්න අමතක කරන්න එපා.
  • සතියකට 3 හෝ ඊට වැඩි වාරයක් ඇවිදීම හෝ පැනීම වැනි මධ්‍යස්ථ ශාරීරික ව්‍යායාම කරන්න. බෙල්ල හා උරහිස්වලට බලපෑමක් ඇති නොවෙන යෝගා ව්‍යායාම තෝරගෙන කරන්න.
06. හෘද රෝග

ගැහැණු ශරීරයක මේදය තැන්පත් වීමට ජානමය හේතු බලපාන බව දැන් ඔප්පු වෙලා තියනවා. ඒ වගේම, බඩ වටේට මේදය එකතු වෙලා තියනවා නම් හෘද වාහිනී රෝග අවදානම දෙගුණ වෙනවා. කිරීටක ධමනි තුළ තැන්පත් වන රුධිරයේ වැඩිපුර කොලෙස්ටරෝල් අඩංගු නිසා හෘදයාබාධ ඇති වෙන්නත් ඉඩ තියනවා.

වැළැක්වීමේ පියවර:

  • අධික තරබාරුකම මගින් හෘදයාබාධ, අධි රුධිර පීඩනය හා දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරනවා. ඒ නිසා ඔයාට වඩාත් ගැලපෙන ශාරීරික ක්‍රියාකාරකම් තෝරගෙන සතියකට 3-4 වතාවක් ඒවා කරන්න.
  • අධික ලුණු සහිත, පැණිරස හා මේද ආහාර ඔයාගෙ ආහාර වේලෙන් ඈත් කරන්න. වැඩිපුර එළවළු, පලතුරු සහ ධාන්‍ය වර්ග ආහාරයට ගන්න.
  • දුම් පානය කිරීම නැවැත්වීමෙන් හෘද වාහිනී අවදානම අඩු වෙනවා.
  • ධමනි පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම නිරන්තරයෙන් පරීක්ෂා කර බලා ඒ ගැන විමසිල්ලෙන් ඉන්න.
07. ඉරුවාරදය

ඉරුවාරදයෙන් වැඩිපුරම පීඩා විඳින්නෙ කාන්තාවන්. මේ රෝගය ජානමය වශයෙනුත් ඇතිවෙනවා.

වැළැක්වීමේ පියවර:

  • මත්පැන්, චොකලට්, චීස්, කෝපි සහ පැඟිරි පලතුරු පරිභෝජනය අඩු කරන්න. ඒවා මගින් ඉරුවාරදය ඇති කරනවා.
  • තද සුවඳ හා දීප්තිමත් ආලෝක තියන තැන්වලට යාමෙන් වළකින්න.
  • වැඩිපුර ජලය පානය කරන්න.
  • හැමදාම විවේකයෙන් ඉන්න වෙලාවක් වෙන් කරගන්න.
08. නින්ද නොයාම

නින්ද නොයාම මානසික ගැටළු නිසා විතරක් නෙවෙයි, ජානමය කාරණා නිසාත් ඇති වෙන්න පුලුවන් බව විද්‍යාඥයන් හොයාගෙන තියනවා. කාංසාව, මානසික අවපීඩනය හා ස්නායු ආබාධ වගේ තත්ව නිසාත් නින්ද යන්නෙ නෑ.

වැළැක්වීමේ පියවර:

  • මනසේ කලකිරුණු සිතුවිලි ඇතිව නින්දට යන්න එපා.
  • කෝපි, දුම් පානය්න් වළකින්න. දවස අවසානයේදී ඕනෑවට වඩා කෑම කන්න එපා.
  • හවස් වරුවේ ශාරීරික ව්‍යායාම කිරීමෙන් වළකින්න. නින්දට පැය 4 කට කලින් සියලුම ශාරීරික ක්‍රියාකාරකම් කරලා ඉවර කරන්න.
  • හැමදාම එකම වෙලාවට නිදාගන්න ගිහින් එකම වෙලාවකට ඇහැරෙන්න පුරුදුවෙන්න.
09. ඇල්සයිමර් රෝගය

ඇල්සයිමර් රෝගය කියන්නෙ ඩිමෙන්ශියා රෝගයේ වඩාත් ප්‍රසිද්ධ තත්වයක්. එය පිරිමින්ට වඩා කාන්තාවන් තුළ දකින්න ලැබෙනවා. මේ රෝගයට ප්‍රතිකාරයක් නෑ. හැබැයි, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කරනවා නම් මේ රෝගය ඇතිවීමේ අවදානම අඩු කරගන්න පුලුවන්.

වැළැක්වීමේ පියවර:

  • ඔයාගෙ රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගන්න.
  • දුම්පානය නවත්තන්න. දුම්පානයෙන් ඩිමෙන්ශියා වර්ධනය වීමේ අවදානම වැඩි කරනවා.
  • ක්‍රීඩා කරන්න. එතකොට ඔයාගෙ මොළයේ පටක ඔක්සිජන්වලින් පිරෙනවා.
  • සීනි සහ සංතෘප්ත මේද පරිභෝජනය සීමා කරන්න. ආහාර වේලට වැඩිපුර පලතුරු සහ එළවළු එකතු කරගන්න.
10. පියයුරු සහ ඩිම්බකෝෂ පිළිකා

දෝෂ සහිත BRCA1 ජාන මගින් පියයුරු හා ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස වැඩි කරනවා. ඒත් විද්‍යාඥයින් කියන්නෙ හැම ජාන විකෘතියක් නිසාම පිළිකා ඇති වෙන්නෙ නැති බවයි.

වැළැක්වීමේ පියවර:

  • මත්පැන් පානය අවම කරන්න. වයස අවුරුදු 30 වන විට දරුවෙකු ලබා ගන්න.
  • වයස අවුරුදු 30 වන විට පළමු දරුවා බිහි කිරීම මගින් පියයුරු පිළිකා අවදානම අඩු කරන බව අධ්‍යයනයකින් හොයාගෙන තියනවා.
  • දුම් පානය කරන්න එපා.
  • පිළිකා අවදානම ගැන නිතිපතා පරීක්ෂා කරන්න.

 

උපුටා ගැනීම: adobae

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!