මොනවහරි තුරුලු කරගන් නැතුව නින්ද නොයාමට හේතුව (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපිට පොඩි කාලෙ ඉඳන්ම තියන පුරුද්දක් තමයි මේ. සෙල්ලම් බඩුවක් හෝ කොට්ටයක් තුරුලු කරගෙන නිදාගන්න ඕනම කෙනෙක් කැමතියි. ඇත්තටම මේක ඔයාට අම්මගෙ බඩේ හිටපු කාලෙ ඉඳලාම තිබුණු පුරුද්දක්.

බදා ගැනීමට යමක් තියන විට මිනිසුන් පහසුවෙන් නිදා ගැනීමට හේතු මොනවද කියලා අපි හොයලා බැලුවා. අද අපි ඔයාට කියන්න යන දේ ඔයාට කොච්චර වැදගත් ද කියලා ලිපිය කියවලාම බලන්නකෝ.

01. නින්දේදී ගෙරවීම හෝ නින්දේදී හුස්ම ගැනීමේ අපහසුව නැති කරන නිසා.

නින්දේ ආශ්වාසය කියන්නෙ පුද්ගලයෙකුගේ හුස්ම ගැනීම නින්දේදී ක්‍රමවත් නොවෙන නින්දේ ආබාධයක්. මෙමගින් ඔයාව රාත්‍රිය පුරාම නිතර නිතර අවදි කරවනවා. ඒ වගේම උදේට අවදි වුණාම වෙහෙසකර බවක් දැනෙනවා. දවල් කලයේදී නිදිබර ගතියක් ඇති කරවනවා.

කොට්ටයක් තුරුළු කරගෙන නිදාගන්න පුරුද්ද මගින් මේ නින්දේ ආබාධය අවම කරගන පුලුවන්. ඇඟට කොට්ටයක් තද කරගෙන නිදා ගැනීම ඔයාගෙ මුළු ශරීරයටම හොඳයි. එමගින් ඔයා පැත්තට නිදාගන්නත් පුරුදු වෙනවා.

02. ඔයා තනිකමක් දැනෙනවට අකමැති නිසා

සමහරු කියන විදියට, යම් දෙයක් බදා ගැනීමෙන් එයාලට තමන් වෙනත් කෙනෙක් එක්ක හුරතල් වෙන බවක් දැනෙනවාලු.

අපි හැමෝටම තනිකමක් දැනුණම කවුරුහරි කෙනෙක් හෝ මොකක් හරි දෙයක් තුරුළු කරගන්න එකෙන් අපට ලොකු සැනසීමක් දැනෙනවා. අපි තනිවෙලා නෑ කියලා හිතෙනවා. නින්දෙදි කොට්ටයක් තුරුළු කර ගැනීමත් තනිකම නොදැනෙන්න හොඳ දෙයක්.

03. ඔයා ශක්තිමත් බැඳීමකට කැමති වීම

කොට්ටයක් තුරුළු කර ගැනීමෙන් ඔයාට නින්දේදී මානසික සැනසීමක් ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ ඉරියව්වට ගොඩක්ම කැමතිවෙන්නෙ තමන්ගෙ සබඳතාවල, විශේෂයෙන් පවුල අතර ශක්තිමත් බැඳීමක් අගය කරන අයටයි. ඇත්තටම ඔයාගොඩක් හොඳ කෙනෙක්. ඔයා ආදරය කරන අයව ඔයාට ගොඩක් වටින බව මෙයින් හැඟවෙනවා.

04. නිදාගෙන ඉන්නකොට තුරුළු වෙලා ඉන්න පුරුදු වුණාම

සමහරු ඉන්නවා එයාලා නින්දෙදි කොට්ටයක් තුරුළු කරගන්නෙ පුරුද්දට. අපේ සාමාන්‍ය එදිනෙදා පුරුදු වගේම නිදාගන්නකොට කොට්ටයක් හෝ වෙනත් දෙයක් තුරුළු කරගන්න එයාලා පුරුදු වෙලා ඉන්නවා.

ඔයා නිදා ගන්න කලින් හැම රාත්‍රියකම යම් දෙයක් බදා ගැනීමෙන් හෝ තුරුළු කර ගැනීමෙන් අදහස් වෙන්නෙ ඒක ඔයාගෙ දෛනික පුරුද්දක් බවයි.

05. කාංසාව ඇති නිසා

අපිට කාංසාවක් තියනකොට නිදා ගන්න අමාරුයි. කාංසාවෙන් පෙළෙන අය තමන්ගෙ ඇඳ සුවපහසු කලාපයක් බවට පත් කරගන්න පුරුදුවෙන්න. කාංසාව ලිහිල් කිරීම සඳහා තුරුළු කරගන්න දෙයක් ඕන වෙන්න පුලුවන්.

ඔයා නිදාගෙන ඉන්නකොට මොකක් හරි දෙයක් තුරුළු කරගැනීමෙන් ඔයාට සුව පහසු බවක් දැනෙනවද? කොට්ටයක් හෝ වෙනත් දෙයක් තුරුළු කරගන්නෙ නැතුව ඔයාට නින්ද යනවද? ඔයාගෙ අදහස් අපට කියන්න.

 

 

උපුටා ගැනීම: adobae

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!