එතකොට මම හතර වසරෙ
ඇඹිලිපිටියේ ඉස්කෝලෙට ගියේ… අක්කා නුවර පුශ්ප්දාන බාලිකා විද්‍යාලයට ගියෙ…
තාත්තයි මමයි දවසක් උදේ අක්කා බලන්ඩ හදිස්සියෙ පිටත් උනා..
මොකද තාත්තගෙ වැඩ රාජකාරිත් එක්ක එයා සමහර වෙලාවට මේ හිතුනා
මේ ගියා සීන්නෙකේ හිටියෙ..
ඇත්තම කිව්වොත් අපි දෙන්න නෙවේ..
එයාතනියම යන්ඩ හිටියෙ.. මම ඉස්කෝලෙ යන්ඩ ඔන්න මෙන්න මට නෝට් උනා මෙයා යන්ඩතමා හදන්නෙ කියලා…
මාව ඉස්කෝලෙ ගිහින්දාලා ඇවිත්..
මමත් අතෑරියෙ නෑ…
අඩලා අඩලා ඉස්කෝලෙ ඇදුම ගලවලා වෙන ඇදුමක් දාං තාත්තත් එක්ක ගියා…
එතකොට අක්කා දන්නෑ අපි එනවා කියලා..
ඒ දවස්වල අක්කා හිටිය අපෙ අම්මලගෙ මහ ගෙදරට ලෑන්ඩ්ෆෝන් එකක් තිබ්බෙ නෑ.
මොන හෑන්ඩ් ෆෝන්ද ඒ කාලෙ
නැතත් එයා පිටත් වෙලා එතකොට ඉස්කෝලෙ යන්ඩ…
අක්කා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගියේ බස් එකේ…
තාත්තත් කඩාගෙන බිදගෙන ගියා එයාව ඉස්කෝලෙ ලගිං ගන්ඩ…
බස් එකට නගින්ඩ කලිං ගේට් එක ලගිං අල්ල ගන්ඩ ඕනෙ නිසා..
සහ ගෙයිං එලියට බැස්සම හොටෙල් එකකිං කන උනක් තිබ්බා මට තදේටම… අක්කත් ඉන්ඩ එපෑ ඉතිං
කැන්ඩි කොන්වන්ට් එක හරිය පහු කරද්දි ඉස්කෝලෙ ඇරියා… දැං අක්කා මිස් වෙයිද ශුවර් නෑ.. පට්ට ට්‍රැෆික් එක උඩ පාරෙ ඒ වෙලාවට… තාත්තා පුලුවං විදියට ගේට් එක ලගට එද්දි ලමයි එනවා… අක්කා ගියාද ශුවර් නෑ..
තාත්තා එක පාරටම ගේට් එක ලගම පොඩ්ඩක් එහාට වෙන්ඩ වෑන් එක පාරෙම වගේ නවත්තලා මගෙන් ඇහුවා
ඔයාට පුලුවන්ද අක්කි බස් එකේ ඉන්නවද බලන්ඩ?
මම වෑන්නෙකේ ඉදම්ම අක්කි ගේට්ටුවෙං එලියට එනවද බලන්නං…
අක්ක බස් එකට නගින්නෙ ක්ලොක්ටවර් එක ලග බස්ටෑන්ඩ් එකෙං….
වෑන් එක අයිං කල්ලා නවත්තන්ඩ ඉඩක් නෑ ඉතිං..
පට්ට ට්‍රැෆික් පුශ්පදාන මාවතෙත්..
මමත් හා කිව්වා ගත් කටටම…
අනික එයා දෙයක් කිව්වොත් ඒක කරන ගතියක් තිබ්බා කෝමත්
කිව්වට මොකද මටත් බයයි…
තාත්තා මිස් වෙයිද…
අක්කි හොයාගන්ඩ පුලුවං වෙයිද
පොලිසිය ලග ලාදුරු හෝල්ටෙක ලගිං පාර පනින්ඩ ඕනෙ…
පැන ගත්තෑකි වෙයිද
කෝමත් දැං හා කිව්ව එකේ මම වෑන්නෙකෙං බැහැලා පාරෙ දුවං ආවා… දැං බයත් එක්ක
උඩ පාරෙං ඇවිල්ලා ලාදුරු හෝල්ටෙක පැත්තට බහින්ඩ පඩි පෙලක් තිබ්බා…
බැස්ස ගමම්ම පේව්මන්ටෙක එහෙම්ම ක්‍රොසිං එක..
දැං කොල්ලා ක්‍රොසිං එක ලග පාට පනින්ඩ ඉන්නවා…
පට්ට වාහන පෝලිම එකෙක් නවත්තන්නෑ
බයත් එක්ක රිං ගන්ඩ වාහන අස්සෙං…
එතකොටම ආපු කාර් එකක් නැවැත්තුවා..
නවත්තද්දිම කොල්ලා පැන්නා…
පනින ගමන් ඩ්‍රයිවර් දිහා බලපුවාම මෑන්ස් මම ආපු පැත්ත බලලා හිනා වෙනවා දැක්කා…
එතකොට මම පාරෙ මැද..
අනිප්පැත්තෙං වෑන්නෙකක් ආවා…
ඒකත් නැවැත්තුවා….
කොල්ලට හෙන හැපී ගැහි ගැහී උනත් එක ගැම්මට පනිද්දි
ඒ ඩ්‍රයිවරුත් මම දැක්කා මං ආපු පැත්ත බලලා හිනා වෙනවා….
පාර පැනලම හැරිලා බැලුවා…
තනියම යන්ඩ කිව්වට තාත්තා ඉන්නවා පාරෙ එහා පැත්තෙ… පඩි පෙලේ…
එයා එතන ඉදං තමා අතිං වාහන දෙක නවත්තලා තිබ්බෙ…
හැරිලා බලද්දි එයා ඒ වාහන දෙකටම සැලියුට් කලා මං පැනලනෙ….
ඒ දෙකත් හෝන් කල්ලා ගියා….
තාත්තෙක් පස්සං ඉද්දි කොල්ලෙට මොන ගැම්මද….
සිං ගාලා දුවලා ක්ලොක්ටවර් එක ලග පඩිපෙල බැස්සා..
කොල්ලා නැග්ගා දංගොල්ල බස්සෙකට…
අක්කා ඉන්නවා හිටං…
අතිං ඇදං ආයෙම ආවා…
එනකනුත් තාත්තා පාරෙ හිටපු පැත්තෙම ඉන්නවා බලාගෙන…
අපි දෙන්නා ක්‍රොසිං එක ලගට ආවාම අක්කා මගෙ අතිං අල්ලං පාර පැනලා තාත්තා ලගට ගියා…
තුන්දෙනාම වෑන් එක ලගට යද්දි වාහන බ්ලොක් වෙලා මල ජන්ජාලයයි…
පොලිස්සියෙං දඩ කොලේකුත් හම්බුනා වෑන්නෙක පාරට වැඩියෙං දාලා ගියා කියලා…
එයා හිනාවෙලා ඒක ගත්තා….
මට පස්සෙයි තේරුනේ තාත්ත මට යන්ඩ කිව්වට එයාට හිත හදා ගන්ඩ බැරිවෙන්ඩ ඇති මාව තනියම යවන්ඩ…
එහෙම්ම දාලා පස්සෙං ඇවිත් පාර පනින්නත් වාහන නතර කල්ලා දුන්නා…..
හැරිලා බලද්දි එයා හිනාවෙලා මගෙ දිහත් බලලා වාහන දෙකටත් අත වනපු විදිය අදවගේ මතකයි…
ඒ හිනාව…
ඒ දැනුන හැගීම අදවගේ ඒ සිද්දිය මතක් කරන ඕනෙ වෙලාවක මතකයි….
ඒ තාත්තලා…
මට වාහන නතර කරලා දීපු තාත්තා වාහන අනතුරකිං මාව දාලා ගියා….
එතකොට මම දහයෙ
උපුටා ගැනීම: Krishantha Seneviratna