ස්කූල් යන කාලෙදි මම හරිම අහිංසක ළමයෙක්. අහිංසකකම කොච්චරක්ද කියනවා නම් අපෙ පංතියෙ ළමයෙක් මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා තිබ්බොත් මගෙ දිහාටත් ටීචර්ස්ලාගෙ ඇස් කැරකෙනවා. එච්චරටම එයාලට මාව ෂුවර්.
මොනවා වුනත් පංතියේ නායිකාව විදිහට මාව තෝර ගන්නත් අපෙ පංතිභාර සර්ලා මිස්ලා කැමැත්තක් තිබ්බා. මොකද එයාලා දැනගෙන හිටියා මගෙ යාළුවො ටික කලකට ට කිරෙන් බැරි නම් තෙලෙන් හරි වැඩක් තිබ්බොත් කරලා දීලා මාව ගොඩ දානවා කියන එක. නෑ නෑ සර්ලා මිස්ලට අනුව උන් යාළුවො නෙවෙයි මගෙ බොඩිගාඩ්ස්ලා ටික.
ඔන්න ඉතිං ස්කූල් යන කාලෙ එකෝමත් එක දවසක අපෙ ඉංග්‍රීසි උගන්නන මිස් පංතියට ආවා. කාට මාව හොද වුනත් උන්දැට නම් ටිකක් මාව ඇලජික්. “ළමයි හෝම්වර්ක් කරාද”. ඔයාලා හිතනවද මම කරලා නෑ කියලා එහෙම නෑ මිත්‍රවරුනි මොන අලුගුත්තේරු වැඩ කරත් ඉගෙනීමත් මම හරියට කරා. ඔන්න ඉතින් මිස්ට ගොට්ට අල්ලන මිස් කැමතිම සුවච කීකරු ගෝලයො ටික පොත් අරං පෝලිමේ ඉස්සරහින් ම දුවගෙන ගිහින් හිට ගත්තා. අම්මෙ සිසුන් ඉතිං ඉස්සරහම පෝලිමේ ඉදං නැගිටින්නෙ නැති මම දිහා බල බල රව රව හිතින් හනැහි හිනැහි ඉන්නවා දෙන්නම් තොට මං අද කියලා හිත හිත. මමත් ඉතින් අත් දෙකත් බැඳගෙන ඉන්නවා පෝලිම අඩු වෙනකං බලාගෙන. ඒක පාරටම මිස්ගෙ ටින් බෙලක්ක වොයිස් එක පංතිය මැද දෝංකාර දෙන්න ගත්තා ” සෙනූ තමුසෙ වැඩ කරගෙන ආවෙ නැත්තං දැං වත් වැඩ කරනවා, නැත්තං මම තමුසෙව ප්‍රින්සිපල් සර් ගාවට යවනවා. අද කොහොමහරි මට පොත පෙන්නන්න ඕනෙ.” කියලා. ” මිස් මම හෝම්වර්ක් කරලා තියෙන්නේ පෝලිම අඩු වෙනකං ඉන්නෙ මිස් මම. ඔක්කොමලා පංතිය මැද හිටගෙන හිටපුවාම කැතයිනෙ මිස්.” “මට තමුසෙව ෂුවර් නෑ. ගෙනත් දෙනවා දැන්මම පොත්”. මටත් මොකද ගැන්මෙන් පොත අරගෙන ගියා ලගට. ඔයාලා හිතුවද මගෙ පොත ටක් ගාලා මිස් බලන්න ගන්න ඇති කියලා. නෑ මිත්‍රවරුනි එයා මගෙ පොත බලන්නෙ නෑ එහෙම පෝලිමේ හිටගෙන හිටියත් මගෙ පොත බලන්නෙ නෑ. ඒ තරමට මට තියෙන ආදරේ උපරිමයෙන් තියෙනවා. “හ්ම් මෙතනින් කියලා යනවා ගිහින් ඉදගන්නවා. මම පස්සෙ බලන්නම් ඕක.” . මටත් මොකද පොත තිබ්බා ඉදගත්තා.
මේ සිද්ධිය වෙන්නෙ හත වසරෙ දෙවෙනි පාසල් වාරෙදි. මේ කාලෙත් මගෙ හොඳ පුරුදු වගයක් තිබ්බා. වැරදුනොත් තනි ඉරකින් කපනවා එතන කුරුටු ගාන්නවත්. කෙල ටිකක් ගාලා ඉරේසර් එකෙන් මකන්නවත් යන්නෙ නෑ. අම්මයි ලොකු අම්මයි ගුරුවරුන් නිසාද මන්දා එහෙම හොද පුරුද්දක් තිබ්බා. හැබැයි තව පුරුද්දක් තිබ්බා එක අතකට හොදයි එක අතකට නරකයි. මගෙ ලග ඔය අනික් ලමයි වගේ පාට පාට පෑන් නෑ. නිල් පෑන් විතරයි.
ඒවයින් වැඩක් නෑ ඔන්න දැං තමයි කතාවේ හොඳම හරිය. කට්ටියගෙම පොත් බලලා ඉවර වෙලා මගෙ පොත අතට ගත්තා. මමත් නැගිටලා ගියා ඉස්සරහට. අම්මටසිරි කවදාවත් නැතුව දැං මෙතුමිය මගෙ පොත බලනවා. හරියකුත් දැම්ම. හත වසරෙ ඉන්න පොඩි එකෙකුගෙ සතුට හිතා ගන්නකො පොතට හරි වැටෙද්දි. මටත් දැං උඩ පනින්න තරං සතුටුයි. අනේ මිත්‍රවරුනි ඒ සතුටට එච්චර ආයුෂ තිබුනෙ නෑ. “තමුසෙට එක පෑනක් විතරද තියෙන්නේ. වෙන පෑනක් යූස් කරන්න බැරිද ආන්ස්වර් ලියද්දි”. “කවුද පෑන් ඉවර වෙලා තිබ්බා මිස්” මමත් අත ඇරලා දාර පචයක්. මිස් ගත්තා වේවැල් දැං මගෙ දිහාවට එනවා එනවා එනවා. මමත් අඩිය අඩිය පස්සට තියෙනවා. අහෝ දුකකි ඉරකි තිතකි. මෙතනින් එහාට යනවා නම් පුටුව පෙරලගෙන යන්න ඕනි. මිස් එනවා දැං ඔන්න වේවැල ඉස්සෙනවා ඉස්සෙනවා ඔව් ඉතාමත් වේගයෙන් පහතට එනවා. මම ගුටි කෑවද පිස්සුද මිත්‍රවරුනි. වැරද්දක් නැතුව මම ගුටි කනවද? මමත් වේගයෙන් පැත්තකට පැන්නා. වේවැල් පාර වැදුනෙ මිස්ගෙ සුවච කීකරු ගෝලෙයෙක්ගෙ ඇගේ. අම්මටසිරි මෙන්න ඇස්දෙක රතු කර ගත්තා ආයෙත් ඉස්සුවා වේවැල. අල්ලගත්තා මගෙ දකුනු අතෙන්. ඔව් දැං මගෙ මොළෙන් වේගයෙන් නිවේදන නිකුත් වෙනවා. උබ ගුටි කන්න එපා. වැරද්දක් කරලා නෑ. ඉක්මන් කරපං ඉක්මනින් කරන දෙයක් කරපං කියලා. ඔව් මාත් මගෙ මොළේ කියන දේ ඇහුවා. තප්පරෙන් දහයෙන් පංගුවක් ඇතුලට ක්‍රියාත්මක වුනා. වමතින් ඇල්ලුවා වේවැල දෙකට කැඩුවා. මිස්ට මගෙ අත අත අරුණා. ඔව් මම දිව්වා පංතියෙන් එලියට. ඇයි දෙයියනේ මට වැරදි කරලා නැතුව ගුටි කන්න පුලුවන්ද?
ඔව් ඔබ හරි ආයෙ මම පංතියට ආවෙ ඊට පස්සේ විෂය ට සර් ආවට පස්සේ. ගොට්ටියො මට එවනවද නෑ මිත්‍රවරුනි. උන් මට රැව්වොත් මගෙ යාළුවො උන්ට ගහනවා. අනික දැං තියෙන්නේ ගණිතය. බැරි ගානක් කොපි කරගන්න මම එහෙම උනොත් පොත් පෙන්නන්නෙ නෑ.
මෙන්න එනවා ශිෂ්‍යනායක අක්කලා දෙන්නෙක් පංතියට. ඔව් සර් එක්ක මොනවද කියනවා. සර් මම දිහා බලනවා. ආයෙත් මොනවද අහනවා. මගෙ මොළෙන් රතු එලි එනවා. අක්කලා දෙන්නා යනවා. සර් මගෙ ලගට එනවා. “පුතේ ප්‍රින්සිපල් සර් ඔයාට ඔෆිස් එකට එන්න කීවා. අහවල් ටීචර්(ඉංග්‍රීසි මාස්ගෙ නම්, මම නම නොකියා ඉන්නම්) ඔයා හුණු කොට්ටෙන් ගහලා කියලා ප්‍රින්සිපල් සර්ට පැමිණිලි කරලා. මොකද දරුවො වුනේ.” ” අනේ සර් මම ගැහුවෙ නෑ” ” ඉතින් මොකද වුනේ කියන්න මම දන්නවා කොච්චර දග වුනත් ඔයා හොද ළමයෙක් කියලා. ඔයාව බේරගන්න නම් මට වුන දේ කියන්න”. මමත් ඉතින් විස්තරය කීවා. “පුතාලා ඔයාගෙ යාළුවා කියන්නේ ඇත්තක්ද” “ඔව් සර්” කියලා ළමයිනුත් කීවා. මගෙ අතින් අල්ලගෙන සර් ඉස්සර වුනා. දැං යනවා සර් ඉස්සර වෙලා මම පස්සෙන් යනවා. අල්ලපු පන්තියට ගියා. මිස් විනාඩි දහයක් දෙකක් මෙයාව මේ පංතියෙ තියා ගන්න කීවා. සර් ආපහු ගියා. ආපහු ආවා. ගිහින් තියෙන්නේ අපෙ පංතියට ආපහු ළමයින්ගෙන් විස්තරය අහගෙන. ආවා මගෙ ලගට මම ඔයාට ගුටි කන්න දෙන්නෙ නෑ. බය වෙන්න එපා එන්න යං” සර් කීවා දැං යනවා ප්‍රින්සිපල් ලගට. සර් යනවා. මමත් යනවා. හාඩි බීට් එක වැඩි වෙනවා. දැං නම් බිත්තර තැම්බෙන සයිස් එකට මම බය වෙලා. “බය නොවී ඉන්න දරුවො.” සර් කියනවා. මම අහනවා. ඔව් සුදුපාට කිට් එකට කටු පාට බෙල්ට් එක දාගෙන නිල් පාට යයි එකත් බැදගෙන හිටගෙනම ඉන්න සර්ව පේනවා. බවටම ගනන් සර්ගෙ අතින් අල්ලගන්නවා. සර් මගෙ ඔළුව අත ගානවා. යනවා ප්‍රින්සිපල් සර් ලගට. මගෙ කකුල් දෙක මැඩ්ලින් ගහනවා. “දරුවො ඔයා වගෙ දක්ෂ දරුවෙකුගෙන් මේ වගෙ වැඩක් බලාපොරොත්තු වුනේ නෑ මම. ඉගෙන ගන්න දක්ෂයි කියලා උගන්වන ගොඩක් ගුරුවරුන් කියනවා. ක්‍රීඩාවටත් ගොඩක් දක්ෂ යි. ඇයි මෙහෙම දෙයක් කරෙ.” ප්‍රින්සිපල් සර් ඇහුවට කොහොමද මම උත්තර දෙන්නෙ. අනෙ ඒ වෙලාවේ දෙවියෙක් වගෙ ඉදිරිපත් වුනේ අපෙ ගණන් සර්. “සර් මම මෙතන වෙලා තියෙන දේ පැහැදිලි කරන්නම්. මම මෙයාගෙන් අහලා. මෙයාව බී පංතියෙ කියලා ආයෙත් ගිහින් පංතියෙ ලමයිගෙනුත් අහලමයි ආවෙ. මෙහෙමයි සර් වෙලා තියෙන්නේ. ” . අපෙ ගනන් සර් විස්තර කරගෙන කරගෙන යනවා. මගෙ බය ඇරීගෙන ඇරීගෙන යනවා. මලක් වගේ පිපිලා තිබ්බ ඉංග්‍රීසි මිස්ගෙ මූණ මැලවී ගෙන මැලවී ගෙන යනවා. ඔව් මිස් නැගිට්ට පුටුවෙන් ගත්තා පොත් ටික එක අඩවියයි තිබ්බෙ. ප්‍රින්සිපල් උතුමාණන් ගෙ හඩ අවදි වුණා. “මිස් මිස්ට යන්න බෑ , වාඩිවෙන්න” කිව්වා.මිස් වාඩි වුනා නෙවෙයි පුටුවට කඩා වැටුනා. ගනන් සර් විස්තර කියලා ඉවරයි. ප්‍රින්සිපල් සර් හැරුණා මගෙ දිහාට . ඇත්තද මේ ඇහුවා. මමත් ඔව් කියන්න ඔළුව හෙල්ලුවා. ආයෙ ටීචර් අතේ තියෙන කෝටුව කඩන්න එපා කීවා. පන්තියට යන්න කීවා. මමත් හුසේන් බෝල්ට් දුවනවා වගෙ වේගයෙන් පන්තියට ආවා. අහෝ දුකකි ගණිතය ඩබල් පීරියඩ් වලින් එකක් ඉවරයි. ගනන් සර් ආවා. නෝමල් එකේ ඉගැන්නුවා. දවසම සාමාන්‍ය පරිදි ගෙවුනා.
ආ තව දෙයක් වුනා ඊලග දවසෙ ඉඳන් ඉංග්‍රීසි මිස් ආවා. ඔයාගෙ පීරියඩ් එකේ මම අවසාන පේලියේ සිටිය යුතුයි කියලා නියෝගයන් දුන්නා. ආයෙ එයා මගෙන් ප්‍රශ්න ඇහුවෙවත් පොත් බැලුවෙවත් නෑ. බැන්නෙත් නෑ. මට ඕනෙ විදිහට මම හිටියා. මිස් මිස්ගෙ පාඩුවෙ හිටිය. හැබැයි ටර්ම් ටෙස්ට් එකේ මගෙ ඉංග්‍රීසි ලකුණු අඩු වුනා. එකම උත්තරය තිබ්බත් යාළුවාගෙ උත්තරය හරි වෙලා මගෙ වැරදි වෙලා තිබ්බා.
උපුටා ගැනීම: Senu Senu