ටෙලිෆෝන් ඹපරේටර් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සද්ද විද්ද පළඟපතිර කෑල්ලක් හත් මුතු පරම්පරාවෙම නමේ මුල මැද අග කොතනවත් නැතුවට අපිත් සියලු රසයන් සමගින් ඉන්න පිරිසක්. රජකාලේ හිටියා නම් උස්සගෙන ගිහින් පත්කරනවා රජ වාසල කවටයා බවට. කට්ටිය එකතු වුනාම ඒක රස සාගරයක් කියලා අම්මා හැමදාම කියනවා. තාත්තගේ පවුලේ පිරිමි 4 ගෑනු දෙකයි. ඔය ගෑනු දෙන්න බයිට් වෙච්ච ඒවට බඩඅල්ලගෙන හිනාවෙනවා කට්ටියම. කොහොමත් ඒ විහිලු මතක් කලත් මැරිලත් පැයක් යනකම් හිනා යනවා.
මේකත් ඉතින් ඒ පරම්පරාවේ සීරියස්ම කෙනා වෙච්චි මගේ තාත්තට වෙච්ච එකක්.
අතීත කතාව
අතේ ගෙනියන දුරකතන, ස්මාට් ෆෝන්, CLI පහසුකම් නැති වසර 2000 පෙර යුගය. ඒ කාලේ තිබ්බේ අංක කරකවන දුරකතන. ගෙදර ෆෝන් එකට සම්බන්ද පොඩි දුරක ක්රියාත්මක වෙන අතේ ගෙනියන දුරකතනයක් පාවිච්චි කරපු මගේ අංකල් කෙනෙක් හිටියා. එයා ඒක කනේ ගහගෙන කතා ⁣කරන කොට අනිත් එවුන් බලාගෙන හිටියේ කට ඇරගෙන. මුට පිස්සු කියලා.
අනිත් අය කිව්වා පඩ ෂෝ කියලා. දැන් ඒ කියපු හිනාවෙච්ච අයත් ස්මාර්ට් ෆෝන්, ඉන්ටකොම් භාවිතා කරනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. කොහොමත් විවේචනයෙන් තොරව විචාර බුද්ධිය වැදගත්.
අපේ මාමලගේ ගෙදර ( අම්මගේ අයියා) ටෙලිෆෝන් නොම්බරය 32128
අපේ නැන්දාගේ ( තාත්තගේ නංගි) 32821
අවදි සිහියෙන් නොගත්තොත් ඉතින් පටලැවෙනවා.
මාමලගේ ගෙදර ටෙලිෆෝන් ඹපරේටර් වුනේ සුදු අක්කා, අයියාත් එක්ක යාලුවෙලා ඉන්න කාලේ කොයි වෙලාවේ ඇමතුමක් එයිද කිය කිය පුල පුලා බල බල ඉන්නේ. කවුරු කාට කතා කලත් එයාගෙන් පාස්වෙලා තමයි අදාල අංශ වෙත යොමු වෙන්නේ.
මාමා රට ගිහින් හින්දා නැන්දලගේ ගෙදර හිටියේ අච්චියි, නැන්දයි, ජේන් ආච්චියි විතරයි.
වර්තමාන කතාව
දවසක් පොඩි නැන්දා ඔෆිස් ඇරිලා ඇවිත් අම්මත් එක්ක කෝප්ප වගයක් හෝදනවා.තාත්තා ඒ ලග මේසෙක ඉදගෙන වැඩක්. ඕපාදූප කොතනද මාත් ඉතින් අබිලින් ගොයියගේ දුව වගේ වටේට කැර⁣කෙනවා.
” අක්කා දන්නවද මේ ලගදි ඉදලා මිනිහෙක් මට කෝල් කර කර සූදූ කියලා කියනවා.” පොඩි නැන්දා
” මොනවා නංගි ඔයා හොද ටිකක් කියලා බනින්න එපාය”
” බනිනවා අක්කේ ඒ මිනිහා දැන් දෙතුන් පාරක් ගත්තා. මුනේත් ( සෝමසිරි මුණසිංහ එයාගේ මහත්තයා) ගෙදර නැති නිසා මට බයයි”
” මොනවද ඒ මිනිහා කියන්නේ “
” සුදූ” කියලා කියනවා මම බනිනවා. මිනිහා තියනවා.
” නංගි” නිහඩව හිටපු තාත්තා එක පාරටම කතා කලා
” ඒ මම “
” මොනවා අයියේ”
” ඔව් වලානේ අයියලගේ ගෙදරට කතා කරන්න ගත්තම ගන්නේ සුදු දුවනේ ඉතින් මම ඒ අහන්නේ සුදු දු ද ? කියලා. ඔයාට ඇහෙනවා ඇති සුදූ කියලා. ඉතින් ඔයා බනිනවා”
” ඉතින් ඔයා කියන්න එපාය අයියේ”
” ඔයාගෙන් බැනුම් ඇහුවේ මම කියලා කොහොමද කියන්නේ”
හිතා ගත්තැහැකි නැන්දා අමතන්න ගත්තහම ජාතිය අමතන විදිහ.
” ඔයා බයවෙලා නිසා මට හිතුනා ඔයාට කියන්න”
ඔන්න ඔහොමයි සිරිමත්ටත් වඩා හැදිච්ච අපේ තාත්තා එයාගේ පොඩි නංගිගෙන් බැනුම් ඇහුවේ.
කතා කරනකොට සුදු දුවට සුදු දූ කියන්නේ බලාගෙන කෙනෙක් ඒක සුදූ කියලා හිතාගත්තොත් නඩු ගිහිල්ලයි නවතින්න වෙන්නේ.
උපුටා ගැනීම: කුමරිනී මලලසේකර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!