ලෝකයේ පුරා එක් එක් රටවල් වල තහනම් කර ඇති අමුතු ආකාරයේ වැඩ 10ක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
01. නත්තල් දවසට බිස්කට් කෑම. ( එක්සත් රාජධානිය)

1644 දී ඔලිවර් ක්‍රොම්වෙල් නත්තල් දිනය උත්සවාකාරයෙන් සැමරීම නුසුදුසු යැයි සළකා එවැනි ආකාරයේ සැමරුම් නීතියෙන් තහනම් කරලා තියෙනවා. මෙහිදී විශේෂයෙනම් නත්තල් දිනයේදී පැණි රසැති බනිස් වර්ග හා බිස්කට් කෑම සපුරා තහනම් කරලා තියෙනවා. පුදුමයට කාරණයනම් මේ ක්‍රොම්වෙල් ගෙනාපු නීතිය කවුරුත් ඉවත් කරළා නැහැ. ඒ නිසා තවමත් නත්තල් දවසට බිස්කට් කෑම එක්සත් රාජධානිය තුළ නීතියෙන් න්‍යායාත්මකව වරදක් බවට සළකනවා. හැබැයි දැන්නම් කවුරුත් මේ ගැන ඒ තරම් තැකීමක් කරන්නේ නැහැ.

02. තල්මසුන් ස්පර්ශ කිරීම (එක්සත් රාජධානිය)

මේක එක්සත් රාජධානියේ තියෙන තවත් පුදුමාකාර නීතියක්. මුහුදු තීරයේ සැතපුම් 3ක් දක්වා වූ අරයක ඉන්න සියළුම තල්මසුන්, ඩොල්ෆීන් ඇතුළු ක්ෂීරපායී සතුන් මහරැජිණගේ දේපළක් ලෙස ඔවුන් නීතියෙන්ම සළකනවා. එබැවින් එම කලාපයේ සිටින කිසිම ක්ෂීරපායී සතෙක්ව ස්පර්ශ කිරීම නීතියෙන් තහනම්.

03. ජලයේ ගිලෙන කෙනෙක් බේරා ගැනීම (චීනය)

මේක චීනයේ තියෙන හරිම පුදුම නීතියක්. මේක නැගෙනහිර ආසියානු දර්ශනයේ ඇති අදහසක් වන කෙනෙකුගේ ඉරණමට බාධා නොකළ යුතුයි කියන එක මත පදනම් වෙලා හැදිලා තියෙන එකක්. නමුත් වර්තමාන විචාරකයන් පවසන්නේ මේක චීනයේ පාලන තන්ත්‍රය විසින් ජනගහණය පාලනය සදහා පනවා ඇති නීතියක් බවයි.

04. දුම්රිය ස්ථානය තුළ සිපගැනීම (ප්‍රංශය)

‌දුම්රිය ස්ථාන වල පෙම්වතුනට සිප ගැනීම තහනම් කිරීම ප්‍රංශයේ හා එක්සත් රාජධානියේ සමහර දුම්රිය ස්ථාන වල සිදුකොට තියෙනවා. ප්‍රංශයේ මෙම නීතිය මුලින්ම පනවා ඇත්තේ 1910දීය මේ සදහා හේතුවෙලා තියෙන්නේ පෙම්වතුන් දුම්රිය ගොඩ නොවැදී දුම්රිය ස්ථානයේම සිප ගනිමින් සිටීමෙන් දුම්රි‍යන් පිටත් වීමට ප්‍රමාද වීමයි. එමනිසා පෙම්වතුන්ට දුම්රිය වේදිකා වල සිප ගැනීම තහනම් කොට ඒ සදහා වෙනම සිප ගැනීමේ කලාප වෙන්කොට තිබෙනවා.

05. පරවියන්ට කෑම දැමීම (ඉතාලිය)

පරෙවියන්ට කෑම දැමීම ඉතා සුන්දර දෙයක් වුනත් ඉතාලියේ වැනීසිය නගරයේ මෙය දඩ ගැසීම් වලට ලක්වන වරදකි. මෙයට හේතුව වන්නේ පරෙවියන් එහි ඇති ලස්සන පිලිම හා ස්මාරක වලට කැත කිරීමයි.

06. කින්ඩර් ජෝයි අළෙවිය (ඇමරිකා එක්සත් ජනපදය)

කින්ඩර් ජෝය් කියන්නේ ලෝකය පුරා කුඩා දරුවන් අතර ඉතා ජනප්‍රිය බිත්තරයක හැඩය ගන්නා චොකලට් කෑමක්. මේවා ඇතුලේ කුඩා සෙල්ලම් බඩුවක්ද තියෙනවා. නමුත් මෙය හඳුන්වා දීපු දවසේ සිටම ඇමරිකාව තුළ මෙය අළෙවිය තහනම් කරලා තියෙනවා. ඒකට හේතුව මේ කින්ඩර් ජෝයි එක ඇහුලේ ඇති සෙල්ලම් බඩුව වැරදීමකින් ළමයින්ගේ උගුරේ හිර වේවි යන බියයි. නමුත් 2013 දී මේවා ඇමරිකාවේ වෙළදපොලවල් වල තිබිලා තියෙනවා. ඉන් පසු ඇමරිකානු රජය විසින් ප්‍රමාණයෙන් තරමක් විශාල ගිලීමට අපහසු ආකාරයේ සෙල්ලම් බඩුවක් බිත්තරයේ එක් පැත්තක පමණක් දමා විකිණීමට අවසර ලබා දීලා තියෙනවා.

07. මාරු කාසි වලින් පමණක් ගෙවීම් කිරීම (කැනඩාව)

කැනඩාවේදී ඔබට ඔබේ මාරු කාසි කැටය කඩා ඒවායෙන් භාණ්ඩ මිලදී ගැනීම තහනම්. මේ නිතීය හඳුන්වා දීලා තියෙන්නේ 1985දී. ඔබ මිලදී ගන්නා භාණ්ඩය කැනේඩියානු ඩොලර් 10ට වඩා වැඩියි නම් ඔබට එය කාසි වලින් පමණක් ගෙවන්න බැහැ.

08. බිරිඳගේ උපන් දිනය අමතක කිරීම (සමෝවා රාජ්‍යය)

සමෝවා කියන්නේ පැසිපික් දූපත් වල තියෙන අමුතුම ආකාරයේ නීතීවලට ජනප්‍රිය ස්වාධීන රාජ්‍යයක්. එහේ තියෙන විශේෂ නීතියක් තමයි බිරිඳගේ උපන් දිනය අමතක නොකිරීම. කාටහරි තමන්ගේ බිරිඳගේ උපන් දිනය අමතක වුනොත් උසාවියෙන් බිරිදට එවෙලෙම වන්දියක් ගෙවිය යුතු බව නියම කරනවා.

09. ටැටූ එක පිට අයට පෙන්වීම (ජපානය)

සාමාන්‍යයෙන් ජපන් ජාතිකයන් ටැටූ ගහන්නේ නැහැ. මොකද කෙනෙක් එහෙම කරොත් එයා ජපානයේ යකූසා අපරාධ කණ්ඩායමේ අය සමග සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් ලෙස ජපන් ජාතිකයන් සළකනවා. ඇත්තටම ජපානයේ ටැටූ ගහන්න එපා කියලා නීතියක් පනවලා නැහැ. හැබැයි ජපානයේ සමහර හෝටල්, කායවර්ධන ස්ථාන හා පොදු නාන තටාක වගේ ස්ථාන වලට ටැටූ ගහලා තියෙන අයව ඇතුලත් කරගන්නේ නැහැ.

10. සල්ලි පෑගීම (තායිලන්තය)

මෙම නීතිය ඔබ තායිලන්තයේ සංචාරයක් යනවනම් දැනගෙන සිටිය යුතුම දෙයක්. තායිලන්තයේ කාසි හා නෝට්ටු වල පූජනීය පුද්ගලයන්ගේ රූප ඇති නිසා වැරදිලාවත් කාසි හා නෝට්ටු පැගීම තහනම්.

 

උපුටා ගැනීම:  Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!