ලංකාසුකා අධිරාජ්‍ය (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම ලගදි කියවපු පොතක තිබ්බා ලංකාසුකා(langkasuka) කියලා අධිරාජ්යක් ගැන.ඒක තිබ්බෙ මලය අර්ධද්වීපයේ.ඒක මලය අර්ධද්වීපයේ මුල්ම හින්දු-බෞද්ධ රාජධානිවලින් එකක්.මේක තිබිලා තියෙනවා කියලා කියන්නෙ 2වෙනි ශතවර්ෂයේ.
නමේම තියෙනවා ලංකා කියලා කෑල්ලක්.ඒක නිසා මට මේක ගැන හොයන්න පොඩි ආසාවක් ආවා.
මේ රාජධානිය තිබ්බා කියන්න ඓයිතිහාසික සාධක කිහිපයක් තායිලන්තයේ පට්ටානි(pattani) ප්රදේශයේ යාරොන්ග්(yarang) කියන පැත්තෙන් හොයාගෙන තියෙනවා.ඒ වගේම මේ කරුණ සාහිත්ය මූලාශ්ර විදිහට කේදා වාර්තා(kedah annals) කියන මූලාශ්ර වල තියෙනවා.
මේ රාජධානියේ ආරම්භකයා කියලා දැනට සලකන්නෙ මෙරොන්ග් මහාවංශ(merong mahawangsa) කියන රජතුමා.ඒ රජතුමා ගැන අර මූලාශ්රවල කියලා තියෙනවා.තවත් කට්ටියක් කියන්නෙ මේ රාජධානිය ලංකාවෙන් ආපු මිනිස්සු ගොඩනගපු එකක් කියලා.මේ රාජධානිය ගැන දැනට හම්බෙලා තියෙන එක විදේශීය මූලාශ්රයක් තමා බගදත්ත(bhagadatta) කියලා මේ රාජධානියේ රජතුමෙක් චීනෙට දූතයො වගයක් යැව්වා කියලා තියෙන චීන වාර්තාවක්
තව ගොඩක් විස්තර අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්.
මට තියෙන ප්රශ්නෙ තමා මලය අර්ධද්වීපයේ ජනාවාසකරණයට ලංකාවෙනුත් යම්කිසි බලපෑමක් තිබ්බද කියලා.ඉන්දියාවෙන් සංස්කෘතික බලපෑමක් මලය අර්ධද්වීපයට මුලකාලෙ ලැබිලා තිබ්බා.ලංකාවෙන් ඉන්දියන් සාගරය වටා තියෙන රටවල් ජනාවාසකරණයේදි කිසියම් බලපෑමක් ලබාදීලා තියෙනවා ද?
ඒ වගේම තමා අපි ඇයි මේ වගේ අපේ රට අනික් රටවල් සමග තිබ්බ විදේශ සබදතා ගැන වැඩිය හොයන්නෙ නැත්තේ?විශේෂයෙන්ම මාලදිවයින,මැඩගස්කරය,මලය අර්ධද්වීපය වගේ ප්රදේශ එක්ක ලංකාව පවත්වලා තිබ්බ සම්බන්ධතා ගැන අපි හොයන්නෙ නැත්තෙ ඇයි?
උපුටා ගැනීම: Jayanidu Dimantha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!