ඔබේ දෑත බලා ඔබගේ සෞඛ්‍යය ගැන පැවසිය හැකි කරුණු 7 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

වයසට යාමේ සලකුණු මුලින්ම පෙන්නුම් කරන ශරීර අංගය තමයි අපේ අත් දෙක කියන්නෙ. ඒ විතරක් නෙවෙයි, අපේ ශරීරයේ තියන සමහර සෞඛ්‍යමය ගැටලුත් අත්වලින් පෙන්නුම් කරනවා. වෛද්‍යවරුන් කියන්නෙ ඔයාගෙ අත්වල තත්වය වෙනස් වීම මගින් ඔයාගෙ ශරීරයේ වෙනත් තැනක තියන රෝග තත්වයක් ගැන අනතුරු ඇඟවීම් සිදුකරන බවයි.

ඔයාගෙ සෞඛ්‍යය හොඳින් පවත්වා ගැනීම සඳහා ඔයා අවධානය යොමු කරන්න ඕන රෝග ලක්ෂණ 7 ක් ගැන තමයි අද අපි ඔයාට කියන්න යන්නෙ.

01. අත්ල රතු වීම

අත්ල රතුවීම මගින් අක්මාවේ ගැටලු තියන බවට අනතුරු අඟවනවා. විශේෂයෙන්ම ඔයා වයස අවුරුදු 50 ට වැඩි කෙනෙක් නම් මේ වගේ තත්වයක් දැක්කොත් ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මෙහිදී සාමාන්‍යයෙන් අත්ලෙහි පිටත දාරය රතු වෙනවා. රුධිර වාහිනී අබලන් වීමට හේතුවන හෝමෝන සමතුලිතතාවයේ වෙනසක් නිසා අත්ල රතු වෙන්නත් පුලුවන්. සමහර විට රූමැටොයිඩ් ආතරයිටිස් නිසාත් අත්ල රතු පාටට හැරෙනවා.

ඔයාගෙ අත්ලත් මේ විදියට රතු වෙලා නම් ඒකට හේතුව හොයාගන්න ඔයාට වෛද්‍ය උපදෙස් ගන්නම වෙනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට මාරු වෙන්න. මත්පැන් පාවිච්චිය පුලුවන් තරම් අඩු කරන්න.

02. අත්ලට දහඩිය දැමීම

අත්ලට දහඩිය දැමීමට හේතු කිහිපයක් තියනවා. ඕනෑවට වඩා දහඩිය දැමීම, ආතතිය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි වීම

ඔයාට හයිපර්හයිඩ්‍රොසිස් හෙවත් අධිකව දහඩිය දැමීමේ තත්වයක් තියනවා නම්, ශක්තිමත් ප්‍රති-නාශක භාවිතා කරන්න පුලුවන්. හයිපර්හයිඩ්‍රොසිස් වලට එරෙහිව සටන් කිරීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න එකත් හොඳයි.

මත්පැන් පානය පුලුවන් තරම් සීමා කරන්න උත්සාහ කරලා ඔයාගෙ ආතති මට්ටම පාලනය කරන්න ඉගෙන ගන්න. භාවනා කිරීම, හුස්ම ඉහළ පහළ කිරීම වගේ ක්‍රම පුරුදු වෙන්න. කිසිම දෙයකින් ප්‍රතිඵලයක් නැත්නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

03. සංවේදීතාව නැතිවීම හා හිරි වැටීම

සමහර විට එකවරම අපේ ඇඟේ කොටස්වල සංවේදීතාව නැති වෙලා යනවා. ඊට පස්සෙ අපි පොඩ්ඩක් හෙලවුණාම ඒ කොටසම හිටි වටෙනවා. සාමාන්‍යයෙන් වැඩි වෙලාවක් අපේ සංවේදක ස්නායුවට පීඩනයක් යෙදුණම තමයි මෙහෙම වෙන්නෙ. හිරි වැටීම කියන්නෙ ස්නායුව නැවත වැඩ කරන්න ගත වෙන කාලයයි.

සමහර අවස්ථාවලදී ගැබ්ගෙල ඔස්ටියොකොන්ඩ්‍රොසිස්, කාපල් ටනල් සින්ඩ්‍රෝම්, කකුලේ ශිරා ත්‍රිකෝබොසිස්, බ්‍රාචියල් ප්ලෙක්සස් තුවාල, රක්තහීනතාවය හෝ දියවැඩියාව වගේ බරපතල රෝගයක් ඔයාට තියන බව අත්වලින් පෙන්වනවා වෙන්නත් පුලුවන්. පැහැදිලි හේතුවක් නැතුව ඔයාටත් නිතරම අත්වල සංවේදීතාව නැති වෙනවා නම්, වෛද්‍ය උපදෙස් ලබාගන්න කියලත් අපි මතක් කරනවා.

04. අත් වියළීම

අත්වල සම වියළීමට ප්‍රධානම හේතු තමයි, විජලනය හා ඔසප් වීමට සම්බන්ධ ඊස්ට්‍රජන් මදිකම. විජලනය වළක්වා ගැනීමට ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. අත්වලට මොයිස්චරයිසින් ක්‍රීම් භාවිතා කරන්න. තෙල් සහිත මාළු, ධාන්‍ය හා නට්ස් වර්ග ආහාර වේලට ඇතුළත් කරගන්න. හෝමෝන ප්‍රමාණය පාලනය කරන ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍යවරයා හමුවන්න. එමගින් ඊස්ට්‍රජන් මට්ටම පහළ වැටීම වළක්වගන්න පුලුවන්.

05. අත් වෙව්ලීම

අත් වෙව්ලීම, පාකින්සන් රෝගය වගේ බරපතල සෞඛ්‍ය ගැටලුවක සංඥාවක් විය හැකි බව ඔයා දැනටමත් දන්නවා. ඒ නිසා ඔයාටත් මේ රෝග ලක්ෂණය තියනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න. කෝපි හා මත්පැන් පානය සීමා කරන්න. සමහර විට කාංසාව හා ආතතිය නිසාත් අත් වෙව්ලන්න පුලුවන්.

06. නියපොතු දුර්වල වීම

දුර්වල හෝ ඉරිතලා ඇති නියපොතු කියන්නෙ සින්ක් ඌනතාවයේ රෝග ලක්‍ෂණයක්. සින්ක් අපේ සෞඛ්‍යයට ගොඩාක් වැදගත් මූලද්‍රව්‍යයක්. එමගින් තුවාල සුව කිරීම වැඩිදියුණු කරනවා. සෛල බෙදීමට උපකාරී වෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ඕට්ස්, නට්ස් වර්ග හා මස් වගේ සින්ක් බහුල ආහාර ඔයාගෙ ආහාර වේලට එකතු කරගන්න. ඔයාගෙ ශරීරයේ සින්ක් මට්ටම අඩු නම් අතිරේකයක් ලෙස සින්ක් ලබාගන්නත් වෛද්‍යවරු නිර්දේශ කරනවා.

07. ඇඟිලි කෙළවර ඉදිමීම

නියපොතු හා ඇඟිල්ල කෙළවර බල්බ් එකක් වගේ ඉදිමෙනවා නම් හෝ ඔයාගෙ ඇඟිලි බෙරයක් වගේ පේනවා නම් ඔයාගෙ ඇඟේ ඔක්සිජන් හිඟයක් තියනවා. එය පෙනහළු පිළිකා හෝ හෘද රෝග වගේ බරපතල රෝගයක රෝග ලක්ෂණයක් වෙන්නත් පුලුවන්. ඔයාගෙ ඇඟිලිත් මේ විදියට ඉදිමෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

 

උපුටා ගැනීම: adobae

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!