අපි යාලුවො දහයක් එක්ක ගියා නුවරඑළි..කන්දක් උඩ තියෙන ගෙයක් ගත්තා දවස් දෙකකට..ඒක ගත්ත එකා අපේ කම්පනි එකේ නුවරඑළිය බ්‍රාන්ච් එකේ එකෙක්…ඌ කිව්වා ඒ ගෙදර ටිකක් හුදෙකලාවට ගිය ගෙයක් වටේ පිටේ වෙන ගෙවල් නෑ ඒත් අපේ බජට් එකටයි කට්ටියේ ප්රමාණයටයි සෙට් වෙන්නෙ එතැන විතරයි කියල..ඒ එක්කම ඕකේ හොල්මන් තියෙනව කියල කව්ද එකෙක් ඌට කිව්වා කියලත් මූ ට්‍රිප් යන්න අපි හදාගෙන ඉන්න වට්සැප් ගෲප් එකේ කිව්වා..අපේ උන් කිව්වා ඕකම ගනිං කියල..ඉතින් එහෙමයි ඒ ගෙදර සෙට් උනේ..
කිව්වත් වගේ කන්දක් උඩ තිබ්බ ටිකක් පරණ ගෙයක්..කන්ද නිසා වදිනව සුපිරි ගනයේ ටර්බෝ කරපු හීතල හුළං පාරක් ආයෙ නෑ ඉතින් දත් කට කට ගානව..එක පාරටම හෝ ගාල හුළං වදිනව ආයෙ අඩුවෙනව ආයෙ වැඩි වෙනව ආයෙ නැතිවෙලාම යනව හරියට කැඩුණු ඒසී එකක් වගේ…යතුර දෙන්න අයිතිකාරයා ඇවිල්ලා හිටියා..මිනිහා බාබකිව් ග්‍රිල් එකත් පත්තු කරල දීල තව දොරවලුයි වෝටර් හීටර් ගැනයි කියල දීල එහෙම ගියා..
හවස් වෙන කොට ඔන්න බොන උන් බොනව සිංදු කියන උන් සිංදු කියනව..කන්දට සිග්නල් නෑ..සිග්නල් තිබ්බෙ එලියෙ එකතැනකට විතරයි..මල් කඩන උන් එතැන රොක් වෙලා මල් කඩල අවට ගසුත් උගුල්ලනව..ඔෆිස් එකේ ලැප්ටොප් උස්සන් ආව දෙන්නෙක් ඒවයෙ වැඩ..තව සෙට් එකක් පරණ ක්‍රිකට් මැච් එකක් බලනව..මමයි තව දෙන්නෙකුයි ගෙදෙරට පිටිපස්සෙ හුළං මුවාවක බාබකිව් දානව..චිකන් කිලෝ දහයක්ද කොහෙද අරං ගියා සීසන් කරල..තව පෝක් සොසේජසුත් තිබ්බා..
හදන හදන මස් ටික සාලෙට යැව්වා අරුන් ටිකට කන්න.. උනුත් ඒකෙ රස වර්ණනා කර කර කනව..අපිත් ෆෝම් වෙලා හෝ ගාල බාබකිව් දානව..
අන්තිම පිගන් දෙකත් හදල සාලෙට යවල කිව්වා අපිට එක පිගානක් තියපල්ලා කියල..එහෙම කියල අපි ගියා වොෂ් එකක් දාගෙන එන්න..
වොෂ් දාගෙන කන්න කියල එනකොට සාලෙ හිටිය එකෙක්වත් නෑ..අපි තුන්දෙනා මූණෙන් මූණ බලාගත්තා…කොහේ ගිහින්ද මුන් ටික..කෝල් එකක් දුන්නම එකෙක් ආන්සර් කරන්නෙ නෑ..සිග්නල් අවුල්..ආන්සර් කරපු එකාගෙ කටහඩ එන්නෙ කැඩි කැඩි..ඉතින් මොකක් හරි හදිසියක් වෙලාවත්ද කියල බලන්න අපිත් බැස්සා කන්ද පහළට පට ගාල..කන්ද පහළට බැහැල ටික දුරක් යනකොට මෙන්න මුන් ටික ඉන්නව නයිට් කඩයක් ගාව වටවෙලා..බැලින්නම් එකෙක්ට විටක් කන්න හිතිලා බුලත් විටක් හොයාගෙන ගිහින්..මහ රෑ දොළහට කොයින්ද බුලත් විට? පස්සෙ කඩේ සීයා එයාගෙ විටෙන් දුන්න කන්න කියල..
එහෙමම ටවුන් එකෙත් වටයක් දාල පොඩි වැස්සකටත් අහුවෙලා ආයෙ කන්ද නැගල ගෙදරට එනකොට අපි තුන්දෙනාට බඩගිනියි ඉතින් යමරෙට..අනිත් උන් ටික කාල නිසා උන්ට ඕන නිදාගන්න..උදේ එකහමාරට විතර අපි ගෙට ඇතුල් උනා..
අඩේ බාබකිව් දාපු මසුයි සෝසේජසුයි නෑ පිගාන විතරක් තියෙනව..
අපිට හොදටම ෂුවර් අපි දොරවල් ලොක් කරල ආවෙ…ඒ එනකොටත් මස් ටික පිගානෙ තිබ්බා කියල මතකයි..
එකෙක් කිව්වා ” මචෝ පුළුටු නිසා අමනුස්සයෙක් වත් ඇවිත් කෑවද දන්නෙ නෑ” කියල
ඇත්තටම එතැන හිටිය කව්රුත් දන්නෙ නෑ මස් ටිකට මොකද උනේ කියලවත්..හැමෝම ටිකක් තිගැස්සිලා වගේ හිටියේ..ඒ අස්සෙ කරන්ට් එකත් ගියා..හුළං සද්දෙත් නැති වෙලා ගියා…ඒ එක්කම අමුතු ගදක් ආව..
කට්ටිය පට ගාල ෆෝන් වල ලයිට් ඔන් කර ගත්තා..
හැමෝම ටිකක් තැති ගැන්නිලා වගේ උන්නෙ..ඒ අස්සෙ එකෙක් කියපි මචෝ මේ වෙලාවට එලියට එන්නෙ මෝහිණී කියල..”අඩෝ විකාර කියවන්න එපා බං” කියල ඌටත් බැනල අපි ඉස්සරහ දොර ලොක් කරල පිටිපස්සෙ දොර ලොක්කරන්න ගියා..අපරාදෙ කියන්න බෑ කොල්ලො සෙට් එකම එකා වගේ ආව පිටිපස්සෙන්..
අපි එතැනට යනකොටම පිටිපස්සෙ දොර ක්රාස් ගාගෙන දඩස් ගාල වැහුණ…මගේ පිට දිගේ හීතලක් ගියා ආයේ කියල වැඩක් නෑ..අනිත් උන්ටත් එහෙම වෙලා තිබ්බා වගේම සමහරුන්ට චූ බරත් හැදිල තිබ්බා කියල පහුවෙනිදා උන් කිව්වා..
කොහොම හරි ඉතිපිසෝ ගාථාව කිය කිය ඒ දොර ලොක් කරල ආයෙම සාලෙට ආව..
කරන්ට් එක එන පාටක් නෑ..බයවෙලා ඉන්න නිසා බඩගිනිත් නැති වෙලා ගියා..දැන් දෙකහමාරට වගේ නිසා හැමෝම තම තමන්ගෙ කාමරවලට යමු කියල ඔන්න කාමරවලට ගියා..එක කාමරේකට හතර දෙනෙක් වගේ වැටුණෙ..
එක පාරටම”බුදු අම්මෝ මං නැතෝ මහසෝනා මට ගැහුවෝ අම්මේ..” කියාගෙන එකෙක් කාමරේකින් එළියට පැනල කෑගහගෙන දුවන සද්දෙත් ඒ එක්කම මොකක් හරි එකක වැදිල වැටෙන සද්දෙත් ඇහුණා..අපි
පට ගාල කාමරවලින් එළියට පැන්න..එකෙක් ඉන්නව සාලෙ මැද හතර ගාතෙන් වැටිලා.. ඌව පට ගාල උස්සල ගත්තට ඌ ඇස්වහගෙන කෙදිරි ගානව..ඌව එතැනම තිබ්බ සෙටි එකෙන් හාන්සි කරවල වාහනයක් ස්ටාර්ට් කරන්න කියල ඉස්සරහ දොර ඇරියම කලු පාට ගුලියක් මගේ කකුලක වැදිලා එලියට පැන්නා..අර ගද ඒ එක්කම ආව..මට ඉතින් උන්හිටි තැන් අමතක උනා..මම දොර බදාගෙන බුදු අම්මෝ කියල කෑගැහුවා..කැගැහුවා නෙවි කෑ ගැස්සුනා..
එතකොටම කරන්ට් එක ආව..වත්තට දාපු ලයිට් වලින් අපි දැක්ක මහත කලු බල්ලෙක් පණ කඩාගෙන දුවනව..
පස්සෙ බලනකොට ඇත්තටම පිටිපස්සෙ දොර ලොක් වෙලා නෑ..අගුල හරියට දාන්න ඕන..නැත්තන් ඒක ඇරෙනව..අර බලු තඩියා පස්සෙ දොරින් ගෙට රිංගල අපේ මස් ටිකයි සොසේජස් ටිකයි කාල කාමරේකට රිංගල ඒකෙ ඇදක් ගාව දාල තියෙන පාපිස්සක් උඩ සනීපෙට නිදාගෙන…අරූ කරුවලේ ගිහින් බල්ලව පාගල..
නෙදකින් බලු තඩියා එක මස් කෑල්ලක් ඉතුරු කරල නෑනෙ..පස්සෙ මැගී එකක් හදාගෙන කාල නිදාගත්තා..
උපුටා ගැනීම: Mahesh Neranjan Palliyaguru