ඔන්න එතකොට මට ඇබින්දන් අවුරුදු 8 ක් විතර ඇති තුනෙ කැලෑසියෙ. දහම්පාසල් ඉවර වෙලා එක්කන් යන්නත් කවුරුත් නාව නිසා වෙනදා සුපුරුදු විදියට ම දහම් ටික පන්සලෙම තියලා ලමා සාරියත් අතින් උස්සන් මං දුවිලි අවුස්ස අවුස්ස ලැසි ගමනෙන් ගෙදර එඤ්ඤ ගත්තා. පන්සලෙ ඉදන් ගෙදරට හු දෙකක දුර ඇති ඕන් ඒ කාලෙ පාරෙ ඉරි ක්රීම් ගලා සුදු නොවුන හින්දා කහා පාටයි. එ කහා ඉරිත් පැනලා වට පිට බැලින්නම් නිල් පාට ගවුමෙ සුදු පාට මල් වැටුනු කොණ්ඩෙ දිග අක්කා කෙනෙක් යනවා ඕන් මාව පහු කොරන්. පිටිපස්සෙන් බලද්දි අක්කා ලස්සන නිසාත් මාව පහු කරන් ඇවිදන් යන්න කාටවත් දෙන්න බෑ කියලා මං හිතුව නිසාත් මාත් හයියෙන් අඩි තිය තිය එ අක්කා පස්සෙ ගියා.මට එ අක්කව පහු කරන් යන්නයි මුණ බලාගන්නයි ලොකු උවමනාවක් තිබ්බා.එ උනාට මගෙ චූටි අඩි අවුරුදු 20 ක් 23 ක් වගෙ වෙච්චි එ අක්කගෙ අඩි තරම් ඉක්මන් උනෙත් ඤෑ.මහා පාරෙ ඉදන් අපෙ ගෙවල් වලට හැරෙන්න පොඩි පාරක් ( පොඩි පාරක් කියන්න බෑ පහු ගිය දොහෙ එකෙ නොගියෙ නැව් විතරයි) තියනවා එ පාර ට හැරෙන තැනම හිස් ඉඩමක් ඉඩමට එහා පැත්තෙ පොඩි මජන් වැඩ පොලක්.(මං පොඩි කාලෙ ගරාජ් වැඩ පොළවල් වලට කිව්වෙ එහෙම ) එකෙ මාමලා වැඩ දැන් මන් අක්කව ඉස්සර කරන්න බලන් ගියත් එ අක්කා මට දිනුම දෙන පාටක් පෙනුන් නෑ. මාත් අත් ඇරියෙ නෑ. මට පෙනුනා එ අක්කව දැක්කාම අර මාමලා ටික මහා විපර්යාසයකට ලක් වෙනවා. එ හැමොම කර කර හිටිය වැඩ නවත්තලා හෙන කලබලෙන් එතන තිබ්බ බාල්දියි බේසනුයි ඔක්කොම උස්සන් අර හිස් ඉඩමට දුවන් ආවා. අර අක්කත් අපෙ පාරෙම යන්න පාරට හැරුනා. අර මාමලා බේසන් වලටයි බාල්දි වලටයි තඩි බබා නිල් ගවුමට නම් මං හරි ආසයි……..
නිල් පාට ගවුමෙ සුදු පාට මල් …….
ඔයා තමයි බබා කෙටු එක්කෙනා……..
ඔය සින්දු ගොඩයි එත් අර අක්කා නෙවෙ ගණන්වත් ගත්තෙ. රාජ ඌස්නෙ ගහපු කෙවට්ටයා වගෙ මං හෙන උඩින් ගියෙ ඇයි අර අක්කට සින්දු කිව්වට මං යද්දිත් එවා ඇහෙනව නෙ. මන් නිකන් උත්සවෙකට අපු ප්රධාන නිළිය වගෙ ගියෙ. ටික ටික මට මැවිලා පෙනුනා මන් ලොකු වෙනවා. කොන්ඩෙ දිගට වවාගන්නවා. අර අක්කා වගෙ ලස්සන වෙනවා (පිටිපස්සෙන් හොදෙ ඉස්සරහින් මන් දැක්කෙ නෑ නෙ) මාත් ඔහොම කොන්ඩෙ ගොතන් මල් ගවුමක් ඇදලා යද්දි කොල්ලො එයි නෙ මට ත් සින්දු කියාගෙන. මං එතොට ගණන් ගන්නවද හිතවතුනි නෑ.මේ අක්කා වගෙ ගස්සන් යනවා. මං ගණන් ගයි ඔකුන්ව මුරුන්ගා ගහා කපපු ගමයා වගෙ මාත් ගෙදර ගියෙ ගස්සන හැටි පුරුදු වෙවී. අර අක්කගෙ මුණ බලාගන්නත් බැරි උනා ඕං. ඔකෙන් මේකෙන් අවුරුදු ගාණක් ගෙවුනට පස්සෙ අම්මට අනුව මොලෙ නොවැඩුනාට මං වයසට වැඩුනා.මන් හිතන්නෙ අර අක්කගෙ වයසෙ මං දැන් ඉන්නෙ. එත් එ ඔක්කොම කණ පිට එ වගෙ මගෙ කොණ්ඩෙ දික් උන් නෑ ඔක්කොටම වඩා බලු නකුටු කොණ්ඩයක් මට හම්බුනෙ. අනික මල් ගවුම් අදින් නෑ මං
අනික් විශේෂම දෙ තමයි කොල්ලො මාව දැක්කාම සින්දු කියනවා වෙනුවට හොල්මනක් එනො මොහිණි එනො කියලා පණ කඩන් දුවන එක.ඕකෙන් මෙකෙන් මං ගස්සන්න පුරුදු වුන කාලෙ අපෙතෙ ගිය එක විතරයි උනෙ
උපුටා ගැනීම: එනායා නුහන්සී