(අ)වාසනාව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔන්න ස්විප් ගැන තව කතාවක්.මේක අපි පොඩිකාලෙ පත්තරේ වාර්තා උන සත්ය සිදුවීමක්.ඔව් ලංකාවෙ තමයි.පිටරට නෙවෙයි.
ඔන්න හොරන පැත්තෙ පොඩි කොලු පැටියෙක් හිටිය.අම්ම තාත්ත නෑ.නැන්ද ගාව හැදුනෙ වැඩුනෙ.නැන්ද ගෙවල් ගානෙ ගිහින් බැලමෙහෙවර කරල කීයක් හරි හම්බ කරං කොල්ලව බලාකියා ගත්ත.මූත් ඉස්ස්කෝලෙ නොගිහින් කට්ටිපැනල යන්තං ඇටෙං පොට්තෙන් එලියට එනකොටම ගමේ රස්තොයාදු රැලට වැටුනා.මොනව හරි කුලියක් පොඩි හොරකමක් එහෙම කරලා ඒවයින් බීඩි කසිප්පු බොන මදාවියෙක් උනා.
දවසක් මොනව හරි හේතුවකට මූ ස්විප් එකක් අරං.ඉතිං නිසි දවස,මතක් තියං ඉදල ස්විපෙක නැන්දට කියල බැලුවා.නැන්දට යන්තං අකුරු ලියන්න කියවන්න පුලුවං.මේකට පලවෙනි දිනුමම ඇදිල කියාංකො.
ඉතිං පහුවදාම මේකායි නැන්දයි එයස්ගෙ හොදම යාලුවයි 3 දෙනාම ගියා ලොතරැයි මන්ඩලයට.තුන්දෙනාගෙන් කාටවත් තේරුමක් නෑ මේ සල්ලි කන්දරාව ගැන.ඉතිං චෙක් එකත් අරං බැංකුවකට ගිහින්නැන්දගෙ නමින් සල්ලි දැම්ම බැංකුවෙ.ඒ කරල ලක්ශ කීපයක් නෝට්ටු වලින් ඉල්ලං මල්ලක දාගත්ත.මොකද මෙයාට චෙක් ගැන දැනුමක් නෑ.
අර සල්ලි මල්ලත් අරං තුන් දෙනාම ගිය වාහන විකුනන තැනකට..යාලුව ගත්ත කිරි කිරි වෑන් එකක් නියම ගානර වඩා දෙගුනෙකට විතර.ඇයි මෙයාලට සල්ලි ගැනගානක් නෑ.
යාලුවට ලයිශන් තියෙන නිසා එයා වාහනේ එලෙව්ව๬.වහනේ ගත්තෙත් නැන්දගෙ නමට.ඇයි අරයට අකුරු බෑනෙ.
යාලුවට කියල වෑන් එක ඉස්ස ඉස්සෙල්ලම ගෙනිච්චා කොලබ තිබුන ලොකුම රට බීම සාප්පුවට.ඉතිං කොලුව ගිහින් කිව්ව සාප්පුවෙ තෙයෙන හොදම රටබීම සේරම වෑනෙකට දාන්නකියල.සේවකයොත් එහෙම කලා.සිගරටුත් ගත්තා.මගදි මස් මාලු අඩුම කුඩුමත් අරං ගෙදර ආවා.
නැන්දට උයන්න කියල යාලුවව යැව්වා ගම වටේ අනිත් යාලුවො සෙට් එක අරං එන්න කියල හවස පාටියට.
දැන් කොල්ලො කුරුට්ටො සේරම ඇවිත් පාටිය ජයටම යනව.බීම නානව.කවදාවත් නොදැකපු බීම.
ඔය අල්ල පනල්ලෙ පොලිසියට ඔත්තුවක් ගිය වරෙන්තු කාරයෙකුත් පාටියෙ ඉන්නව කියල.පාටියට පොලිසිය පැන්නා අර වරෙන්තු කාරයව අල්ලන්න.පොලිසිය අපරාදකාරයට කතා කලාම ඉස්සරහට ආවෙ ස්විප් එක දිනපු අපේ පොර.
සල්ලි බලෙයි බීපු මතයි හින්ද මූ පොලිසියට කටගහගෙන ගියා.පොලිසිය කලේ දෙන්නටම ගහල ජීප් එකේ දාන් පොලිසියට ගෙනියපු එක.ගෙනිහින් කූඩුවට දැම්ම.එතැනදිත් මෙයා පොලිසියෙන් ගේම ඉල්ලල.බැරිතැන පොලිසිය දෙන්නටම හොදටම නෙලල ඒකෙන් ස්විප් එක දිනපු එකා කූඩුව ඇතුලෙම මලා.
පස්සෙ අර සල්ලි සේරම නැන්දට ගිය.ස්විප් වාසනාව නිසා කොල්ලා මලා.ඒක නෑදෙන්න ඌ තවමත් ජීවත් වෙනව.
ස්විප් එකක් වාසනාවට විතරක් නෙවෙයි කරුමෙ නිසාත් ඇදෙන්න,පුලුවන්.
උපුටා ගැනීම:  Mohan Perera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!