කාමරේ ඇදෙන් ඉද ගත්ත පලිගු දෙදන ලන් කර ගත්තේ ජනේලයෙ තිර රෙදි එක්ක පේන මහ වැස්ස දිහා බලාගෙන. පලිගු කල්පනා කලේ මේ ජිවිතෙ ගැන. ජහාන් කරන්නෙ අම්මාට උන පොරොන්දු විතරයි. එතන ආදරයක් නැති ආරක්ශාවක් විතරයි කෙල්ලට දැනෙන්නෙ.
පලිගු පොඩි කාලෙ ඉදන්ම ලගම කෙනෙක් උන ජහාන් කෙල්ලව දැක්ක විදිහමයි ජහාන් දැන් දකින්නෙත්. එතන දෙන්නාම විදවන්නෙ පුදුමාකාර විදිහට. තමන්ගෙ ජිවිතයට මේ තරම් කැපවිමක් කරපු ජහාන්ට වදයක් වෙන්න කෙල්ල කැමති නැ. පොඩි වයසට මේ දෙවල් කෙල්ලට බර වැඩි.
එකපාරටම පලාතම දෙවනත් කරලා අකුනක් කෙටුවේ කෙල්ලට දෙවියො සිහි වෙද්දි. පලිගු එහෙම්මම බ්ලැන්කට් එක ඔතාගෙන ඇදෙ වකුටු උනේ බයෙන් ගැහෙන ගමන්. කෙල්ල මේ වැස්සට හරිම බයයි වගේම අකැමැතියි. පලිගුට මතක් උනේ ඒ දුක්බර දවස. කෙල්ලගේ අම්මා නැති උනේත් මේ වගේම වැහි දවසක. කෙල්ලට ඇඩුම් වාවන්නෙ නෑ.
අනේ අම්මා…
ඔයා නැතුව මට පාලුයි අම්මා… අනේ මට කතා කරන්න…
සුදු කියලා කතා කරන්න අම්මා… අනේ…
කෙල්ල කියාගෙන ගියේ වෙව්ලන ගමන්. කෙල්ල මතක් කලේ අම්මාගෙ කටහඩ.
සුදු… සුදු…
පලිගුට තවත් ඇඩුනා.
සුදු…
පලිගුව එකපාරටම ගැස්සිලා ගියේ ජහාන්ගෙ කටහඩින්. පලිගු කදුලු පිරි ඇස් වලින් කොල්ලා දිහා බැලුවේ.
ජ.ජහාන් අයියේ…
අනේ…
බය වෙන්න එපා…
මන් ඉන්නවානේ…
මන් දොරට තට්ටු කලා ඔයා කතා කලේ නැති හින්දා ආවේ…
මම දන්නවානේ…
ඔයා වැස්සට බයයි…
ජහාන් අයියේ…
අම්මා…
සුදු… හිතන්න එපා…
මම ඉන්නවානේ…
ජහන් කෙල්ලව තුරුලු කර ගත්තේ කිසි දෙයක් නොහිතා. කෙල්ලත් ඒ උනුසුමට තවත් තුරුලු උනේ අඩ අඩමයි. ටික වෙලාවකට පස්සෙ ජහාන් කෙල්ලගෙන් ඇත් වෙන්නයි හැදුවේ. ඒත් පලිගු තාමත් ඉකි ගහනවා.
සුදු… දැන් නිදා ගන්න…
ඔයා නිදා ගන්නකම් මන් ලග ඉන්නම්… හ්ම්ම්…
යන්න එපා…
සුදු…
යන්න එපා ජහන් අයියෙ…
මට බයයි… මගෙ ලග ඉන්න…
කෙල්ල කිව්වෙ වෙව්ලන ගමන්. ජහාන් ඒ වෙව්ලන පුන්චි උරහිස් දිහා බලාන් හිටියේ දුකින්. කෙල්ලව තනි කරන්න තරම් හිත් නැති මිනිහෙක් නෙමෙ. ජහන් ලොකු හුස්මක් අරන් පලිගුව පපුවට තුරුලු කරන් කොට්ටෙට බර උනේ හිත බර වෙද්දි. ඒත් කෙල්ල තවත් කොල්ලාට තුරුලු උනේ බය වගේම ලෝබ නිසා ඒ උනුහුමට.
අඩන්න එපා සුදු…
දැන් නිදා ගන්න… මම ඉන්නවානේ…
ජහාන් දෙන්නාට බ්ලැන්කට් එක පෙරවන ගමන් කිව්වෙ. කොල්ලා පලිගුගේ මුනට වැටිලා තිබ්බ කෙටි කෙස් ගස් එහාට කරලා ඒ ඇස් වල කදුලු පිහි දැම්මා. පලිගු ඇස් පියාන් හිටියාත් මේ හැම තත්පරයක්ම කෙල්ල වින්දේ දුක්බර ආසාවකින්. ඒත් තවත් නම් පලිගුට දරාන් ඉන්න බෑ. ජහාන්ගේ ආදරනිය උනුසුම කෙල්ලව දුර්වල කලා. මේ හැගිම් පලිගුට බර වැඩි. ඒත් එතන තියෙන්නේ ආදරය නෙමෙ අනුකම්පාව කියලායි කෙල්ල තෙරුම් ගත්තේ. මේ හැගිම් කෙල්ලට තවත් දරා ගන්න බැ. ඒ හින්දායි පලිගු තිරනයක් ගත්තෙ. මේ ආදරය තවත් හන්ගන් ඉන්න බැරි නිසා.
සෙනසුරාදා නිවාඩු දවසේ ජහාන් අමතර පන්ති සදහා යන්න සුදානම් වෙද්දි පලිගු කොල්ලාට කතා කරන්නයි හිතාන් හිටියේ. පලිගුගේ අතින් හදන රස උදේ කැම ජහාන් කැවේ හරි ආසාවෙන්. ඒත් පලිගු ගොඩාක් නිහඩයි.
සුදු… ඔයා අද සද්ද නැ…
මොකො මේ…
කැම හොදයි අනේ…
හ්ම්ම්…
පලිගුට ජහාන්ගෙ ඇස් දිහා බලන්න බැ. වේදනාව උපරිමයි. කොල්ලාට පලිගුගෙ නිහඩ බවේ වෙනස නොසන්සුන් කලා.
සුදු…
ජහාන් අයියේ… ඊයේ…
ලොකු නැන්දා කොල් කලා…
එයාලා මාව එක්කන් යන්න ලන්කාවට එනවා කිව්වා…
මොකක්…
පලිගු එකපාරටම කිව්ව දේ කොල්ලාට කම්පනයක් වගේ උනේ. ඒ ඇස් කේන්තියෙන් වේදනාවෙන් රතු වෙන්න වෙලාවක් ගියේ නැ. ජහාන්ගෙ අත් මිටි මෙලවෙනවා කෙල්ල බලාන් හිටියේ ගොඩාක් බයෙන්. ඒත් පලිගු කියන්න ඕන දේ කිව්වා. කෙල්ල මේ තිරනය ගත්තේ ජහාන් ගැන හිතලා.
ම.ම්..මම… එතකම් හොස්ටල් යනවා…
විභාගය ඉවර වෙනකම්…
ඩිවොස් පේපර්ස් එවන්නම් කිව්වා එයාලා… ජහාන් අයියේ සමාවෙන්න හදිසි තිරනයට… ඒත් අයියා මෙච්චර දවසක් මගේ අම්මාට උන පොරොන්දුව ඉශ්ට කලා… මාව බලා ගත්තාට ගොඩාක් ස්තුතියි…
මට ඒ වෙනුවෙන් අයියාට මොනවත් කරන්න විදිහක් නෑ… ඒත්…
ජහාන් අයියේ…
මෙච්චර දවසක් මාව බලා ගත්තාට ගොඩාක් පින්…
පලිගු ඇඩුම් වාවගෙන කිව්වේ පුදුම සටනක් කරලා. හදවද කිරි ගැහෙන මේ වේදනාව කෙල්ලට කියන්න වචන නැ. ඒ ආදරයේ වේදනාව පලිගු වින්දේ පලවෙනි වතාවට. පලිගු ජහාන් දිහා බලන්න හිමින් ඔලුව ඉස්සුවා. ඒත් ඊට කලින් කොල්ලා මේසයෙන් නැගිට්ටෙ පුටුවත් පෙරලගෙන. පලිගු ගැස්සිලා ගියේ හොදටම බය වෙලා. ඒත් ජහාන් එකපාරටම මේසය උඩ කාර් එකෙ යතුරත් අරන් යන්න ගියේ කෙල්ල බලාන් ඉද්දි.
තවත් පලිගුට ඉවසන් ඉන්න බැරි උනා. කෙල්ල කාමරෙට ගිහින් ඇදට වැටිලා ඇඩුවේ හිතේ හැටියට. කෙල්ලට දුකයි ඒත් මේ තිරනය ගත්තේ දෙන්නා ගැනම හිතලායි. කෙල්ල හිතුවෙම මේ ආදරයක් නැතුව වෙනම ලොක දෙකක ජිවත් වන ජිවිතේ වේදනාවක් විතරයි කියලා.
ඒත් පලිගුට වැරදුනේ එතන.
අඩලාම මහන්සියට පලිගුට නින්ද ගියේ හවස් වෙනකම්. කෙල්ල අමාරුවෙන් ඇස් ඇරලා බිත්ති ඔරලොසුව දිහා බැලුවේ කොල්ලාව මතක් වෙලා. හවස තුනටත් ලන් වෙලා තිබ්බෙ. සිද්ද උන දේවල් මතක් උන පලිගුගෙ ඇගම වෙව්ලලා ගියේ ජහාන්ගෙ ඒ වේදනා ඇස් එක්කමයි.
අනේ ජහාන් අයියේ…
පලිගුට ආයෙත් ඇඩුම ආවා. කෙල්ල ෆොන් එකත් අරන් සාලෙට ආවේ ජහාන්ගේ කාමරේට යන්න. මුලු ගෙම පෙනුනේ මහ මූසල විදිහට. ජහාන් ඒ වෙනකනුත් ගෙදර ඇවිත් නැ. පලිගුට ආයෙත් ඇඩුනේ දරාන් ඉන්න බැරි තරම්.
අනේ ඔයා කොහෙද ජහාන් අයියේ… එන්නකො ගෙදර…
බට බයයි…
මට සමාවෙන්න සර්… අනේ…
පලිගු අඩ අඩම බිමින් ඉද ගත්තේ මුලු හිතම නපුරු බයකින් එකතු වෙද්දි. කෙල්ල වෙව්ලන ඇගිලි වලින් ජහාන්ගෙ ෆොන් එකට කොල් එකක් ගත්තේ. ඒත් ෆොන් එක ඕෆ්. පලිගුට කතා කරන්න කවුරුවත් හිටියේ නැ. මුලු ලොකෙම උනේ ජහාන්. කෙල්ල මේ වගේ තිරනයක් ගත්තෙත් ජහාන් වෙනුවෙන්. කොල්ලාට බරක් වෙන්න කෙල්ල කැමති නැ. ඒත් දැන් උනේ වෙන දෙයක්.
පලිගු කොච්චර කොල් ගත්තත් ෆොන් ඕෆ්. කෙල්ල කකුල් වාරු නැති උනත් අමාරුවෙන් නැගිට්ටෙ ඔලුවම අව්ල් වෙලා තියෙද්දි. අතට අහු උන ඇදුමක් දාගෙන බැග් එකත් අරන් එලියට බැස්ස පලිගු අදුරු කරන් එන අහස දිහා බලලා කදුලු පිහිද ගත්තේ හිතට විරිය අරන්.
මට සමාවෙන්න මගේ අයියේ…
මම ඔයා වෙනුවෙන් ඔයාගෙන් අයින් වෙන්න හිතුවේ…
අපි තව එකට හිටියොත් මගේ හිත හදා ගන්න බැරි වෙනවා…
ඔයාට ගොඩාක් ආදරෙයි…
මගේ පපුව පැලෙයි අයියේ…
පලිගු හුල්ලමින් පාරට ආවේ ජහාන්ව කොහේ කියලා නම් හොයන්නද කියලා කල්පනා කරන ගමන්. ජහාන්ගෙ මිතුරන්ටත් කොල් කරත් පලිගුට කොල්ලාව හොයා ගන්න බැරි උනා. කෙල්ල හොදට බය වෙලා මේ වෙනකොට.
අනේ අම්මේ…
මගේ ජහාන් අයියා…
පලිගු අඩමින් ටව්න් එකෙ සාප්පුවක් යටට ගියේ වෙව්ලන අත් දෙකෙන්ම උරහිස් අල්ලාගෙන. පොද වැස්ස එක තෙමිලා හිටපු පලිගු අහසේ අකුනු දිහා බැලුවේ හරිම බයෙන්. මේ වැස්සට කෙල්ල වෛර කරනවා.
මගෙ ජහාන් අයියාට මුකුත් වෙන්න එපා… එයාව බලා ගන්න අම්මා… අනේ…
පලිගු මිමිනුවේ යන්තමින්.
පලිගු…
ඒ කටහඩ යන්තම් වගේ ඇහුන පලිගු හැරිලා බැලුවේ අමාරුවෙන්. කෙල්ල ඉස්සරහා හිටියේ මිරුන්. මිරුන් හොදටම පුදුම උනා කෙල්ල හිටපු විදිහ දැකලා.
පලිගු… මොකද මේ…
ඔයා හොදට තෙමිලා…
අනේ දෙවියනේ…
මිරුන්…
කෙල්ලට කියවුනේ එච්චරයි. පලිගුගෙ ඇස් බොද වෙලා ගිහින් ඇදගෙන වැටුනේ මිරුන්ගෙ කැ ගැසිල්ලත් එක්ක.
ලස්සන එලියක් කෙල්ලගෙ ඇස් ඉදිරියේ මැව්නේ චායාවන් ගොඩක් එක්ක. කෙල්ලට දැනුනේ පා වෙනවා වගේ. ඒ එක්කම කෙල්ල ඉස්සරහා පලිගුගෙ අම්මා හරි ලස්සනට හිනා වෙලා ඉන්නවා.
අම්මා… ඔයා…
මගේ ලග…
පලිගුට කිය උනේ හිමින්. අම්මා ඒත් හිනා වෙලා ඉන්නවා. පලිගුට දැනුනේ සැනසිමක්.
අම්මා…
මාව එක්කන් යන්නද ආවේ…
මන් දැනන් හිටියා අම්මා එනවා කියලා…
පලිගු අම්මා වෙත අත දිග් කලේ ඒ අත අල්ලා ගන්න. ඒත් කෙල්ලට අම්මා ලගට යන්න බැ. අනිත් අත වෙන කෙනෙක් අල්ලා ගෙන.
අතාරින්න…
මගේ අම්මා ලගට යන්න දෙන්න…
පලිගු කේන්තියෙන් හැරිලා බැලුවේ. ඒත් කෙල්ලගෙ අත අල්ලාන් හිටියේ ජහාන්. ඒ මුහුන හරිම දුකින් කෙල්ල දිහා බලාන් හිටියේ.
ජහාන් අයියේ…
කෙල්ල මිමිනුවා. ජහාන් ඒ එක්කම මොනාදො කිව්වාත් කෙල්ලට ඒ වචන තේරුනේ නැ. ඒත් කොල්ලාගෙ ඇස් කියන දේ කෙල්ලට තේරුනා. ජහාන් ලස්සනට හිනා වෙද්දි පලිගුට ඇඩුනා. පලිගු ආපහු හැරිලා අම්මා දිහා බැලුවා. අම්මා කෙල්ල දිහා බලාගෙන ඇතට යන්න ගියේ පලිගුට ගොඩක් දේවල් දැනෙන්න දිලා.
පලිගු ඇස් ඇරියේ මුලු ඔලුවම ලොකු බරක් එක්ක. කෙල්ලගෙ ඇස් බොද වෙලා. ඇස් පැහැදිලි වෙනකොට කෙල්ලට තේරුනා කෙල්ල ඉන්නෙ හොස්පිට්ල් එහෙක කියලා. පලිගුට හෙල වෙන්නවත් බැ. අතට කටු ගහලා සේලයින් දෙනවා. මුලු ඇගම පන නැ.ඒත් කෙල්ලගෙ මතකෙට ආවේ ජහාන්ව.
අනේ මගේ අයියා…
පලිගුට කියවුනේ හරි හිමින්. කෙල්ලට ඇඩුම ආවේ පපුවම පලාගෙන එක වේදනාව එක්ක. ජහාන්ව එකපාරක් හරි දකින්නයි කෙල්ලගෙ හිත හැඩුවේ. පලිගුට කදුලු නවත්ත ගන්න බැරුව ගලාන් ගියා. දුකයි. ඒත් ඒ දුක කෙල්ලට පිට කරන්න තෙරෙන්නෙ නැ.
පලිගු… අඩන්න එපා…
පලිගු ලගම හිටියේ මිරුන්. මිරුන්ගෙ ඇසුත් රතු වෙලා හරි මහන්සියි පාටක් පෙනුනේ. පලිගු බොද උන ඇස් වලින් කොල්ලා දිහා බැලුවේ.
මිරුන්… මන්…
කොයි වෙලෙද…
ඔයාට මෙන්ටලි ශොක් එකක්…
ඔයාට දැන් සිහිය ආවේ…
දවස් දෙකකට පස්සෙ…
මිරුන් කිව්වෙ කෙල්ලගෙ ඇස් තවත් ලොකු වෙද්දි. පලිගුට එකපාරටම මතක් උනේ හිනෙන් වගේ අම්මාව දැකපු එක.
අනේ මගේ ජහාන් අයියා…
මගේ අයියා කෝ දෙවියනේ…
අනේ… අම්මා…
පලිගුට හඩින් ඇඩෙන්න ආවේ තවත් වාව ගන්න බැරුව.
අනේ පලිගු…
සන්සුන් වෙන්න…
ජහාන් සර්… ඉන්නවා…
මිරුන් දුකින් වගේ බැලුවේ කෙල්ල ලගම පුටුවක් තියාගෙ ඇදට ඔලුව තියාන් තද නින්දේ ඉන්න ජහාන් දිහා. පලිගුට කියන්න වචන නැ. ඇස් පියාගෙනම ඉකි බින්දේ දුකින් වගේම සැනසිමෙන්. මේ දුක කොහොම නම් කියන්නද කෙල්ලට තේරෙන්නෙ නැ. ජහාන්ගෙ ඒ මුන කෙල්ලට එකම සැනසිම. ඒත් ආදරය හරියට පලිගුව පරික්ශා කලා. මේ හැමදෙම දිහා මිරුන් බලාන් හිටියේ වෙනම හැගිමකින්.
දවස් දෙහෙකට පස්සෙයි පලිගුගේ ටිකට් කැපුවේ. කෙල්ල පැත්තකට වෙලා කොච්චර හීල්ලුවත් ජහාන් කෙල්ල දිහාවත් නෙමෙ බැලුවේ. පලිගුට එච්චර සුවයක් නැති නිසාම කොල්ලාත් දවස් කිහිපයක් පාසලෙන් නිවාඩු අරන් කෙල්ලගෙ තනියට හිටියේ මුකුත්ම නොකියා. ඒත් මේ නිහඩ බව කෙල්ලට දරාන් ඉන්න බැරි තරම්. ඒත් කොල්ලාට කතා කරන්න තරම් කෙල්ලට හයියක් තිබ්බෙ නැ.
මිරුන් පලිගුව බලන්න ගෙදරටම ආවේ මේ දවස් වල. ඒත් පලිගුට නම් ඒකට එච්චර කැමැත්තක් තිබ්බෙ නැ වගේම කෙල්ලට දැනුනෙ බයක්.
රස පලතුරු වට්ටියක් කාමරේ මේසය උඩ තිබ්බ මියුරු හිනාවෙන්ම කෙල්ලගෙ ඇද ලග පුටුවෙන් ඉද ගත්තේ පලිගු බිම බලාගෙනම ඉද්දියි. ජහාන් කාමරේට එබිලා බලලා ගියේ කතා නොකරමයි.
පලිගු… බය වෙන්න එපා…
මම කාටවත් කියන්නෙ නැ…
ඔයා මැරිඩ් කියලා…
ජහාන් සර්ට…
මන් සර්ටත් පොරොන්දු උනා…
තැන්ක්ස් මිරුන්…
ඒත්…
ඔයා ඇයි මෙච්චර ඉක්මනට මැරි කරලා… ඒකත් ස්ටඩිස් අස්සෙ…
ඒක… මේ…
හරි හරි… මම අහන්නෙ නැ…
ඒක ඔයාලගේ ප්‍රයිවට් මැටර්ස්…
ඒත් මන් පුදුම උනා…
මිරුන් කතා කලාත් පලිගු බිම බලාගෙනමයි හිටියේ.
ඒත් පලිගු එදා…
ඔයා ජහාන් සර්ව හොයන්න නේද ගියේ… ඒත් එච්චර දෙයක් වෙන්න තරම් ඔයා බය උනේ ඇයි…
පලිගුට කතා කරන්නවත් වචන තිබ්බෙ නැ. කෙල්ලගෙ ඇස් කදුලු වලින් පිරුනා. මිරුන් බලාන් හිටියා කෙල්ල දිහාම. මිරුන්ට අනුකම්පාව හිතුනත් එතනින් එහාට හැගිම් කොල්ලා අමතක කලේ අනවශ්‍යය නිසා.
ඔයාලා දෙන්නා අතරේ ප්‍රශ්න නේද…
ඒක ඔයාට වැඩක් නෑ මිරුන්…
මේක අපේ ෆැමිලි ප්‍රොබ්ලම් එකක්…
ප්ලීස්…
ඔයා මේ රහස විතරක් රකින්න…
පලිගු කිවේ ආවේගයෙන්. කෙල්ලගෙ තත්වයය මිරුන්ට තේරුම් ගන්න පුලුවන්.
මිරුන් සුසුමක් පිට කලා.
මිරුන් ගිහිල්ලාත් ගොඩ වෙලාවකට පස්සෙ ජහාන් කාමරේට ආවේ කෙල්ලට තේ බොන්න එන්න කියන්න.
ඒත් කෙල්ලට නින්ද ගිහින් හිටියේ.
පලිගු ලගින් ඇදෙන් ඉද ගත්ත ජහාන් කෙල්ලගෙ සුදු මැලි වෙලා ගිය හුරතල් මුන දිහා බලාන් හිටියා.
ජහාන්ට දුක අමුතුවෙන් දරන්න ඕන නැ.
පලිගු කියපු දෙවල් තාමත් දොන්කාර දෙනවා. ඒත් සිද්ද උන දේ ජහාන්ට කම්පනයක් වගේ.
පලිගුව ඒ රොහලේදි දැක්ක මොහොතේ ඉදන් ජහාන්ගෙ පපුවේ ලිය උනේ එක දෙයයි.
ඒ වේදනාව ඒ තරම් උනා.
කෙල්ලවත් දන්නෙ නැ කොල්ලාගෙ ඒ හිත.
මට සමාවෙන්න මගෙ සුදු…
මන් තිරනය කලා…
ජහාන් කිව්වෙ හැඩුම් අමාරුවෙන් පාලනය කරගෙන.
ඇගේ අමාරුව එක්කම ඇස් ඇරපු පලිගු අමාරුවෙන් ඇදෙන් බැස්සෙ බිත්ති ඔරලොසුවේ වෙලාවත් බලන ගමන්.
කෙල්ල රැ දහයත් පහු වෙනකම් නිදාගෙන. එකපාරටම හිතට ගැස්සමක් එද්දි කෙල්ල කාමරෙන් එලියට ආවේ ජහාන්ව හොයාගෙන.
ජහාන් අයියේ…
අයියේ…
පලිගු කොල්ලාට කතා කලත් කොල්ලාගෙන් සද්දයක් නැ.
පලිගුට ආයෙත් ඇගම වෙව්ලාගෙන බිය ආවේ මහ ඉකියක් එක්ක.
අනෙ ජහාන් අයියේ…
ඔයා කොහෙද…
මාව දාලා යන්න එපා…
අනේ කතා කරන්නකො…
පලිගුට ඇඩුම වැඩි උනේ මුලු ගේම මුසල විදිහට පේද්දි.
අනේ…
පලිගු ගේ හෙල්ලෙන්න කැ ගැහුවේ අඩාගෙනමයි.
සුදු…
ඇයි මේ…
ජහාන් එලියේ ඉදන් දුවගෙන ආවේ හොදට බය වෙලා.
කොල්ලා හිටියෙත් දවල් ඇදන් හිටපු බොටම් එක පිටින්.
ජහාන් කෙල්ල ලගට එද්දි පලිගුගේ කකුල් පන නැතුව බිම දන ගැස්සුනේ දුකත් අස්වැසිල්ලත් එක්ක.
ජහාන් පුදුමයෙන් කෙල්ලව වාරු කර ගත්තේ.
සුදු… අනේ ඇයි රත්තරන්…
මන් කාර් එක ලොක් කරන්න ගියේ බය උනාද මගේ කෙල්ල…
කියන්න…
කො කතා කරන්නකො…
ජහාන් කෙල්ලගෙ මුන දොතින්ම අරන් කතා කලත් පලිගු තාමත් හුස්ම අල්ලන්නෙ නැතුව අඩනවා.
කෙල්ලට දරා ගන්න බැරි තරම්.
මෙච්චර දුක වෙදනාව ඇයි කියලා කෙල්ල දෙවියන්ගෙන් ඇහුවේ දහස් වතාවක්.
ආදරේ කරන එකම ජිවිතයත් ඇය අහිමි කර ගත්තා දැයි කෙල්ලගෙ හිතත් අඩනවා.
ජහාන් කෙල්ලගෙ ඇස් දිහා බලාන් හිටියේත් කදුලු එක්ක.
දෙන්නාම විදෙව්වෙ විහින්.
ඒත් ජහාන් ඉවසුවේ නැ තවත්.
ඔහොම කරන්න එපා…
මගේ වස්තුවෙ…
මන් මැරිලා යයි…
මට බැ… විදවන්න…
මට සමාවෙන්න ජහාන් අයියේ…
නැ මමයි සමාව ඉල්ලන්න ඕන…
මට බැරි උනා මගේ කෙල්ල හොයන ආදරේ දෙන්න…
මන් බය උනා සුදු…
මහ මෙරක් වගේ මන් ඔයාට ආදරේ කලේ… ඒත් මන් බය උනා…
ජහාන් කියලා දැම්මෙ හිතේ තද කරන් ඉන්න ආදරය.
පලිගු පුදුම උනේ නැ.
තවත් ඇඩුවා.
කෙල්ල වෙන් වෙන්න හැදුවේ තමන්ගෙ ජිවිතයම උන ජහාන්ගෙන්.
ජහාන් කෙල්ලගෙ මුනම දොතට අරන් තුරුලු කර ගත්තේ කෙල්ලත් හොයන ඒ උනුහුමට තුරුලු වෙන ගමන්.
මගේ සුදු තාම පොඩි…
මන් කලේ වැරැද්දක්…
අම්මාගෙ පොරොන්දු උනත් මම ඔයාව මගේ කර ගත්තේ ඒ හින්දාම නෙමෙ…
මන් ඔයාට ගොඩාක් ආදරේ කලා මගේ රත්තරන්…
ඔයා පුන්චි කාලේ ඉදන්ම මගේ පස්සෙන් හරි හුරතල් කතා කියද්දි…
මන් කලේ වැරැද්දක්…
මට සමාව දෙන්න සුදු…
ඒත්… අනේ මාව දාලා යන්න එපා… මන් මැරෙයි… මගේ පන ඔයා…
වදින්නම් සුදු… මාව තනි කරන්න එපා…
ජහාන් පලිගුගෙ අත් දෙකම පපුවට තද කර ගන්න ගමන් කිව්වෙ ඉකි ගගහා.
කොල්ලෙක්ට මේ තරම් ආදරයක් වගේම වේදනාවක් දරාන් ඉන්න පුලුවන්ද.
කෙල්ලට බැ බලාන් ඉන්න.
නැ මගේ අයියේ…
මන් ඔයාව දාලා යන්නෙ නැ…
මට ඔයාව ඕන අයියේ…
මන් ගොඩාක් ආදරෙයි…
ඔයාට මාව බරක් වෙයි කියලා මම එහෙම…
ෂ්… නැ සුදු…
කවදාවත්…
ඔයා මට මැනිකක්…
ජහාන් කෙල්ලව තුරුලු කර ගත්තේ තවත් නම් මේ අහිංසකිව තමන්ගෙන් ඇත් කරන්නෙ නැ කියලා.
ගොඩක් කලින් පලිගු පුන්චිම කාලේ ඉදන් සහොදරයෙක් වගේ ලගින් ආදරයෙන් හිටපු ජහාන්ට පලිගු ආදරේ කලෙත් ඉස්සර ඉදන්.
ඒත් කාලය දෙන්නාව දෙපැත්තක් කලා.
ඒත් තවත් නම් නැ.
ආදරයත් හරි අපුරුයි.
ආදරය කරන්නත් ආදරය දිනන්නත් සතුටක් ලබන්නත් වේදනාවක් තියෙන්නම ඕන.
ආදරය සතුට පටන් ගන්නෙත් වේදනාවෙන්.
ඉවර වෙන්නෙත් වේදනාවෙන්.
පලිගු හිතුවෙ එහෙම.
පලිගු හරිම ආසාවෙන් දොර ඇරලා පාන්දර අහස දිහා බලාන් හිටියේ.
එලබෙන උදැසනවල් කෙල්ලට දැන් අලුත් වගේම ආදරනීයයි.
සුදු…
පරක්කු වෙන්නෙ නැද්ද… ඔය ටයි එක දා ගන්න…
ජහාන් කිවෙ කොල්ලාගෙ ටයි එක හදා ගන්න ගමන්.
පලිගු හරි ලස්සනට හිනා උනේ ජහාන්ගෙ හිතම පුරවලා.
මම රෙඩි…
ඔයාත් ඉක්මනට එන්න…
ජහාන් අයියේ…
පලිගු ජහාන්ට දන ගහලා වැන්දා.
ජහාන් ආදරෙන් කෙල්ලගෙ ඔලුව අත ගැවේ.
මගෙ සුදුට බුදුසරණයි…
මගෙ අයියාටත්…
ගිහින් එන්නම්…
ඉක්මනට එන්න…
කෙල්ල කිවේ කකුල් දෙකෙන් ඉස්සිලා ජහාන්ගෙ කම්මුලට හාදුවක් දෙන ගමන්.
කෙල්ල යන දිහා ජහාන් බලාන් හිටියේ සතුටින්.
මුලු පාසලම පලිගුට සතුටු තැනක්.
කෙල්ල මිරුන්ගෙ හොද යාලුවෙක් නිසා පන්තියේ අනිත් ලමයි එක්කත් හිතවත් උනේ හරි ඉක්මනට.
මේ හැම සතුටක්ම කෙල්ල මතක් කලේ ජහාන්ව.
ලමායි…
ඉද ගන්න…
ජහාන් පන්තියට ආවේ පුරුදු කේන්ති මුනෙන්.
ඒත් පලිගු තවත් හැන්ගුනෙ නැ.
කෙල්ල බය නැ.
ජහාන්ගෙයි පලිගුගෙයි ඇස් ගැටුනත් දෙන්නා හිමින් අවදානය වෙනස් කර ගත්තේ හිතින් හිනා වෙන ගමන්.
පලිගු ආදරෙන් මතක් කලේ අම්මාව.
” අම්මා… ඔයාට ගොඩක් ස්තුතියි…
මම ජිවත් වෙනවා…
ජහාන් අයියා එක්ක අම්මාගෙ හීනය වෙනුවෙන්…
ගොඩක් ආදරෙයි අම්මා… ”
පලිගු කදුලු පිහිද ගත්තේ සතුටින්.
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
නිමි.
MS 🔶🔶🔶
දෙටු සෙනෙහෙය (1 කොටස)