ඝර්ෂනය.. (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද කියන්න යන්නේ දශක දෙකහමාරක් විතර පරණ කතාවක්..
කොළඹ තියෙන, රගර් වලට, වලි වලට, තක්කඩිකම් වලට ප්රසිද්ධ ඉස්කෝලෙක නවය වසර වෙනකන් ඉගෙනගත්ත මම, දහය වසරේ ඉඳන් බණ්ඩාරවෙල නමගිය පාසලකට ඇතුළත් වෙන්න උනේ අපේ පියාණන්ට ලැබුණු ට්රාන්ස්ෆර් එකක ආනුභාවයෙන්..
අලුත් ඉස්කෝලේ කියලත් වෙනසක් නැතුව, එහේ ගියපු පලවෙනි දවසේ ඉඳන්ම මම ඉතින් සෙට් උනෙත් මං වගේම නසරාණිම සෙට් එකකට තමයි..
හොස්ස ලඟින් මැස්සා යන්න බැරි අපේ සයන්ස් සර්ට අපි කිව්වේ “නෝටා” කියලා.. එහෙම කිව්වේ ඇයි කියලා මම අදටත් දන්නේ නැති උනාට, සර් කොයි වෙලාවෙත් අපිට නෝට් ලියන්න දීලා, ස්ටාෆ් රූම් ගතවෙන නිසා ඒ නම වැටෙන්න ඇති කියලා මම හිතනවා..
දවසක් ඉතින් සර් ඇවිත් අපිට ඝර්ෂනය පාඩම උගන්නනවා.. “දැන් ළමයි, යම් පෘශ්ඨයක් මත තවත් පෘෂ්ඨයක් එකිනෙක ඇතිල්ලීමේදී, චලනයට විරුද්ධව ඇතිවෙන බලය තමයි ඝර්ෂනය යනුවෙන් හඳුන්වන්නේ” කියලා සර් පාඩම පටන් ගත්තා..
අපිත් ඉතින් බොහෝම සාවධානව පාඩම අහගෙන ඉන්නවා.. (මගුල තමයි..!! අහගෙන ඉන්නවා වගේ පෙන්න පෙන්න අපි අපේ සිඟිති ආතල් ගන්නවා.. එක එකාට පෑනෙන් අනිනවා, ඇඟේ ඉරි අඳිනවා, පිටිපස්සේ පෝලිමේ උන් ඉස්සරහා පෝලිමේ උන්ගේ කනට ගහනවා, එහෙන් සෙට් එකක් කෑම කනවා, තව උන් සෙට් එකක් ලව් ලෙටර් ලියනවා, තව සෙට් එකක් සල්ලි ඔට්ටුවට toss දානවා.. ආදී වශයෙන්)
අපේ පන්තියට පරවියන්ගෙන් හරි කරදර නිසා, උන් එන එක නවත්තන්න වහලේ ෂීට් සහ බිත්තිය අතර හිඩැසට දැල් ගහලා තිබුනේ.. ඒත් පරවියො කොච්චර දක්ෂද කියනවානම්, උන් මේ පොඩි ඉඩෙත් කූඩු හදනවා.. ඔය වැඩේ බලං ඉන්න එකත් අපේ ආතල් එකේ කොටසක්..
දැන් ඉතින් පාඩම ඔහොම යන අස්සේ මම දකිනවා වහලේ අර තියෙන චූටි ඉඩේ පරවි ජෝඩුවක් කූඩුවක් හදන්න දෙන ට්රයි එක.. උන් දෙන්නා කූඩුව ටිකක් හදනවා, ඩිංගිත්තක් ලව් කරනවා, ආයෙත් කූඩුව හදනවා.. දැන් පාඩමේ මැද හරියක් යනකොට, අර පරවි ජෝඩුවට ආතල් එක වැඩි වෙලා, උන් දෙන්නා පොඩි ඩිශ්ටි ඩිඩිං එකක් දාන්න පටන් ගන්නවා..
වැඩේ උච්චතම අවස්තාවට එනකොට, තනියෙන් බලන්න හොඳ නෑ කියලා හිතුන මම, මගේ දෙපැත්තේ හිටපු අශානයාටයි සනුශ්කයාටයි පෑනෙන් ඇන ඇන සීන් එක පෙන්නනවා..
කරුමෙක මහත..!! මම සනුශ්කයාට පෑනෙන් ඇනලා අරක පෙන්නනකොටම සර් මාව දැක්කා.. Black board එකට උඩින්ම වගේ වහලේ තිබුන පරවි කූඩුව දිහා බලපු සර්, අපේ පෝලිම පැත්තට එන ගමන්, ඇඟිල්ලත් දික් කරලා මගෙන් අහනවා “මොනවද උඹ අරූට පෑනෙන් ඇන ඇන පෙන්නන්නේ” කියලා..
“අද හොඳම හෝටලේකින් කන්න වෙනවා” කියන භයංකර සිතුවිල්ල හිතට ආපු මට ඉබේටම කියවුනා “නෑ සර් මේ… එතනත් සිද්ධ වෙන්නෙ ඝර්ෂනයක් නේද” කියලා..
“ඝර්ෂනය..?? @#&*+π” එච්චරයි මට ඇහුනේ ප්රෙන්ස් මගේ වම් කණ රත්වෙලා යනවා වගේ දැනුනා.. පොඩි “කූං කූං” ගාන ගතියක් එනවත් එක්කම අපේ සර් මගේ විතරක් නෙවෙයි මුළු පන්තියේම ජාතිය ඇමතීමක් කරලා, “තොපි වගේ කාලකන්නින්ට උගන්නනවට වැඩිය හොඳයි හරක් ටිකක් හැදුවා නම්” කියලා හරිම ආදරයෙන් ප්රකාශ කරලා, නැවතත් සුපුරුදු පරිදි ස්ටාෆ් රූම් ගතවුනා..
ඔන්න ඔහොමයි අපි ඝර්ෂනය ඉගෙන ගත්තේ.!!
උපුටා ගැනීම: Asela Neligama

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!