මේ කතාව මට සිද්ද වෙච්ච පොඩි හිත රිදීමක් ගැන. මට ඇත්තටම අනිත් අය කරන දේවල් වලින් වැඩිය හිත රිදෙන්නේ නැහැ. නමුත් මේ සිදුවීම මට ටිකක් වැඩියෙන් දැනුන. මමත් ඉතින් රහත් වෙලා නැහැනේ.
අපි ඉතින් කව්ද කින්ද මන්ද අදුනගන්න බැරි වෙන්න නම් ගම වෙනස් කරලා කියමු.
මම විශ්ව විද්‍යාලේ ඉන්න කාලේ එක්තරා විශ්ව විද්‍යාල අතර තිබ්බ වැඩසටහනකට සහබාගි උනා. ඕක තිබ්බේ අන්තිම අවුරුද්ද දිහා. ඔන්න එකට ගියාම මගේ ෆීල්ඩ් එකේම අය හම්බුනා කිහිප දෙනෙක්. කණ්ඩායම් වලට බෙදල කරනකොට එක එක ක්‍රියාකාරකම් මගේ ඒකෙ හිටියේ එක ගැහැණු ළමයෙක්. මට වඩා ටිකක් වැඩිමල් කෙනෙක්, නමුත් අපේ වසරේ වෙනත් විශ්ව විද්‍යාලයක. අපි එයාට දිලිනි කියමු. අපි ඉතින් හොදට කතා කරලා ඒ වැඩ කරගන පස්සේ ඒ වැඩසටහන ඉවර උනාම වෙන් උනා. කොහොම හරි ඔය වෙද්දී මගේ පස්චාත් උපාධි වලට වෙනත් රටකට යන එක ගැනත් මම ලාවට තීරණය කරලා තිබ්බ එක එයාටත් කිව්වා.
කොහොම හරි ඔන්න අපි ඉතින් ටච් ඒකෙ හිටිය.
අවුරුදු කිහිපයක් ගියා. මගේ එක අධ්‍යාපන වැඩ වගයක් ඉවර කරලා වෙන රටක තවත් අධ්‍යාපනික වැඩ වගේකට ඔන්න ගියා. බලනකොට අරයත් ඇවිල්ල ඒ ලග වෙන විශ්ව විද්‍යාලයකට අධ්‍යාපන වැඩ වලට. අපි ඉතින් හම්බුනා. එයා මට මාස දෙකකට වගේ කලින් එහෙ ඇවිල්ල තිබ්බේ. මට වඩා ටිකක් හොදට රට ගැන දැනගන හිටිය ඒක හන්ද. එහෙදි එයාට යාලුවෝ හිටියට වැඩිය ලග යාලුවෝ හිටියේ නැහැ.
ඉතින් එයාට උදව් අවශ්‍ය වෙනකොට මට කතා කරනවා. මමත් ඉතින් දන්නවනේ තනියම ඉන්නකොට තියන අපහසුකම්. මමත් උදව් කරනවා. තියන තනියම වෙන රටක ඉද්දි කොහොමත් ගොඩක් වෙලාවට යාලුවන්ගේ උදව් ගන්න වෙනවා. ඒ වගේම දෙන්න වෙනවා. ඔක්කොම එක බෝට්ටුවේ ඉන්න මිනිස්සුනේ. ඉතින් මට කතා කරන වෙලාවලදී පුළුවන් පුළුවන් ව්දියට මම උදව් කරා.
වතාවක් දෙකක් අසනීප වෙලා ඉද්දි ඩොක්ට කෙනෙක් ගාවට යන්න ගියා, තව එයාගේ බඩු ගන්න එහෙම සමහර වෙලාවට උදවු කරන්න ගියා. ඒ කියන්නේ එයාගේ ඉදගන්න පුටුව සැරයක් කැඩිලා තිබ්බ, ඒක ගන්න එහෙම උදව් කරන්න ගියා (ඔය වැඩේ කරන්න ගිහිල්ල පුටුව උස්සගන කිලෝ මිටර් එකහමාරක් එන්න උනා). තව එක සැරයක් එයා බෝඩිම මාරු කරද්දී ඒකෙ බඩු උස්සන්න ගියා. අසනීප වෙලා හිටිය වෙලා වල කෑම එහෙම ගිහිල්ල දුන්න. තව ඉතින් නොයෙක් ඔය වගේ පොඩි පොඩි පොඩි දේවල් කරලා දුන්න. ඔය දේවල් පොඩි පොඩි උදව් වගේ උනාට ඇත්තටම මට ටිකක් මහන්සි වෙලා කරන්න උන දේවල් ඒ. මොකද මම හිටිය තැන ඉදල එයා හිටිය තැනට යන්න විනාඩි 45 පැයක් යනවා. ඉතින් ගිහිල්ල එනවා කියන්නේ පැය දෙකක් ඉවරයි.
එයාගේ ගෙදර අයට බඩු වගයක් එහෙම යවන්න වෙලා සැරයක් මම ලංකාවට යන වෙලාවක බඩු අරන් ගියා. වෙන රටවල හිටිය අය දන්නවා ගොඩක් කාලෙකට පස්සේ ලංකාවට යනකොට පවුලේ අයට එහෙම අරගන යන්න වෙන බඩු තොගේ. ඒ දවස් වල බෑග් ඒකෙ අරගන යන්න පුළුවන් කිලෝ විස්සයිද කොහෙද. මෙයා බඩු සෙට් එකක් ගේනවා කිලෝ දහයක් වගේ වෙන. ඉතින් මට මගේ පවුලේ යටත් දෙන්න තියන බඩු කොටසක් අයින් කරලා එයාගේ කොටසක් ගත්ත. ඔක්කොම නම් බැරි උනා ඉතින්. එහෙම අරන් ගිහිල්ලත් එයාගේ හස්බන්ඩ් වැඩ ඇරිලා ඇවිල්ල බඩු ගන්න වෙලාවක් නැහැ කියල හස්බන්ඩ්ට බඩු දෙන්න පැය දෙකක් විතර රස්තියාදු වෙලා දුන්න.
මට ඇත්තටම එයාට උදව් කරාට, එයාගෙන් එහෙම ලොකු උදව්වක් ඕනේ උනේ නැහැ ඒ කාලේ. මොකද මම ලග හිටිය ලංකාවේ නොවුනත් හොද යාලුවෝ ටිකක්. ඉතින් මට එයාලගෙන් හදිස්සියකට උදව් ගන්න එක ලේසි මෙයාගෙන් ගන්නවට වඩා.
මම ඉගන ගත්ත දෙයක් තිබ්බ, ශිෂයෙක් හැටියට වෙන රටක තනියම ඉද්දි ගොඩක් අපහසුකම් එනවා. ලංකාවට වඩා ගොඩක් වෙනස්. පාළුව, තනිකම, අසනීපයකදී වෙන අසරණ වීම, සමහර දේවලදී කරකියාගන්න දෙයක් නැති වෙන එක, සාමාන්‍ය දේවල්. එවගේදී යාලුවෙකුට උපකාර කරන එක ගොඩක් වැදගත් වෙනවා. මටත් යාලුවෝ ගොඩක් උදව් කරලා තියනවා. ඉතින් මමත් පුළුවන් විදියට අනිත් අයට උදව් කරනවා.
මම එහෙ ඉද්දි, අනිවාර්යයෙන්ම ඉතින් එයා මොකක් හරි දෙකට සතියකට සැරයක් දෙකෙක් කතා කරනවා. ගොඩක් වෙලාවට ඉතින් මොකක් හරි උදව්වක් මගෙන් ඉල්ලගන්න. මම ඉතින් පුළුවන් විදියට කරා.
මම මගේ අධ්‍යාපන වැඩ ඉවර කරලා ආව ආපහු. එයා එහෙ පදිංචි උනා. එයාගේ හස්බන්ඩ් ගන්න ගත්ත එහාටම.
මම ඉතින් එහෙන් ආවට පස්සේ අඩු උනා කතාබහ කරන ඒවා. එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. මම ඉතින් සාමාන්යෙන් යාළුවන්ට කතා කරන්න බැරි උනත් කාලෙන් කාලෙට මැසේජ් එකක් හරි දානවා. හොදින් ඉන්නවද කියල බලන්න. එත් පහු පහු වෙන්න වෙන්න ඉතින් දිලිනිගේ රිප්ලයි එහෙම අඩු උනා. සමහර ෆේස් බුක් ඒකෙ එහෙම මැසේජ් බැලුවට රිප්ලයි නැහැ. ඉතින් මාත් බිසී ඇතිනේ කියල ගණන් ගත්තේ නැහැ. (හැබැයි වෝල් ඒකෙ පේනවා එයාල එක එක දාන පොස්ට් අනම් මනම්.)
මට පස්සේ දැන් ටික කාලෙකට කලින් උදව්වක් ඕනේ උනා. මගේ ලියකියවිලි ටිකක් තිබ්බ, ඒවා ලංකාවට එවන්න විදියක් නැහැ. මට ඒවා එහෙ කෙනෙක්ට යවාගන, ඒවා ඒ කෙනාට කියල ස්කෑන් කරගන, ලංකාවට ඊමේල් කරලා ගෙන්න ගන්න ඕනේ උනා. ඉතින් මම මගේ යාලුවනේ කියල මෙයාට කතා කරා. උත්තරයක් නැහැ. ආයෙත් පැය දෙක තුනකින් කතා කරා. නැහැ උත්තරයක්. මම ඉතින් මැසේජ් එකක් තිබ්බ. වැඩේ ටිකක් හදිස්සි හන්ද මැසේජ් තිබ්බ ෆේස් බුක්, වට්සැප් ඔය ඔක්කොගෙම. එත් රිප්ලයි නැහැ. ඒවා දැකල තියනවා. එත් නැහැ රිප්ලයි. ඊට පස්සේ දවසේ ආයෙත් කතා කරා. මම එයාගේ හස්බන්ඩ්ට මැසේජ් කරා. එයා කිව්ව එයා පණිවිඩේ දෙන්නම් කියල. ඒ දවසෙම අපහු කතා කරලා බැලුව හවස (එහෙ හවස). ඔන්න උත්තර දුන්න. මම ඊට පස්සේ ඕනේ උදව්ව කිව්වා (මැසේජ් වල ලියල තිබ්බ අජන්ට් කියල දාලම). එතකොට ඕනෙවට එපාවට දිලිනි කිව්වා අනේ මට ඔය ස්කෑන් කරන ඒවා තේරෙන්නේ නැහැනේ කියල. (මෙයා උපාධි දෙකක් තියන කෙනෙක් ඒ වගේම වැඩ කරන්නේ එහෙ තියන ලොකු කොම්පැනියක, මෙයාගේ හස්බන්ඩ් තොරතුරු තාක්ෂනය ගැන උපාධියක් තියෙන්නේ)
මේ වෙද්දී මටත් ඉතින් ටිකක් තේරිලා තිබ්බේ මොකක් හරි අවුලක්. මම ඉතින් වෙන කරන්න දෙයක් නැති හන්ද මෙයාගෙන් ගන්න බැලුවේ උදව්ව. එත් අර විදියට කිව්වම මටත් කේන්ති ගිහිල්ල හා කමක් නැහැ කියල තිබ්බ. පස්සේ මම මගේ වෙන යාලුවෙක්ට කතා කරලා, එයාගේ යාලුවෙක් හරහා ඒ වැඩේ කරගත්ත.
මට තේරෙන්නේ නැහැ ඒ මොකද එහෙම හැසිරෙන්නේ කියල. මම දන්නේ නැහැ ස්කෑන් එකක් කරන එක එච්චර අමාරුද කියල. මම පැය ගණන් මහන්සි වෙලා “ලංකාවේ කෙල්ලෙක්නේ” කියල උදව් කරාට, ඒ කිසි දෙයක් ගැන ගානක් නැහැ වගේ එයා ඉන්නේ.
ඇත්තටම මම උදව් කරේ උදව් බලාගන නෙවෙයි. මගේ අනිත් විස්තර දන්නා අය දන්නවා මට ඒ ඒ රටවල ගියාම යාලුවෝ කොච්චර උදව් කරාද කියල, එහෙ අලුත්, තනියම ඉන්න කෙනෙක්ට තියන ප්‍රශ්න වලට මුහුණ දෙන්න. මමත් කරේ ඒ වගේම කෙනෙක්ට උදව් කරන එක. නමුත් මේ වගේ පොඩි දෙයක් කරලා දෙන්න විදියක් නැති එකයි, ඊටත් වඩා කතා කරද්දී ගණන් නොගෙන ඉන්න එක උනාම මට හරියට හිත රිදුන. මමත් ඉතින් රහත් වෙලා නැහැනේ.
උපුටා ගැනීම: Tilina Herath