පොඩි උන්ගෙන් ආතල් ගැනීම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ළමයිව අඪවන එකෙත් පොඩි ආතල් එකක් තියෙනව නේද?
අපි තරුණ කාලේ අපේ ගෙවල් කිට්ටුව හිටිය යාලු මලයෙක්, එහෙට කා එක්ක හරි පොඩි එකෙක් ආවොත් අම්මල කතාව අතරේ, යාලු මලයා, අර පොඩි එකාගෙන් කටහඪ ගොරෝසු කරල, වෙනස් කරල ඇලඩින්ගෙ පහනෙන් ආපු ‘බූබම්බා’ කතා කරන තාලෙට කතා කරල අහනවා… “ඔය.. බබාට.. ටොපියක්.. ඕ..නෙද?” කියල. පොඩි එකා බයවෙලා අඪාගෙන, අම්මල ගාවට දුවනවා.
එතකොට ටීච ඇන්ටි ඒ කියන්නේ ඒ මලයගෙ අම්ම කෑ ගහල බණිනවා, “ලොකු පුතේ ඇයි මේ පොඩි දරුවව බය කලේ?” කියල. ඇයි ඉතින් ඒ දරුවගෙ අම්මත් අපහසුතාවයට පත් වෙනවනේ. එතකොට ටීච ඇන්ටිටත් හොඳ නෑනෙ. ලැජ්ජයිනේ.
වැඩේ පත්තු උනහම ලොකු මලයත්, හරිම සාමාන්ය වෙලා, ඇදල පැදල කියනවා… “ඒ බබාගෙන් ටොපියක් දෙන්නද කියල ඇහුවත් අඪනවනේ” කියල.
එතකොට ටීච ඇන්ටිත් අර දරුවව නලවගන්ඩත් එක්ක අහනවා, “මොකක්ද අයිය ඔයාට කිව්වේ?” කියල. පොඩ්ඩ උත්තර දෙන්නෙ නැතිව, අම්මගෙ අස්සට වෙනවා. “අයිය ටොපියක් දෙන්ඩද කියලද ඇහුවේ?” කියල ආපහු ඇහුවම, පොඩ්ඩත් ඔලුව වනල පිළි ගන්නවා. බොරුවකුත් නෙමේනෙ. “ඒකනෙ. ඉතිං ඒකට ඔයා අඪල හරි යනවයැ. ඕනෙ කියල ගිහින් ඉල්ල ගන්ඩකො”. පොඩි එකා ඇඩිල්ල නතර කළත්, ඌ යනවයැ ආයෙ අර ‘යකෙක්ගෙන්’ ටොපි ඉල්ලන්න.
————— —————- —————-
ඉස්සර අපේ පවුලේ කාගෙ හරි ගෙදරක, මොනව හරි උත්සව අවස්ථාවකට එකතු උනහම, අපේ අයියෙක්ගෙ පුතෙක්ට, වෙන අයියලගෙ අක්කලගෙ ළමයින්ව විහිලුවට ‘වයින්ඩ්’ කරවල අඪවලා ආතල් එකක් ගන්න පුරුද්දක් තිබුනා. මේක, ලොකු අයියගෙ ලොකු පුතා (ලොක්ක) නිසා, පවුලේ අනිත් ගොඩක් කට්ටිය ‘ලොක්කට’ වැඩිය ගොඩක් පොඩියි.
දවසක් එක අයියෙක්ගෙ ගෙදරක උත්සවයකට කට්ටිය එකතු වෙලා ඉන්න වෙලාවක, ඒ අයියගෙම පුතෙකුට ලොක්ක කතා කරල කියනවා, “අන්න උඹට ‘ඉඹුල’ දෙනව කිව්ව උඩ යන්න” කියල. ‘ඉඹුල’ කියන්නේ වෙන අයියෙක්ගෙ පුතෙක්. උන් දෙන්න වයසින් ටිකක් කිට්ටුයි. සෙල්ලමකට ගිහිල්ල කලිනුත් මොකක් හරි පොඩි වලියක් දෙන්නගෙ තිබිලත් තියෙනවා.
දැන් අරක අහපු පොඩි එකා, ඇත්තම අරන් මල පැනල අනිත් පුතණ්ඩියට බණිනවා. “ඌ කොහොමද මට ගහන්නේ? මම ඕකට එල්ලල දෙන්නෙ. ඌ මගෙ හැටි දන්නෙ නෑ. මේ සැරේ තමා ඕක මගෙන් පාඩමක් ඉගෙන ගන්නේ”……… මේක නහර පුප්පගෙන තරහෙන් බණිනවා.
අපේ නෝනට බලන් ඉන්න බෑ දුකේ අර දරුවගේ කේන්තිය. ඒ පාර අපේ නෝන ඒ දරුවව ලඟට අරගෙන හිත හදනවා. “පුතේ දැන් ඒ අයිය (ගහන්ඩ බලන් ඉන්න අනිත් පුතය) ඔයාට ගහන්න ඉන්න කතාව බොරුද දන්නවද? ඒ අයිය එන්නෙ දැන් ඔයත් එක්ක සෙල්ලම් කරන්ඩ බලාගෙන නම්…. කොච්චර පවුද ඔයා ගහන්ඩ බලන් ඉන්න එක?”එතකොට අඪ අඪ අර ‘මූ තමයි මට කිව්වෙ’ පිංතූරෙට ඉන්න පොඩි එකා වගේ ලොක්කයියව පෙන්නනවා.
————— —————- —————-
ළමයිව අර අම්මලගෙ විභාගෙ කියන පහ වසර විභාගයට උනන්දු කරවන්න දෙමවුපියෝ නොකරනා දෙයක් නෑනෙ. අපේ පුතණ්ඩියත් ඔය පහ වසර විභාගෙට වැඩ කරන්න උනන්දු කරවන්න, ඒ දවස් වල එයා කැමතිම වෙලා හිටපු ටී.වී. ගේම් ගහන්න පුලවන් ගැජමැටික් එකක් අරන් දෙන්න මම පොරොන්දු වෙලා තිබුනා. විභාගෙ ප්රථිළුල ඇවිත් එයාව අනුරාධපුරේ සෙන්ට්රල් එකට දාගන්න ප්රමාණවත්. ඒ කියන්නෙ එයා පාස්.
අපි, ඒ කියන්නෙ මමයි අපේ නෝනයි, පුතාවත් තියන් කුස්සියේ එයාගෙ ප්රථිළුලයත් අනිත් දන්න යාලුවන්ගෙ ප්රථිළුල ගැන, ඒ ආශ්රිත දේවල් කතා කර කර හිටියේ. පුතා කුස්සියේ දොර ගාව බිත්තියට හේත්තු වෙලා ඔය කතාවට සම්බන්ද වෙන ගමන්, එකපාරටම පොරොන්දු වෙච්ච ටී.වී. ගේම් ගැජමැටික් එක මතක් වෙලා, මගෙන් ඇහුවා, “අප්පච්චි දැන් හරිනේ. මට ටී.වී. ගේම් එකක් අරන් දෙනවනේ. නේද?” කියල.
මමත් ගත් කටටම කිව්වා. “ඇයි අර අහල නැද්ද කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි කතාව”. කියල. ඒ පාර මූණත් අඳුරු කරන් ඒ කියන්නෙ? කියල ඇහුවා. මමත් කිව්වා, “නෑ ඉතිං, අපි ඒ ඔයාව විභාගෙට උනන්දු කරවන්නනේ එහෙම කිව්වේ. දැන් විභාගෙ පාස්නෙ. දැන් ඒක ඕනෙත් නෑනෙ” කියල.
බිත්තියට හේත්තු වෙලා හිටගෙන හිටිය පොඩි එකා, ඇඟ පන නැති වෙලා, බිත්තිය දිගේ ඇතිල්ලීගෙන, වැක්කෙරුන වගේ අඪාගෙන එහෙම්මම බිම ඉන්ද වුනා. මම විහිලුවට එහෙම කිව්වට එයාට ඒක විහිලුවක් නෙමේනෙ. එයා ලොකුවටම වගේ බලාපොරොත්තු තියන් ආශාවෙන් හිටපු එකක්නේ. ඒ පාර අපිටත් දුකේ බෑ. ඒ අස්සේ බිත්තියේ හිටපු දළඹුවෙකුත් කොල්ලගෙ අතේ ගෑවිලා, ඒකටත් සාත්තු කරන්න වුනා.
ප්රථිඵල මොනව වෙතත් ඒ පොරොන්දු වෙච්ච භාණ්ඩෙ එයාට අරන් දෙන්න අපි තීරණය කරල තිබුනේ. ඒ හින්ද එයාව සර්ප්රයිස් කරවන්න, මම කොහොමටත් ඒකක් අරගෙන ගෙදර ගෙනත්, එයාට හොරෙන් අරන් තියලයි තිබුනේ. අම්ම ඉක්මනට ඒක එයාට ගෙනත් දුන්න. ඒ පාර මෑන්ගෙ ඉහේ මලක් පිපින වගේ.
————— —————- —————-
මේකත් අවුරුදු ගණනාවකට ඉහත සිද්දියක්. අපි මහඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ හිටපු මුල් කාළයේ, ගොඩක් ඉස්සර අත්දැකීමක්. එතකොට අපේ දෝනියැන්ද ගොඩක් පොඩියි. රෑට රූපවාහිනියේ යන චිත්රපටියක් වගේ මොනව හරි වැඩසටහනක් බලද්දි, අපි, ඒ කියන්නේ, මමත් අපේ නෝනත් , පුතත් පුටු වල ඉඳගෙන රූපවාහිය නැරඹුවත්, දෝනියැන්ද පුරුදු වෙලා හිටියේ, අපි ඔක්කොටම ඉස්සරහින්, ස්ටූල් එකේ වාඩි වෙන්නයි. ඒ මදිවට තොලකුත් හපන්, කොන්දත් නමාගෙන, මූණත් ටී.වී. එක පැත්තට දික් කරගෙන හරිම උනන්දුවෙන් ටී.වී. බලන්නේ.
පොඩි කමට කතා බලන හැටි දැක්කම අපිටත් මොකක් හරි අරියාදුවක් කරන්නත් හිතෙනවා. එයා ඉස්සරහටම වෙලා ඉන්න නිසා, ටී.වී. එකේ එලියත් එක්ක, පිටිපස්සේ මොනව වෙනවද එයාට ගානකුත් නෑ.
දවසක්, බල බල හිටපු කතාව ඉවර වෙන්න ඔන්න මෙන්න කියල, අපි තුන්දෙනා කතාවෙලා හිමින්ම සද්ද නොකර අපේ කාමර වලට ගිහින් ලයිටුත් ඕෆ් කරගෙන හිටිය මොකද කරන්නේ බලන්න.
කතාව ඉවර උනහම, එයාම රිමෝට් එකෙන් ටී.වී. එක ඕ‌ෆ් කරහම තමයි, ගෑනිට තේරුනේ අපි නිදාගන්න ගිහින් කියල. එයා තනියම දාල ගියාට තරහටද, දුකටද ඒ දෙකටම මන්ද, එක පාරට මර ලතෝනි තියල අඪන්න පටන් ගත්තා. එතකොටම අපි ලයිට් දාල හිනා වුනා. ඒ උනාට කේන්තියට අඪාගෙනම තමයි ඇඳට ආවේ.
“කතාව ඉවර වුනානේ. අපි හිතුවේ ඔයා ඇඳට එන්න ඇති කියල” යන්තම් රවට්ටල එදා ෂේප් කරගත්තා.
ඒ උනාට ඉතින්, ආයෙ දවසක වුනත් එයා ඉඳගන්නෙත් ස්ටූල් එකේමයි. බලපු චිත්රපටියේ හරි මොකේ හරි අර අන්තිමට දාන නම් ටික ඉවර වෙනකලුත් එන්න සිහියකුත් නෑ. ඉතිං අපිටත් අර ආතල් එක ආයෙත් ගන්ඩ හිතෙනවා.
අපිත් හිමින් සීරුවේ ඇඳවල් වලට ගිහින් ලයිට් ඕෆ් කර ගන්නවා. ඔහොම ඉතිං දවස් කීපයක්ම එයාව අඪවල, ඔය ආතල් එක නම් අරන් තියෙනවා.
දැනුත් මතක් කළහම, එයත් කියල හිනා වෙනවා, පොඩි කාලේ අපි හරියට එයාට ‘චයිල්ඩ් හැරස්මන්ට්’කරල තියෙනව කියල.
ආනන්ද රණසිංහ
ඡායාරූපය අන්තරජාලය ඇසුරෙනි
උපුටා ගැනීම: Ananda Ranasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!