වෙඩින්ග් රැග් එක (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මංගල රථය මාගේ සැමියා වූ රුවන්ගේගේ ගමට ඇතුල් වී විනාඩි කීපයක් ගත වූවා පමණි. ත්රීවීලර් තුනක් අපගේ මංගල රථය වට කලෝය. මා භීතියෙන් ඇලලී ගොස් රුවන්ගේගේ මුහුණ දෙස බැලුවෙමි. ඔහුද ඉදිරිපස බලාගෙන සිටියේ ව්යාකූල වූ බැල්මකිනි.

හදිසියේම ඔහුගේ මුහුණෙහි සිනහවක් මතු විණි.
මා කුතුහලයෙන් නැවතත් වීදුරුවෙන් එපිට බැලුවෙමි.
පැමිණ සිටියවුන්ගෙන් එක් අයෙකුගේ මුහුණුවර මට යන්තමට මතක් විණි. ඔහු රුවන්ගේගේ මස්සිනා කෙනෙකු බව ඔහු පෙරදා මට හඳුන්වා දුන්නා මතකය.
“මගේ බොක්කේ සෙට් එක. මතකයි නේද වෙඩින් එකට ආවා?” රුවන් විමසන අතරේ පිරිස මෝටර් රථයට තට්ටු කරන්නට වූවෝය.
රියදුරුද අප දෙස බැලුවේ අන්දමන්ද වූ බැල්මකිනි.
“බැහැපල්ලා බැහැපල්ලා…” පිටත කෑ ගසන හඬත්, හූ හඬත් ඇසෙද්දී මම තිගැස්සී ගියෙමි.
“අනේ මොකද මේ?” මම රුවන්ගේ අත සොලවමින් ඇසුවෙමි.
“බහිමු බහිමු” මාගේ ප්රශ්නයට පිලිතුරු නොදීම ඔහු පැවසුවේ දොර විවෘත කරමිනි.
ඔහුව පිටතට ඇද ගත් මිතුරන් ඔහුගේ හිසේ සිට නෑවී යන පරිදි ජල ප්රහාරයක් එල්ල කලෝය.
මා රථ්යෙන් බිමට බැස්සා නෙවේ පැන්නෙමි.
“මොකද්ද ඒ කලේ? අයියෝ” මම කෑ ගැසුවෙ ඔහුගේ හිසෙහි රැඳුනු බිත්තර කටු, කෙසෙල් ලෙලි කැබලි පිස දමමිනි.
“විකාර කරන්න එපා අමායා. ලැජ්ජයිනේ.” රුවන්ගේ මුවින් ගිලිහෙද්දී මම ගල් ගැසී ගියෙමි.
ඔහු ඔහුට වතුර ගැසූ අයට නොව, මා හට ලැජ්ජ කරන්නට එපා කියන්නේ මන්ද?
“නංගී නැගපන් මේ විල්බැරෝවට. එල්ල ගනින් මේක කරේ.” කියමින් එකෙකු මගේ අතට බෝර්ඩ් එකක් දුන්නේය. ඒ සමඟ නැගුනේ මහා හූ හඬකි.
බෝර්ඩ් එක දෙස බැලූ මාගේ දෙකන් රත් වී යනු මට දැනිනි. මෙවන් අසැබි වදන් සහිත බෝර්ඩ් එකක් මා කරෙහි එල්ලා ගන්නේ කුමකටද?
මා වෙව්ලමින් රුවන් දෙස බැලුවෙමි.
ඔහු සිනාසී මට ඉඟි කලේ එය කරෙහි එල්ලා ගන්නා ලෙසය.
ඔහුද එහි ඇති වදන් කියවූ බව මට හොඳින්ම විශ්වාසය.
ඇසිල්ලකින් මම රථයේ ඇරී තිබූ දොරෙන් නැවත ඇතුලට පැන ගත්තේ කිසිවෙකුටත් හිතා ගන්නට බැරි ලෙසය.
“ප්ලීස් මේක ලොක් කරන්න.” මම කියද්දීම රථයේ රියදුරුද දොරවල් ලොක් කලේය.
රුවන්ද සෙස්සෝ සමඟ එකතු වී රියට තට්ටු කරද්දී මාගේ නෙතින් කඳුලක් ඇද වැටිණි.
“අන්කල් ප්ලීස් මාව අරගෙන යන්න අපේ ගෙදරට” මම හැඬුවෙමි.
පසුපස රථයෙන් මාගේ මව්පියන්ද පැමිණෙන බවවත් මට සිහි වූයේ අප අසලින් නැවැත්වූ ඔවුන්ගේ රිය දකිද්දීය.
මගේ පියා ඔහුගේ රථයෙන් බැස වේගයෙන් අප සිටි තැනට පැමිණෛයේය.
“මොකද්ද රුවන් පුතා මේකේ තේරුම? මේ වගේ නොසන්ඩාල ජෝක් වලටද මම මගේ දුවව උඹලට පරිස්සමින් භාර දුන්නේ?” තාත්තා විමසුවේ බිම වැටී තිබුණු අර බෝර්ඩ් එක කියවීමෙන් අනතුරුවය.
Samadhi Dias
“අනේ අන්කල් මේ යාලුවන්ගේ පොඩි විහිලුවක්නේ.” රුවන් තතනමින් කියා ගත්තේය.
“පලවෙනි දවසෙම තමන්ගේ ගෑනිව රැක ගන්න බැරි වුනු තමුසෙට කොහොමද මම මගේ දුවව භාර දෙන්නේ ජීවිත කාලෙටම බලා ගන්න කියලා?” තාත්තා කෝපයෙන් විමසනවා මට ඇසුණි.
මම නැවතත් රථයේ දොර හැරගෙන එලියට බැස්සෙමි.
“ආපෝ විහිලු නොතේරෙන එවුන් එක්ක අපිට ගනුදෙනු නැහැ.” රුවන්ගේ මිතුරන් එකිනෙකා ලිස්සා යන්නට වූයේ එලෙස කියමිනි.
“මේවා විහිලුද මිනිහෝ? මේවා නොසන්ඩාල, සත්තුවත් නොකරන කැත වැඩ.” තාත්තා කෑ ගැසුවේ පිටව යන පිරිස දෙස බලමිනි.
“දුව මට බයයි මේ වගේ දෙයක් සාමාන්යයි කියලා දැකපු රුවන් ගාව දුවව තියන්න.” තාත්තා විමසුවේ මගෙනි.
“මටත් බයයි තාත්තේ මේ ගමේ මෙයාලා එක්ක ඉන්න.” මම කීවා නෙවේ, කෙඳිරුවෙමි.
“අමායා.. මේ අහන්න. අනේ මම ඔයාට වරදක් කරන්න හිතුවේ නැහැ. ඒත් ඒ මගේ යාලුවොනේ.” රුවන් ගොත ගසමින් කියද්දී මගේ නෙතින් කඳුලක් වැටුණි.
“රුවන් පුතා. ඒ ඔයාගේ යාලුවෝ නෑදෑයෝ බව ඇත්ත. ඒත් මේ ඔයාගේ වයිෆ්. අර තරම් ජරා දේවල් ලියපු බෝර්ඩ් එකක් වයිෆ්ගේ කරේ එල්ලන්න හද්දි පුතාට කරන්න තිබ්බේ පැහැදිලිව ඒකට විරුද්ධ බව කියන එක මිසක් උන් එක්ක එකතු වෙන එක නෙවේ.” සියල්ල බලා සිටි අම්මාද පැවසුවාය.
“මම කෙල්ලව අරන් යනවා. මගේ කෙල්ලව ඕනෙ නම් අපේ ගෙදර ඇවිත් පදිංචි වෙන්න. මොකද මම කැමති මේ වගේ බාල අදහස් තියෙන මිනිස්සු මැද්දේ මගේ කෙල්ලව තියන්න.” කියූ තාත්තා මා තුරුලු කරගෙනම ඔවුන් පැමිණි රථයට නැග්ගෝය.
රුවන් වේදනාවෙන් බලා සිටිද්දී මා පියාගේ උරහිසේ මුහුණ සඟවා ගත්තෙමි.
“රුවන් එහෙ නවතින්න එයි දුව. ආවේ නැතත් කමක් නැහැ. අපි යමු.” අම්මා කියද්දී මමද එයට එකඟ වෙමින් හිස වැනුවෙමි.
   
උපුටා ගැනීම:  Samadhi Dias

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!