මේක සිද්ධ වුනේ අපෙ ගමේ මාමා කෙනෙකුට.
කතාව ඇත්ත නිසාත් මාමා තාම ජීවතුන් අතර නිසාත් මම ඇත්ත නම නැතිව බබානිස් කියලා කියන්නම්.
බබානිස් මාමා කියන්නේ හරිම අහිංසක කෙනෙක්.හරිම සාන්ත දාන්තව තමා ගමනක් බිමනක් ගියත් හැසිරෙන්නේ .ඒත් ඉතිං මේ කතාව ඇහුවට පස්සේ එයාව දැක්කත් හිනා යනවා.
ඔන්න මේකයි කතාව.
බබානිස් මාමා තමන්ගේ දුරින් නෑ වෙන කෙනෙක්ගේ ගමේ ගිහින් තියනවා ගොඩක් කාලෙකට කලින්.
ඒ පැත්ත ගොඩක් දුෂ්කරයි.
තවමත් ඒ පැත්තේ දියුණුවක් නැති තරම්.බස් එකක් උනත් එන්නේ පැයකට පැය භාගෙකට විතර පස්සේ .
ඉතිං බබානිස් මාමත් නෑ ගෙදර ගිහින් ආපහු ගමට එන්න ඇවිත් තියනවා.
එ් කාලෙනම් බස් එකක් එන්න පැය ගාණක් යනවා.
ඉතිං මාමා එනකොට එයාට ටිකක් එලි පහළියට යන්න උවමනා වෙලා තියනවා. ඒ කාලේ ඉතිං ගෙවල් දොරවලුත් අඩු නිසා අකුල් අස්සට වහං වෙන එක පුරුද්දක්නේ.
එන පාර දිගටම වැව් පිටිය නිසා වැඩේ ටිකක් විතර ලේසී.
කොහොම හරි එදා ටිකක් ලාවට වහින්න ගත්ත නිසා මාමා අවශ්යතාවෙට ගලවපු යට කලිසම වැස්ස නිසා ඔළුවේ දාගෙන අකුලකට මුවා වුනාලු.
ඉතිං වැඩ කටයුතු ඉවර වෙලා මද වැස්සෙම ඇවිත් තියනවා පාරට. ටික වෙලාවකින් බස් එකක් ආව නිසා මෙයත් හිමීට බස් එකට නැඟලා සීට් එහෙක ඉඳගත්තලු.
ඉතිං බස් එකට නැගපු වෙලේ ඉඳන් වටේ පිටේ අයගේ අමුතු බැල්මයි හිනාවයි දැක්කත් මෙයා වැඩිය ගනන් අරගෙන නෑ .
මෙයත් සද්ද නැතිව ඉඳගෙන යනවලු. බැරිම තැන ළඟ හිටිය මනුස්සයෙක් ඇඟිල්ලෙන් ඇනලා මාමාට කතා කලාලු. එයත් හිනා වෙවී මාමාගේ ඔලුව පෙන්නුවලු.
මෙයත් හිමීට ඔලුව අතගානකොටලු මතක් උනේ වහිද්දි දාගත්ත යට කලිසම තාම ඔලුවේ කියලා.
උපුටා ගැනීම: Himasha Thilakarathna