පොඩිකාලේ ඉදලම මගේ ජීවිතේ ගොඩක් තැන් ලියවුණේ සීයා එක්ක. අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන හින්දා මාව බලාගන්න ගොඩක් අය ආවත් ඒ අය වැඩිකල් නොහිට ගියා.ඒ මං කරපු දග වැඩ ඉවසගන්න බැරි හින්දමයි.අන්තිමේදි කොහොමහරි අම්මයි තාත්තායි වැඩට ගිහින් එනකම් මාව බලාගන්න එක සීයා බාර ගත්තා.
මට කැම කවන නාවන සියලුම වැඩ ටික කෙරුනේ සීයා අතින්.කෙල්ලක් උනාට මට තිබුනෙම කොලු ගති.ගස් බඩගාන්න,අහල පහල ඉන්න කොල්ලෝ කුරැට්ටෝ එක්ක ක්රිකට් ගහන්න,ඒ විතරක් නෙමෙයි කොලුනඩේ මොකක් හරි රණ්ඩුවක් ගියොත් ඉස්සරහින්ම යන්නෙත් මම.ඔය හැමදේම කරලා පොතක් පතක් බලන්න නම් මට වෙලාවක් තිබ්බේ නෑ.කොටින්ම කියනවා නම් මම පොඩ්ඩක් වත් කැමති නෑ පොතක් අතින් අල්ලන්න.
සීයා මාව බලෙන්ම ඇදගෙන ඇවිත් පොතක් අතට දුන්නා.ඒ පොඩි කතන්දර පොතක්.මම ඒක කියවලා ඒකෙ තියන විස්තරේ එයාට කියන්න ඕනා.හැමදාම හවසට මම පොතක් කියවනවා එයාට ඇහෙන්න.හතර වසර පහ වසර වගේ වෙද්දි මම පොත් බර ගානක් කියවලා ඉවරයි.
ඉස්කොලේ තිබුනේ ගෙදරට කිට්ටුව.මාව ගන්න හැමදාම ඉස්කොලේ ඇරෙන වෙලාවට සීයා ගේට්ටුව ලගට වෙලාවට ඇවිත් ඉන්නවා.පයින් ගෙදර එන ගමන් මම සීයට කියලා ටොෆියක් ,චොක්ලට් එකක් කොහොම හරි අරගන්නවා.
මම එකටම ඉගැන්නුවේ සීයට .අම්මගේ පරණ සාරියක් ඇදගෙන සීයව පුටුවේ ඉන්දලා මම එයාට උගන්නනවා.මම උගන්නපුවා
එකක් හරි වැරැද්දුවොත් පොඩි කොටුවකින් ගුටියකුත් දෙනවා.දැන් කල්පනා කරද්දි තේරෙන්නේ මම උගන්නද්දි සීයා වැරැද්දුවේ හිතාමතාම කියලා.
අම්මටයි තාත්තාටයි වැඩිය මං සීයාට ආදරේ කලා.මං ලගම හිටියේ එයා නිසා වෙන්න ඇති.දහම් පාසලේ අවුරුද්දේ අන්තිමට තෑගි දෙද්දී හැමදාම මට තෑගි හම්බුනා.ඒත් මං ස්ටේජ් එකට නැගලා තෑගි ගන්නවා බලන්න අම්මටයි තාත්තාටයි නිවාඩු තිබ්බේ නැති උනාට මං ස්ටේජ් එකට නැගලා තෑග්ග අරන් ඒ මහා සෙනග දිහා බලද්දි ඒ සෙනග මැද්දෙන් සීයා නැගිටලා අත්පුඩි ගහනවා මං බලන් හිටියා.
මගේ ජීවිතේ දිනපු පැරදුනු හැමවෙලාවෙම සීයා මාත් එක්ක හිටියා.අන්තිමේදි මං උස්මහත් වෙද්දි සීයා වයසට ගියා.අසනීප වෙලා ඇදට වැටුනත් මං හැමදාම පොතක් අරන් සීයගේ ඇද ලගට ගිහින් එයාට ඇහෙන්න කියවනවා.සීයා මාව දාල ගිහින් දැන් අවුරුදු පහකටත් කිට්ටුයි.තාමත් සීයා පාවිච්චි කරපු දේවල් ටිකක් මම පරිස්සමට අරන් තියාගෙන ඉන්නවා.ඒවා අතට ගත්තම මට සීයාගේ සුවද දැනෙනවා .
මගේ ජිවිතේ මං වැඩියෙන්ම ආදරේ කරපු මනුස්සයා තමයි මගේ සීයා.මට ලෝකේ පෙන්නුවේ එයා.වෙනස් ලෝකයක් පොත් ඇතුලේ තියනවා කියලාමට පෙන්නුවේ එයා.
මගේ සීයා දැනුත් මගේ ලග හිටියා නම් කියලා මට හිතෙන වාර අනන්තයි.
උපුටා ගැනීම: Asanthika Jayawardhana