සිදුකල බොහෝ පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ කෝලා බීම මිලිලීටර 300ක අධික සීනී ප්‍රමාණයක්(සීනී තේ හැදි 25ක් පමණ) ඇති අතර කෝලා බීම වල ඇති අධික පොස්පරස් මගින් එම සීනී වල රස බාල කරන ඔබට වින්දනීය රසයක් ලබා දෙන බවයි. ඔබ කෝලා වර්ග නිරන්තරයෙන් පානය කළ හොත් 2වෙනි අවධියේ දියවැඩියා තත්වය ඇති වීමේ අවධානම 25% කින් ඉහළ යන අතර හදවත් රෝග සෑදීමේ අවධානමද ඒ හා සමාන ආකාරයට ඉහළ යනු ලබයි. බටහිර පරීක්ෂන කණ්ඩායමක් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ කෝලා බීම වර්ග නිතර පානය මගින් කිරීටක හදවත් රෝග ඇතිවීමේ අවධානම 20% කින් ඉහළ යන බවයි.
කෝලා වර්ග වල පොස්පරික් අම්ලය සහ කාර්බොනික් අම්ලය වැඩි වශයෙන් අඩංගු වේ. මෙම අම්ල මගින් ඔබගේ මුඛයේ ආම්ලිකතාව ඉතා වැඩි කරන අතර එමගින්ම දත් දිරාපත් වීම පහසුවෙන් සිදු විය හැක. බලපෑම් 7ක් පිළිබදවය. අද අප ඔබට පෙන්වන්නේ නිතර කෝලා බීම වර්ග පානය කළහොත් ඔබට සිදුවන දේවල් 7ක් පිලිබද විස්තරයකි.
1. වකුගඩු වල රෝග ඇති කරයි
ලොව පුරා සිදු කළ පරීක්ෂණ සහ සමීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ නිරන්තරයෙන් කෝලා බීම වර්ග පානය මගින් වකුගඩු වල රෝග ඇති වීමේ අවධානම වැඩි කරන බවයි. විශේෂවෙන් කෝලා වර්ග වල අඩංගු පොස්පරික් අම්ලය වකුගඩු වල ගල් සෑදීම සදහා ප්‍රධානව බලපානු ලබයි. අධික කෝලා පනය මගින් වකුගඩු වලට අවශ්‍ය වන ඛනිජ වල අසමතුලිත තා ඇති වීම සහ අමිලිකතාවය නිසා ශරීරයයේ ඇති කැල්සියම් ප්‍රමාණය මුත්‍රා මගින් ඉවත් වේ. මෙම හේතුව නිසා නිතර කෝලා පානය මගින් වුකුගඩු වල ගල් ඇති වීම සිදු වේ.
2. පිළිකා ඇති වීමේ අවධානම වැඩි වේ
කෝලා බීම වර්ග වල දුඹුරු පැහැය ලබා ගැනීම සදහා රසායනික ක්‍රියාවලියක් යොදා ගන්නා අතර ඉහළ උෂ්ණත්ව තත්ව යටතේ සීනී, සල්ෆේට් සහ ඇමෝනියා සමග ප්‍රතික්‍රියාව මගින් කෝලා බීම වර්ග වල ඇති දුඹුරු පැහැය ලබා ගනී. මෙම ක්‍රියාවලිය සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ සංඝඨක පිළිකා සෑදීමේ අවධානම වැඩි කරන අතර නිරන්තරයෙන් කෝලා වර්ග පානය මගින් මහ බඩවැලේ පිළිකා සෑදීමේ අවධානම වැඩි වේ.
3. සෛල වලට හානි පමුණුවයි
බ්‍රිතාන්‍ය වෛද්‍ය පරීක්ෂක කණ්ඩායමක් විසින් සිදු කළ විශේෂ පරීක්ෂණයකින් අනාවරණව වී ඇත්තේ අධික ලෙස කෝලා බීම වර්ග පරිභෝජනය මගින් සෛල වලට හානි සිදු විය හැකි බවයි. කෝලා වර්ග කල්තබා ගැනීම සදහා යොදා ගනු ලබන E211 නම් රසායනික ද්‍රව්‍ය මගින් අපගේ DNA වල අත්‍යවශ්‍ය කොටස් වෙනස් කරන බවයි. එම නිසා පිළිකා සෛල වැනි අහිතකර සෛල වර්ධනය වේගවත් කරන බව ඔවුන් තවදුරටත් පවසා සිටී.
4. 2වෙනි අවධියේ දියවැඩියා තත්වයන් ඇති වීමේ අවධානම වැඩිය
ලොවපුරා මිලියන 500කට වැඩි ජනතාවක් 2වෙනි අවධියේ දියවැඩියා තත්වයෙන් පෙලේ. මෙය දිය වැඩියා තත්වය ඇති වන්නේ රුධිරගත සීනී මට්ටම ඉහළයාමෙන් සහ ශරීරයේ ඉන්සියුලීන් නිෂ්පාධනය අඩු වීමෙනි. ඔබ නිරන්තරයෙන් කෝලා බීම පානය මගින් ඒවායේ ඇති අධික සීනී ප්‍රමානය නිසා කාලයක් යාමේදී ඔබට 2වෙනි අවධියේ දියවැඩියා තත්වයක් ඇති වීමේ අවධානම වැඩි වේ.
5. දත් දිරායාම ඉක්මන් කරවයි
කෝලා බීම මිලි ලීටර 300ක සීනී ග්‍රෑම් 300ක් පමණ අඩංගු වේ. තවද පොස්පරික් අම්ලය සහ කර්බොනික් අම්ලයද වැඩි වශයෙන් අඩංගු වේ. මෙම අධික සීනී සන්ද්‍රනය සහ ආම්ලිකතාවය මගින් ඔබගේ මුඛයේ එනමලයට හානි පමුණුවන අතර ආම්ලිකතාව මගින් දත් දිරායාමට අවශ්‍ය හේතු සාධක සකස් කරයි. තවද මෙම සීනී සහ අම්ල මගින් මුඛයේ අහිතකර බැක්ටීරියා ඇති වීම පහසු කරවන අතර මෙමගින් මුඛයේ දුර්ගන්ධයක් ඇති විය හැක.
6. තරබාරු බව වැඩි කරයි
කෝලා බීම වර්ග වල ඇති අධික කැලරි ප්‍රමාණයක් අඩංගු වේ. කෝලා බීම වර්ග කුඩා කෑනයක කැලරි 140 ක් පමණ ඇත. ඔබ සෑම දවසකම කෝලා පානය කළ හොත් මාසයක් පමන යාමේදී ඔබගේ බර කිලෝග්‍රෑම් 2කින් පමණ වැඩි විය හැක. එපමනක් නොව කෝලා බීම වල ඇති ෆ්‍රක්ටෝස් මගින් ඔබගේ බඩගින්න සදහා හේතුවන ඝෙරලීන් හෝර්මෝනය උත්තේජනය නොකරන නිසා ඔබ කෙතරම් කෝලා පානය කළත් ඔබ බඩගින්නේ සිටින අයෙකුනම් කෝලා පානය මගින් ඔබගේ බඩගින්න නිවා ගත නොහැකිය. මෙම සියලු ආකාර මගින් අතිවිශාල කැලරි ප්‍රමාණයක් සිරුරේ තැන්පත් වේ එම නිසා කාලයක් යාමේදී ශරීරය තරබාරු වීමට පුලුවන.
7. හදවත් රෝග වැළදීමේ අවධානම වැඩි වේ.
කෝලා වර්ග වල ඇති අධික සීනී ප්‍රමාණය හදවත් රෝග සදහා ඍජුවම බලපානු ලබයි. මෙම අධික සීනී සන්ද්‍රනය රුධිරයේ ට්‍රයි ග්ලිසරයිඩ් මට්ටම ඉහළ නන්වන අතර LDL නැතිනම් අඩු ඝනත්ව ලිපප්‍රෝටීන් මට්ටම ඉහළ හෙලනු ලබයි. එමගින් හදවත් රෝග ඇති වීමේ අවධානම වැඩි වේ. මිනිසුන් 40000 යොදා කළ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ කෝලා බීම 1ක් හෝ සෑම දවසකම පානයක කරන අයෙකු හදවත් රෝග නිසා ජීවිතය නැති වීමේ අවධානම 20% කින් වැඩි වන බවයි.
උපුටා ගැනීම: https://news13daily.com/7-things-that-happen-if-you-drink-soda-everyday/