මිසිස් සමරවීර බණ්ඩි බබානෝ සහ සමරවීර මහතා සමග කාර්යබහුල නමුත් සුන්දර දවස් ගෙවමින් සිටින අතර දිනකට වරක් හෝ මංතුමීගෙන් දේශනයක් අහගත්තේ නැත්ත මිස්ටර් සමරවීරට එම දිනය දිනයක් නොවන බව ගැහීගොස් ඇත. ඔහුටද ලැජ්ජා නැත.මටද ලැජ්ජා නැත. කම්මනේ බල්ලා මෙන් මාගේ කච කචය අසා සිටීමට එතුමන් හුරු වීමම මාගේ ජයග්රහනයක් යැයි අට හැගෙන මුත් සමරවීර මහතානම් කියන්නේ
“ඔයා ඉතින් බබා දවස පුරාම බණ්ඩි එක්ක ඔට්ටුවෙලා ස්ට්රෙස් එකේනෙ ඉන්නෙ. ඒනිසා මට බැනලා හරි ඒක නැතිකරගන්න නැත්තන් ඔයත් පවු”
කියාය. නමුත් උදෑසනට බණ්ඩියා පැයබාගයකට හෝ බලාගැණීමට මිස්ටර් සමරවීරට ලබාදුනහොත් හිසේ කැක්කුම ඇහේ අමාරුව බඩේ අමාරුව හන්දිපත් රුදාව,පමණක් නොව විලිරුදාව වැනි එකී මෙකී නොකී රෝග රාශියක් අසරණ සමරවීර මහතාට වැලදීම මාගෙ කණගාටුවට හේතුවකි. කරුණුකාරනා එසේ වෙමින් දවස් ගෙවෙද්දි ඔන්න එක් දිනක් නානකාමරයට ගිය සමරවීර මහතා කඩිමුඩියේ කුස්සියට දිව දිත්
“නයෙක් ඉන්නවා බාතෘම් එකේ ටග්ගාලා කොස්ස දෙන්න’
කියමුන් කොස්සත් රැගෙන නානකාමරයට දිව ගිය අතර
“නයින්ට පොල්ලෙන් ගහන්නෙ නෑ බබා ඉන්න කාටහරි කතාකරමු ඔයා ඒක අස්සට යන්න එපා”
කියමින් මංතුමීද සමරවීර මහතා පසුපස දිවයන්නට විය. මේ සංවාදය අසා සිටි මාගේ පියාණෝ
“කෝ යං බලන්න “
කියා පැමිණි අතර සමරවීර මහතා නාගරාජයා සැගවී සිටින ස්තානය මාමණ්ඩීට පෙන්වන ලදි. සූදානම් ශරීරයෙන් නාගරාජයා සිටි ඇදුම පියාණෝ විසින් සෙමින් අයින් කල අතර බණ්ඩියා වන් සුට්ටන් තලගොයි පැටියෙක් බිය වී දිව යන්නට විය.
“මූද බබා නයා”
කියා පාලනය කරගත නොහැකි සිනහව අතරින් සමරවීර මහත්මිය විමසූ අතර සමරවීර මහතාගේ පිලිතුර වූයේ,
“ඔව් ඉතින් හරියටම දැක්කෙ නෑ රෙද්ද අස්සෙ ඉදන් හොම්බ දැම්මා නයෙක් වගේමනෙ බබා මන් හිතුවා නයා තමා කියලා”
උපුටා ගැනීම: Ovini Samaraweera