From Kalpana’s Kitchen
ඈ :
බබා ඔයා දන්නවා ද අද මං බටූ එක රවට්ටලා ඉව්වේ.
මා :
ඇහ් ඒ කිවේ..
ඈ :
දැන් මෙහෙමයි, මම මුලින් බටු විතරක් ලිපේ තියලා දාන්න ඔනේ ඔක්කොම දැම්මා.. එතකොට බටූ එක හිතන්නේ..
“හානේ මේ ඔක්කොම මට, මං රසට හැදෙන්න ඔනේ කියලා”
ඊට පස්සේ මම බටු එක හැදිලා ඉවර උනාම අල වෙනම තම්බලා බටූ එකට එකතූ කලා.. එතෝට බටූ වලට කරන්න දෙයක් නෑ..
මා :
හානේ
ඈ :
එතෝට ඔයා දන්නවාද පොළොස් රවට්ටලා උයන හැටි..
මා :
නෑනේ..
ඈ :
දැන් පොළොස් සාමන්යයෙන් රස කලින් දවසේ රෑ හදලා තිබ්බාමනේ.. උදේ හදනවා නම් උයපු ගමන් ඇතිලිය වහලා, කුස්සියේ ලයිට් ඔෆ් කරලා, ජනෙල් වහන්න ඔනේ,
එතොකොට පොළොස් එක හිතන්නේ,
“අනේ රෑ වෙලා, රසට හැදෙන්න ඔනේ කියලා”
මා :