දුවගේ ඉස්කොලේ මේ දවස්වල එක එක ප්රොෆෙශනස් ගැන උගන්නනවා. එක එක රස්සවල් කරන අම්මලා තාත්තලා ගෙන් ඒ ගොල්ලො තමන්ගේ ප්රොෆෙශන් එක ගැන ලෙක්චර් එකක් දෙන්න පුලුවන්ද කියලා අහලා එවලා තිබ්බා. ඉතිං එක එක සතියේ විවිධ වර්ග වල රස්සාවල් ගැන අහන්න ලැබුනා. පොලිස් නිළධාරීන්, යුනි ලෙක්චරරස්ලා, සර්ජන්ලා, ෆිසියො තෙරපිස්ට්ලා, හෙදියෝ, ලෑන්ඩ්ස්කේප් කරන අය, ගොඩනැගිලි හදන අය සහ ඉස්කොලෙට ඉන්න එකම එක ආකියා හැටියට මටත් අවස්තාවක් හම්බුනා. ඒ උනාට මේ කියන්න යන්නේ ඒක ගැන නෙවෙයි .
අපේ දුවට ඉන්නවා යාලුවෙක් ඒමි කියලා. එයා ලොකු පන්තියක උනාට පංති මික්ස් කරලා කරන විශයන් වලදි එයාව හම්බ වෙනවා. සමහර දවසට ඒමිගේ අම්මයි තාත්තයි එසෙම්බ්ලි, මීටින් වලදි හම්බ වෙනවා. ඒමිගේ තාත්තා, හම්මේ උගේ හැන්ඩ්සම්කම! කෙලිපැංචිලා ටුන්දෙනෙකුගේ තාත්තා කෙනෙක් කියලා කියන්නත් බෑ. අපි එයාට ජේසන් කියමුකො. දවසක් දුවව ගන්න ඉස්කෝලෙට ගිය වෙලාවේ. ඒමිගේ තාත්තා බාස්කට් බෝලයක් අරන් එලියේ බාස්කට් බෝල් කෝට් එකේ සෙල්ලම් කරනවා. ළමයි එනකම් බලා වෙන්න තියෙන්නෙත් ඒ හරියෙමයි. ඒ යකා ගෝල් එකට දාපු බෝලයක් රවුමේ (ring එකේ ) වැදිලා ඇවිත් හුචෑස් ගාලා මගේ ඔලුවට දොන්ත පතෝං වෙනවා. ඒ මනුස්සයා දුවන් ඇවිත් මං ඕකේද කියලා බලලා , මගෙත් එක්ක කතා කරනවා. ඉතිං ඊට පස්සෙ ඉස්කෝලේ ඕනෙම වැඩකදි ජේසන් හම්බ උනොත් මාත් එක්ක කතා කරනවා. කතා කරන්ඩම මිනිහානේ. මාත් ඉතිං උඩ පැනලා!
ඉස්කෝලෙට ගිය වෙලාවකදි මං ජේසන්ව දැක්කේ නැත්තං යෝයෝ මට පෙන්නනවා ආං ජේසන් ගොයියත් ඉන්නවා කියලා.
ගිය අවුරුද්දේ දුවගේ තව යාළුවෙකුගේ අම්මා කෙනෙක් (මිශෙල්) කෝල් කර කර ඉද්දි මට කියනවා ඒමිගේ අම්මයි තාත්තයි වෙන් වෙලා කියලා. මිශෙල් දන්නවා ජේසන් ගැන මට පොඩි කැසිල්ලක් තියෙනවා කියලා . මිශෙල්ටත් එහෙමම තමයි. අනේ ඉතිං ඒ ආරංචිය නම් සෝ සෑඩ්. මක් කරන්නද එයාලගේ තීරණ නේ.
කෝවිඩ් හින්දා දෙමව්පියන්ට ඉස්කෝලේ ඇතුලට යන්නත් බෑ. ඒමිගේ අම්මා ඉඳලා හිටලා දකිනවා, කෙල්ලො ටික ඉන්නේ එයාගේ ළඟ නිසා. ජේසන්ව නම් දකින්නේ හරිම කලාතුරකින්. ළමයින්ගේ විශේෂ සෙලිබ්රේශන් වලදි එයා එනවා. ඒත් කතා කරන්න අවස්ථාවක් හම්බ වෙන්නෙ නෑ. ඈත ඉදන් අත වනනවා. මීටරෙන් ඉන්නත් එපෑ.
ඒමිගේ තාත්තා ගිණි නිවන භටයෙක් (fire fighter) කෙනෙක් . මං මේ බලං ඉන්නේ ඌ ප්රොෆෙශන් ගැන කතා කරන්න සූම් මීටිමට එනකම්. අයිනකට වෙලා මටත් ඉන්න පුලුවන් නේ.

පහල තියෙන්නේ වික්ටෝරියන් ෆයර් ෆයිටර්ස්ලා ගේ පින්තූරයක් . නිකමට දැම්මේ. ජේසන්ගේ පින්තූරයක් දාන්ඩ බෑනේ

උපුටා ගැනීම: Achala Sirithunga