“මට දැන් මේක නතර කරගන්න බෑ” ඉන්දීය සිනමා නළු අමිතා භච්චන් යොහානි ගැන කියපු කතාව (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ කාලයෙන් කාලයට නවක ගායන ශිල්පීන් රැසක් ජනප්‍රියත්වයට පත්වෙනවා. ඒ බව රහසක් නොවෙයි. ඇත්තෙන්ම එලෙස ජනප්‍රියත්වයට පත්වන බොහෝමයක් නවක ගායන ශිල්පීන්ට සමාජ මාධ්‍ය ඔස්සේ හිමිවන්නේ ඉහළ ප්‍රතිචාරයකි. ඉතින් එලෙස මෑතකදී ලාංකීය තරුණ පරම්පරාව අතර සුවිශේෂ ලෙස ජනප්‍රියත්වයට පත් යොවුන් ගායන ශිල්පිනියක් තමයි යොහානි ද සිල්වා කියලා කියන්නේ

01

02

කොහොම නමුත් තමන්ටම ආවේනික අනන්‍යතාවයක් ගොඩනගා ගත් මේ යොවුන් ගායන ශිල්පිනියට ලංකාව තුළ පමණක් නොවෙයි ජාත්‍යන්තර වශයෙනුත් ජනප්‍රියත්වයට පත්වීමට හැකියාව ලැබී තිබෙනවා. කොහොම නමුත් විවිද ගීත ගායනය ඔස්සේ ගායන ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් ඇය, වැඩිපුරම ජනප්‍රියත්වයට පත්වූයේ cover songs ගායනයෙනුයි. ඇත්තෙන්ම ඇයට මෑතකදී සමාජ ජාලා මාධ්‍ය තුළ සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණා

03

04

ඒ ඇය ‘දෙවියන්ගේ බාරේ’ ගීතය ගයනා කිරීමෙන් අනතුරුවයි. ඇත්තෙන්ම ඇය එලෙස ගායනා කළ ගීතයට සමාජ මාධ්‍ය තුළ හිමිවූයේ ඉහළ ප්‍රතිචාරයකි. ඉන් අනතුරුව ඇය ලංකාවේ බහුතරයකගේ ආදරේ දිනාගත් ගායක යුවලක් වන භාතිය සහ සන්තුෂ් සමග ‘සිරි සඟ බෝදි’ ගීතය ගායනා කරනු ලබනවා. එලෙස ඒ ගීතය ගායනා කිරීමත් සමග ඇය ලංකාවේම අවධානයක් දිනාගත් චරිතයක් බවට පත්වුණා

05

06

කොහොමහරි ඉතින් ඇය මෑතකදී කල ‘මැණිකේ මගේ හිතේ’ ගීතය අදවන විට ලෝකේ බොහොමයක් රටවල වයිරල් වෙලා තිබෙනවා. ඇත්තෙන්ම ගීතයේ මුල් හිමිකරු සතීශාන් එක්කම කල මේ කවර් ගීතය රටවල් ගණනාවක වයිරල් වෙන්න පටන් ගත්තා වගේම ඉන්දියාවේ Spotify ගීත දර්ශකයේ ට්‍රේන්ඩින් දෙවන ස්ථානය ලබාගන්නත් සමත්වෙලා තිබෙනවා. ඒ වගේම ඉන්දීය නළු නිළියන් රැසක් ඇගේ මේ ගායනයට වශිවෙලා තිබෙනවා

07

08

කොහොම නමුත් ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අමිතා භච්චන් පවා මේ ගීතය සම්බන්ධයෙන් සිය අදහස් දක්වලා තිබුණා. ඒ ඔහුගේ සමාජ ජාලා ගිනුම්වලට සුවිශේෂ සටහනක් එකතු කරමිනුයි. එපමණක් නොවෙයි ඔහු තමන්ගේ ගීතයක් වන KALIA ගීතයේ නර්තනයට මේම ගීතය යොදලා ඔහුගේ සමාජ මාද්‍ය ගිනුමටත් එකතු කරන්නත් කටයුතු කරලා තිබුණා.

ඒ වගේම තමයි ඔහුට මෙම ගීත අහන එක නතර කරගන්න බැරි තරමටම ඔහු මේ ගීතයට ආස කරනවා කියලත් පවසලා තිබුණා

09

10

 

 

උපුටා ගැනීම:  24 Fast News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!