අද දවල් කුරුණෑගලදි මේ ටිපර් එක ඇලකට වැටෙනවා. සිද්ධිය වෙන්නෙ කුරුණෑගල ශික්ෂණ රෝහල ඉස්සරහ,
රියදුරු මහත්තයා වාහනේ ඇතුලෙ හිරවෙලා ඉද්දි මේ කළු පාට වතුර ගලන පල් ගඳ ගහන වතුරට බහින්නෙ එතන හිටිය තරුණයෝ ටික. පොලිසියේ මහත්වරුත් වැඩේට එකතුවෙනවා..
යකඩ කඳක් වෙච්ච ටිපර් රථයට යට වෙච්ච රියදුරු මහතාව බේරාගන්න අමාරුවෙද්දි මේ තරුණයෝ ටික එකතු වෙලා ටිපර් එක උස්සනවා.
අවසානයේ ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙලා තුවාල ලබපු රියදුරු මහත්මයාව රෝහලට ඇතුලත් කරන්න හැකිවෙනවා.!!
ඉතිං.. මේ තමා බොහෝ බටහිර රටවලට නැති, අපි ගාව තියෙන ලොකුම ශක්තිය.
විපතකදී එක වගේ ඒකරාශී වීම සහ මනුෂ්‍යත්වය…!!
ශ්‍රී ලාංකිකයෝ කියන්නේ හරි නායකත්වයක් තියේනම් මොන තරහ මරහ තිබුනත් එකා වගේ එකතු වෙලා වැඩ කරන්න පුලුවන් සුපිරි මිනිස්සු ටිකක්.
මතකද සුනාමිය.?
එදා සුනාමිය වෙලාවෙ ලංකාවට ආධාර කරන්න ආපු ඇමරිකානුවො පවා පුදුම වෙනවා අපේ මිනිස්සුන්ගෙ එකමුතුකම ගැන. ලොරිවලින් කද මලු බැඳන් එදා මිනිස්සු දකුණු පළාතට ගිය හැටි තාම මතකයි. ඒක අපි මුළු ලෝකෙටම දුන්නු ආදර්ශයක්. සුනාමියෙන් ඉක්මනටම ගොඩ එන්න පුළුවන් උනෙත් අන්න ඒ එකමුතුකම නිසා..
මතකද යුද්දෙ කාලෙ.?
බෝම්බ ගහල මිනිස්සු පාරවල් ගානෙ මැරිල වැටුනත්, ගම්වලට තරුණ සෙබලුන්ගෙ මළ සිරුරු මාසෙට එක ගානෙ ආවත් අපේ මිනිස්සු යුද්ධෙ නවත්තන්න කියල උද්ඝෝෂණ කරේ නෑ.
ඒ වෙනුවට තමන් යන කෝච්චියේ, බස් එකේ තිබ්බ සැකකටයුතු පාර්සල්, පුද්ගලයෝ ආදි හැම දෙයක් ගැනම විමසිල්ලෙන් ඉඳලා දෙන්න පුලුවන් උපරිම සහයෝගය දුන්නා..
මතකද පාස්කු ප්‍රහාරය.?
බෝම්බ ගහල පැයක් යද්දි ලේ බැංකුවේ ලේ නෑ කියල එක පණිවිඩයයි දුන්නෙ, පැයක් යද්දි දැන් ඇති කියන්න තරමට ලේ බැංකුව ඉස්සරහ පෝලිම තිබ්බා..
අපේ රට ගැන, මේ මිනිස්සු ගැන කවුරු මොනවා කීවත් අපේ මිනිස්සු කවදාවත් විපතක් වෙච්ච වෙලාවක අහක බලන, කා කොටා ගන්න ජාතියක් නෙවෙයි.
කොරෝනා වසංගතය දරුණුම විදියට පැතිරෙන වෙලාවක, රජයෙන්වත් ලොක් ඩවුන් එකක් නොදී ඉද්දි, තමන්ගෙ බිස්නස් කැඩිල සති දෙක තුනකට ලොකු පාඩුවක් වෙන බව දැන දැන කඩවල් ටික වහල නගර පිටින් මිනිස්සු ස්වයං නිරෝධායනේට යන්නෙත් අන්න ඒ එකමුතුකම නිසාම තමා..!!
ඉතිං අපි දැන් ඉන්නෙත් අන්න ඒ වගේ ව්‍යසනකාරී අවස්ථාවක..
මේ වෙලාවෙ මේකට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ රටේ ජනතාව විදියට අපිට තනිවම.
නමුත්, අපි එකමුතු ජාතියක්, අපි එකිනෙකාට උදව් කරගන්න, අනිකා ගැන හොයාබලන ජාතියක්.
අපිට මේකෙන් ගොඩයන්න පුළුවන්..!!
අපි මිනිස්සු විදියට එකතුවෙමු, එකතුවෙලා ගොඩයමු..
තියෙන වාද බේද, පක්ෂ භේද, ජාති භේද අමතක කරල මේ සති කීපෙට අපි අර කුරුණෑගල තරුණයෝ වගේ නියම ශ්‍රී ලාංකිකයෝ වෙමු..!!
අපිට මේ වසංගතයෙන් ගොඩයන්න පුළුවන්..!!
ඡායාරූපය : කුරුණෑගල වූ අනතුර (ඡායාරූපය මුල් හිමිකරු සතු ය.)
උපුටා ගැනීම: |සජිත් පුෂ්පකුමාර|