ඇෆ්ගනිස්ථානයේ මහ බැංකුවට අයත් ඩොලර් බිලියන 9.5කට ආසන්න වත්කම් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තහනම් කර තිබෙනවා.
ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලේ තලේබාන් නායකත්වය දරන රජයකට කිසිසේත් මුදල් ලබා නොදෙන බවයි.
ඇෆ්ගන් මහ බැංකුවේ වැඩබලන ප්‍රධානී අජ්මාල් අහමඩි කියා සිටියේ සම්බාධක ලැයිස්තුවේ ඇති සිය රජයට එක්සත් ජනපදයේ කිසිදු වත්කමක් ලබා ගත නොහැකි ලෙස අවහිර කර ඇති බවයි.
ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගත් තලේබාන් සංවිධානයට බලපෑම් කිරීම සඳහා ජෝ බයිඩන් පරිපාලනය වෙනත් ක්‍රියාමාර්ගවලට යොමුවන බවද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලා.
උපුටා ගැනීම: Gossip Lanka News