මට මතක හැටියට මේ කතාව කිව්වෙ කීර්ති සර්.
ඔන්න ලංකාවට පිටරටකින් කට්ටියක් ආවලු ලංකාවෙන් ඒ රටවල් වලට මිලදී ගන්න පුලුවන් නැවුම් පළතුරු මොනවද කියලා බලන්න. මොකද ඒ රටවල් වල කන්නේ සමහර වෙලාවට පරණ උන පලතුරුලු. එයාලට ඕනේ උනාලු රටේම තියෙන පළතුරු මොනාද කියලා බලලා ඒවගෙන් එහෙට ගෙන්වන්න පුලුවන් පළතුරු තෝරගන්න. ලොකු ව්‍යාපාරයක් හින්දා මේ විදේශීකයන්ව අඩගහගෙන යන්න ඉදිරිපත් උනෙත් ලොකු දේසපලකයෝ වගයක්ලු. යන ගමන් මෙහෙ ඉදුණු අන්නාසි කාලා කිව්වලු එහෙ අන්නාසි කියලා කන්නේ මහ ජරාවක්නේ මේවා මාර රසයිනේ කියලා. මේවා එවන්න අපේ රටට කිව්වලු. අපේ සෙට් එක කිව්වලු ඒත් ඉදුණු අන්නාසි රට යවන එක නම් හරිම අමාරුයි ගෙඩි තැලෙනවනේ කිව්වලු.
ඊට පස්සේ මෙයාලා ගියාලු මැංගුස් තියෙන පලාතකට. එහෙන් මැංගුස් කාලා මෙයාලා සාකච්චා කරාලු මේකේ නම් පොත්ත හයියයි. කිසි අවුලක් නෑ මේක නියමයි. අපේ රටට transport කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව කිව්වලු. අපේ දේසපාලකයෝ කිව්වලු ඒ උනාට වෙන රටවල් වලට යවන්න තරම් අපේ රටේ මැංගුස් හැදෙන්නේ නෑ කියලා.
අර ආව සෙට් එකේ ලොක්කට මල පැනලා කිව්වලු. මේ හලෝ වැවෙනවා අඩුයි නම් ඒවා වවන්න ඕනේ. ඒවා දියුණු කරන්න තමයි නායකයෝ විදිහට ඔයගොල්ලෝ පත්කරලා ඉන්නේ. හැම එකටම බෑ කියන්න හදන්න එපා රට දියුණු කරන්න නම් විදේශ විනිමය උපයන්න නම් මේ අපනයනය කරන්න පුලුවන් දේවල් හොයලා බලලා ඒවා දියුණු කරන්න. ඒකට තමයි මිනිස්සු බදු ගෙවලා ඔයගොල්ලොන්ව නඩත්තු කරන්නේ. එහෙම කියලා ඒ මිනිස්සු යන්න ගියාලු.
ඔයා කතාව අවුරුදූ ගානක් පරණයි. හිතලා බලන්න අපට මොනවද තියෙන විදේශ විනිමය උපයන නිශ්පාදන කියලා. මෑත ඉතිහාසයේ අපි පටන් ගත්තේ මොනවද කියලා.
රජයෙන් කියනවනම් මෙන්න මේ රටවල් වල මාකට් එකට මේවා යවන්න පුලුවන් විදිහට අපි ඒ රටවල් එක්ක සාකච්චා කරනවා. ඒකට හරියන්න මේ ෆැක්ට්‍රි හදනවා. ඔයාලා මේ නිශ්පාදන ටික දෙන්න අපි එහෙ මාකට් එකට ඒවා දාන්නම් කියලා මේ ප්‍රශ්න ගොඩක් අඩුවෙයි. එහෙම උනොත් ආඩම්බරයෙන් කියන්න පුලුවන් අපි තමයි හොදටම කරේ කියලා
උපුටා ගැනීම: Thusitha Balasooriya