මේක උනේ මන් ඉස්කෝලෙ යන කාලේ.මගේ හොදම යාළුවාගේ සීයා ලෙඩ වෙලා හිටියේ.සීයා නුවර එක්කන් යනවා මාසෙකට සැරයක් වගේ..එහෙම යන්න ගිය දවසක මාත් යාලුවාගේ ගෙදර අයත් නුවර යන්න ලෑස්ති උනේ ට්‍රිප් එකක් යන්න වගේ.
අපි කෑම වර්ග හදා ගෙන ඇදුම් ලෑස්ති කර ගත්තේ මාර සතුටින්.සීයට බෙහෙත් ගන්න යන්නේ කියල මතකත් නෑ වගේ..කොහොම හරි දවස උදා උනා.හැමෝම වෑන් එකේ සැප පහසු ආකාරයට ඉද ගත්තා.
දැන් ගමන යන අතරේ සින්දු කියනවා..සමහර අය පාන්දර නැගිට්ට නිසා ආපහු නිදි..ගොඩක් දුර ගියට පස්සේ යාළුවා ගේ අක්කා කිව්වා කෑම කමු කියලා..අපිත් ඒ වෙනකොට බඩගින්නෙ හිටියේ.. වෑන් එක නතර නොකර යන ගමන් කමු කියල.. අක්කා කිව්වා.දැන් ඉතින් අපි කෑම කනවා..අනිත් අයට දෙනවා..ඒ අතරේ තේත් බොනවා.
රියදුරු මහත්තයාටත් කන්න පාන් දුන්නා.එයත් යන ගමන් තමයි කන්නේ.එයාගේ මල්ලීත් ඉසරහ හිටියා..ඔහොම යන කොට එකපාරම ලොකු සද්දයක් එක්ක වෑන් එක පෙරලෙනවා විතරයි මට මතක..යන්තම් මතකයි මගේ පැත්තෙන් වාහනේ ගින්ඳර වගේ විසි වෙනවා.සිහිය එනකොට මගේ යාලුවාගේ අත හොඳටම අමාරුයි.හැමෝම ඉන්නේ හිටිය විදිහට නෙවෙයි කණපිට හැරිලා.ඉස්සරහා හිටපු
අයියා වීදුරු කඩා ගෙන ගොඩක් දුර වීසි වෙලා වැටිලා. ඒ වෙලාවේ එතනට ආව ගොඩක් අයගේ උපකාරයෙන් අමාරු අය ඉක්මනට අරන් ගියා..නුවර යන ගිලන් රථයක් නතර කරල සීයව දාන් ගියා. අපි බලනවා අපිට මොකද වෙලා තියෙන්නේ කියලා..මට මොකුත් වෙලා නෑ.සිහි නැති වෙලා විතරයි. කාපු කෑම බීම හැමතැනම.
පොලිසියෙන් ඇවිත් කිව්වා අපිට වලපනේ පොලිසියට යන්න කියලා.එතකොට තමයි දන්නේ අපි ඉන්නේ වලපනේ කියලා..තව ටිකෙන් පන වලේ..
පාරේ යන වාහන නතර කරල අපි දිහා බලන් ඉන්නවා.කන්න වගේ.සමහර අයියල අහනවා නංගි ඔයත් මෙකේද හිටියේ කියලා..මන් ඉතින් ඔලුව වනනවා.ඒ ගමේ අය කිව්වා අපිට පාරේ ඉන්න එපා එතනට අලි එනවා කියල.අම්මේ ඒ පාර තව බය උනා.අපි බස් එකක පොලිසියට ගියා.
නුවර සිරි නරඹන්න හිටිය අපි දවල් කෑම කෑවේ පොලිසියෙන්.
උපුටා ගැනීම: Isanka Prasadani