1963 අවුරුද්දේ දවසක තුර්කියේ ඩෙරින්කුයු කියන පළාතේ ජීවත් වුණු පුද්ගලයෙක් එයාගේ නිවෙස අලුත්වැඩියා කරමින් හිටියා. ඉතිං මේ කටයුතු අතරතුර එයා නිවෙසට පිටින් තිබුණු නිදන කාමරයක එක බිත්තියකුත් කඩලා දැම්මා. මේ බිත්තියෙන් එහා පැත්තේ උමං දොරටුවක් තියෙනවා කියලා එයා දැක්කේ ඊට පස්සේ. මේ උමඟ ඇතුළේ තිබුණු දේවල් දැකලා ඒ මනුස්සයා විතරක් නෙමෙයි, මුළු ලෝකයේම ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් මහත් පුදුමයකට පත්වුණා.
ඒ විදිහට තමයි අවුරුදු සිය ගණනක් තිස්සේ අතුරුදන් වෙලා තිබුණු ඩෙරින්කුයු භූගත නගරය
1963 අවුරුද්දේ දවසක තුර්කියේ ඩෙරින්කුයු කියන පළාතේ ජීවත් වුණු පුද්ගලයෙක් එයාගේ නිවෙස අලුත්වැඩියා කරමින් හිටියා. ඉතිං මේ කටයුතු අතරතුර එයා නිවෙසට පිටින් තිබුණු නිදන කාමරයක එක බිත්තියකුත් කඩලා දැම්මා. මේ බිත්තියෙන් එහා පැත්තේ උමං දොරටුවක් තියෙනවා කියලා එයා දැක්කේ ඊට පස්සේ. මේ උමඟ ඇතුළේ තිබුණු දේවල් දැකලා ඒ මනුස්සයා විතරක් නෙමෙයි, මුළු ලෝකයේම ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් මහත් පුදුමයකට පත්වුණා.
ඒ විදිහට තමයි අවුරුදු සිය ගණනක් තිස්සේ අතුරුදන් වෙලා තිබුණු ඩෙරින්කුයු භූගත නගරය සොයාගත්තේ.
තුර්කියේ කැපඩෝසියා කියන ප්‍රදේශයේ අඩි 200 ක් යටින් පිහිටි මෘදු ගිනි කඳු පර්වතයක් හාරාලා “ඩෙරින්කුයු භූගත නගරය” ඉදිකරලා තිබ්බේ මහල් කිහිපයක් විදිහට.
ඉතිහාසඥයන් විශ්වාස කරන විදිහට ක්‍රිස්තු පූර්ව 8 වැනි සියවසේදී මේ අරුම පුදුම භූගත නගරය ඉදිකරලා තියෙන්නේ ප්රිජියන් කිය ජන කොට්ඨාශය විසින්. බෝල්කන් සම්භවයක් සහිත “ප්රිජියන්” වරු හැඳින්වෙන්නේ ඉන්දු-යුරෝපීය මිනිස්සු විදිහට.
මිනිස්සු 20,000 කට විතර සුවපහසුව ජීවත් වෙන්න ප්‍රමාණවත් ඉඩ පහසුකම් තියෙන ඩෙරින්කුයු භූගත නගරය තුළ ආහාර ගබඩා, හරක්, එළුවෝ සහ කුකුල්ලු වැනි සතුන් ඇති කිරීමේ ස්ථාන, පාසල්, මුළුතැන් ගෙවල්, ජනතාවට නිදා ගැනීමට සහ දිවා කාලය ගතකිරීමේ ඉඩකඩ, දේවස්ථාන සහ සනීපාරක්ෂක පහසුකම්ද නිසියාකාරයෙන් ඉදිකරලා තියෙනවා.
භූගත නගරයේ ඉඳලා පොළොව මතුපිටට යනකම් හාරලා තියෙන කුඩා කුටීර තුළින් තමයි නගරයට අවශ්‍ය වාතාශ්‍රය ලබාගෙන තියෙන්නේ. ඒ වගේම නගරයට පිවිසෙන උමං මාර්ගය ඩෙරින්කුයු කඳුරය අතර ඉතාමත් ප්‍රවේශමෙන් සඟවලා පොළොව මතුපිටට සම්බන්ධ කරලා තියෙනවා. මේ වගේ පිවිසුම් උමං කීපයක්ම තියෙනවා. අපේ කතාවේ කතානායකයා බිත්තියක් කඩද්දි හම්බ වුණේ එයින් එකක් තමයි.
ක්‍රිස්තු පූර්ව 9 වැනි සියවසේ ඉඳලම අරාබි හමුදාවෝ විටින් විට කැපඩෝසියා ප්‍රදේශයට ඇතුළු වෙල්ලා කොල්ලකෑම්වල නිරත වුණා. ඉතිං කප්රිජියන්වරු මේ රහිසිගත භූගත නගරය ඉදිකරලා තියෙන්නේ ඒ අරාබි හමුදාවන් එද්දි සැඟවෙලා ඉන්න කියලයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. මේ වගේ භූගත නගර කිහිපයක්ම මේ වෙද්දි තුර්කියේ කැපඩෝසියා කියන පුරාවිද්‍යා ප්‍රදේශයෙන් හොයාගෙන තියෙනවා. ඒ වගේම 5-10 සියවස් කාලයේදී පැවැති බයිසැන්තියානු යුගයේදී මෙම නගරය වටින් විට සරණාගත කඳවුරක් ලෙසින්ද පාවිච්චියට අරගෙන තියෙනවා. බයිසැන්තියානු යුගයට අයත් කලා නිර්මාණ රාශියක් ඩෙරින්කුයු ප්‍රදේශයෙන් හොයාගෙනත් තියෙනවා.
– අනිල් කරුණාරත්න –
සොයාගත්තේ.